යාප­නයේ මණ්ඩ­තිව් ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණයේ ඉදි­කි­රීම් ලබන සතියේ සිට යළි ඇරඹේ

යාප­නයේ මණ්ඩ­තිව් ප්‍රදේ­ශයේ ඉදි­කෙ­රෙන ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණයේ ඉදි­කි­රීම් කට­යුතු ලබන සතියේ සිට යළි ආරම්භ කිරී­මට නිය­මිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය සඳ­හන් කරයි. ඒ සඳහා ලබා ගත යුතු සියලු අනු­මැ­තීන් සහ සහ­තික මේ වන විට ලබා ගෙන අව­සන් කර ඇති බවත්, ක්‍රීඩාං­ග­ණයේ ඉදිරි ඉදි­කි­රීම් කට­යුතු සඳහා අවශ්‍ය කොන්ත්‍රාත් පිරි­නැ­මීමේ ක්‍රියා­ව­ලිය ද සම්පූර්ණ කර ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය වැඩි­දු­ර­ටත් සඳ­හන් කරයි.

මේ අතර, ක්‍රීඩාං­ග­ණයේ වත්මන් තත්ත්වය සහ ඉදි­කි­රීම් කට­යු­තු­වල ප්‍රග­තිය පිළි­බ­ඳව සොයා බැලීම සඳහා තරුණ කට­යුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පසුගිය (8 වැනිදා) මණ්ඩ­තිව් ක්‍රීඩාං­ග­ණය ඉදි­කෙ­රෙන භූමියේ නිරී­ක්ෂ­ණ­යක නිරත විය.

මෙහිදී වැසි කාල­ව­ලදී ක්‍රීඩාං­ග­ණය ඉදි­කෙ­රෙන භූමිය ජල­යෙන් යට­වන බවට ඇතැම් පාර්ශ්ව­යන් විසින් ප්‍රචා­රය කර තිබූ කරුණ ද අමා­ත්‍ය­ව­ර­යාගේ ඍජු නිරී­ක්ෂ­ණ­යට ලක් විය. එම ප්‍රචා­ර­යන්හි සත්‍ය­තා­වක් නැති බව භූමියේ තත්ත්වය නිරී­ක්ෂ­ණය කිරී­මේදී පැහැ­දිලි වී තිබේ. අදාළ සියලු අනු­මැ­තීන් සහ පරි­පා­ල­න­මය කට­යුතු අව­සන් කර ඇති බැවින්, ඉදි­කි­රීම් කට­යුතු නැවත ආරම්භ කිරී­මත් සමඟ යාප­නයේ ක්‍රිකට් ක්‍රීඩා­වට මෙන්ම උතුරු පළාතේ ක්‍රීඩා යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­න­යට ද මේ ව්‍යාපෘ­තිය නව ප්‍රබෝ­ධ­යක් එක් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …