
2027 වර්ෂය සඳහා වන අයවැය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරනු ලැබුවා.
ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඔක්තොබර් මස 07 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
ජනාධිපතිවරයා විසින් අයවැය කතාව පාර්ලිමේන්තුවේ සිදු කිරීමෙන් පසු අයවැය දෙවන වර කියවීමේ විවාදය (13වැනිදා) සිට දින 07 ක කාලයක් පැවැත්වීමට නියමිතයි.අයවැය කාරක සබාව අවස්ථාවේ විවාදය 14 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වේ.
2027 අයවැය සැකෙවින් පහතින් දැක්වේ.
මැදපෙරදිග යුද්ධය අපෙගේ බලශක්ති වෙළෙඳපොළට බලපෑම් කළ අතර ඒ වෙනුවෙන් මෙරට ජනතාවට සහනාධාර වෙනුවෙන් බිලියන 144ක් වැය කරා…- අපගේ ඉලක්කය වන්නේ ආර්ථික කළමනාකරණය මෙන්ම අනාගත පරපුරට මින් ඉදිරියට අතීතයේ මෙන් ආර්ථික අර්බුදයක් ඇති නොවීමට කටයුතු කිරීමයි.
- වසර 68 කට පසු අඩුම අයවැය අගය වාර්තා කළා.
- පසුගිය දෙවසර තුළ සාර්ව ආර්ථිකය ස්ථාවර කිරීමට හැකිවුණා.
- 2025 වසරේ දී ජංගම ගිණුම ඩොලර් මිලියන 1,719ක ඉතිහාසයේ ඉහළම අතිරික්තයක්.
- මේ වසරේ ඩොලර් බිලියන 9 ඉක්මවූ විදෙස් ප්‍රේෂණ අපේක්ෂා කරනවා.
- 2022 අවසන් විට පැවති ණය ප්‍රමාණය 2025 අවසානය වනවිට 95%ක් දක්වා අඩුකරගැනීමට සමත් වුණා.
- 2022 වසරේ රාජ්‍ය ආදායමෙන් 79.1%ක් පොලී ගෙවීමට වැය වුණා. 2025 වසර වනවිට එය 45.9% දක්වාත් 2026 සැප්තැම්බර් වනවිට 39.6% දක්වාත් තවදුරටත් අඩුකිරීමට හැකි වුණා.
- 2022 දී රාජ්‍ය ව්‍යවසායන් 52ක් වෙනුවෙන් වාර්තා කළ රු බි 744.6ක සමස්ත බද්දට පෙර සුද්ද අලාභය 2025 දී රු බි 44.4 ලාභයක් බවට පත් කළා. මහා භාණ්ඩාගාරයට තිබුණු පීඩනය අඩු කරා. 2026 අගෝස්තු අවසානයේ රු බි 367 බදු පෙර ලාභයක් රාජ්‍ය ආයතන වාර්තා කළා.
- ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් නිකුත් කළ දූෂණ සංජනන දර්ශකය අනුව ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලින් ස්ථාන 14කින් ඉදිරියට පැමිණ 107 වන ස්ථානයට, ගෝලීය සාම දර්ශකය අනුව ස්ථාන 14කින් ඉදිරියට පැමිණ ගෝලීයව 67 වන තැනට පැමිණ තිබෙනවා.
- 2018 වසරේ දී ශ්‍රීලන්කන් ගුවන් සේවය ආපසු පවරා ගත් දින සිට 2025 දක්වා සමස්ත සමුච්චිත අලාභය රු බි 528ක්. භාණ්ඩාගාරයට බරක් වෙලා. විසඳුම් හොයන්න අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කරා.
- ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම නිසා 2025 සමස්ත ඉන්ධන ආනයනය වෙනුවෙන් ඩො මිලියන 4042ක්. 2026 සැප්තැම්බර් වනවිට එයට ඩො මිලියන 4487ක් වැයවුණා.
- වාහන ආනයන වෙළෙඳපොළ විවෘත කිරීම තුළ විදෙස් සංචිත 2026 ඔක්තෝබර් ඩොලර් බිලියන 7 ඉක්මවයි. මේ වනවිට ඩොලර් 1.5ක LC විවෘත කරලා. ඩොලර් බිලියන 2කට වැඩි වැය බරක් ඉන්ධන වෙනුවෙන් දැරීමට සිදුවෙනවා.
- 2025 දෙසැම්බර් මාසයේ 2.1% වාර්ෂික උද්ධමනය 2026 ඔක්තෝබර් 8.3%කට වැඩි වුණා.
- රාජ්‍ය බැංකු පුද්ගලික අංශය වෙත ලබාදුන් ණය ප්‍රමාණය 2024 හා සංසන්දනය කිරීමේදී 25%කින් ඉහළ ගියා.
- පසුගිය වසර 2ක තුළ ආර්ථික, සමාජීය ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාවට ඉහළ ප්‍රගතියක්. 2026 වන විට රේටින් සමාගම් මඟින් CC+ සිට B- දක්වා ඉහළ නංවා තිබෙනවා. බංකොළොත් වෙලා තිබුණ රටක්.
- 2025 වසරේ දී තනිව සංචාරය කරන්නන්ගේ වර්ගීකරණයට අනුව ලෝක දර්ශකයේ පළමු තැනශ්රී ලංකාවට.
- 2026 වනවිට ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කෙරේ.
- 2027 අයවැයෙන් මෙතෙක් අපි අත්පත් කරගත් ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව නව ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් වූ ප්‍රතිසංස්කරණ සහ යෝජනා ක්‍රියාවට නැංවීමයි.
- 2027 අයවැයේ උපායමාර්ගික අරමුණු 7ක්.
- 2028 ණය ගෙවීමේ මූල්‍ය ස්ථාවරය අප සතුයි. 2032 රාජ්‍ය ණය 95%දක්වා අඩු කිරීමට IMF ඉලක්කයයි. එය අභියෝගයකි.
- ක්ෂූද්‍ර මූල්‍ය ණය අධිකාරිය 2027 වසරේ ස්ථාපනය කරනවා.
- රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව පනත් කෙටුම්පත 2027 මුලදී ගෙන එනවා.
2027 අයවැය යෝජනා
- ආයෝජන ආරක්ෂණ පනත් කෙටුම්පත නීතිපති නිෂ්කාශන සඳහා ඉදිරිපත් කෙරේ.
- ජාතික සංඛ්‍යාලේඛන පනත කෙටුම්පත් කරමින් සිටිනවා.
- 2027 මුලදී රේගු ආඥ පනත සංශෝධනය කරනවා.
- නිෂ්පාදන බදු සහන පනත ඉතා ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
- නිෂ්පාදන බදු සහන පනත ඉතා ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
- මුදල් ව්‍යාපාර පනත සංශෝධනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
- ආයෝජන ප්‍රදේශ හඳුනාගෙන කොළඹින් පිටතට රැගෙනයාම සඳහා විශේෂ සහන පැකේජයක්.
- ආයෝජන ප්‍රවර්ධනය සඳහා නව විශේෂ සමාගමක් පිහිටුවනවා.
- සූදු අධිකාරී පනතට නියාමන කොන්දේසි ගෙන එනවා.
- ආනයනය සහ අපනයනයකරුවන් සියලු දෙනා‘තනි වෙළඳ කවුළුවට’
- තවත් රාජ්‍යයන් සමග නව වෙළෙඳ ගිවිසුම්වලට එළැඹෙනවා.
- චීනය සමග නව නිදහස් වෙළඳ ගිවිසුමකට අවධානය.
- ආයෝජන ප්‍රවර්ධනය සඳහා විදෙස් විශේෂඥයින්ගේ සහභාගීත්වය ඇති 100%ක් භාණ්ඩාගාරය හිමිකම් දරණ විශේෂ සමාගමක් පිහිටු වනවා. එම පුද්ගලයින්ව විශේෂ වැටුප් තලවල පිහිටුවනවා.
- කැසිනෝ සහ සූදු නියාමනයට විශේෂඥ සහාය සහිතව අවශ්‍ය නියාමන රෙගුලාසි සකස් කරලා අවසන්. ඉක්මනින් පාර්ලිමේන්තුවට.
- තෝරාගත් අපනයන භාණ්ඩ කිහිපයක් සඳහා ජාතික තනි වෙළෙඳ කවුළුවට අපනයන ව්‍යාපාරිකයින් 2027 මුල් භාගයේ සහ ආනයන ව්‍යාපාරිකයින් සහ ප්‍රතිනැව්ගත කිරීම් 2027 අගභාගයේදී. එය තවත් ප්‍රවර්ධනයට රු.මි 1990ක් වෙන් කිරීමට යෝජනා.
- චීනය සමග නව නිදහස් වෙළඳ ගිවිසුමකට අවධානය.
- ජාතික තනි ආයෝජන කවුළුව නිර්මාණයට උපදෙස් සමාගමක් ලබාගැනීම වෙනුවෙන් ලංසු කැඳවා තිබෙනවා. එය ස්ථාපිත කිරීමට රු මි 100ක්.
- යුරෝපා සංගම් ප්‍රධාන යටතේ අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා 2027 – 2030 කාලය තුළ රු.මි. 3,430ක ශ්‍රී ලංකා – යුරෝපා සංගම් තිරසාර වෙළෙඳ හා ආර්ථික ඒකාබද්ධ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා.
- ශ්‍රී ලංකා රේගුවේ ස්කෑන් පද්ධතිය පුළුල් කිරීම සඳහා ස්ථිර ස්කෑන් යන්ත්‍ර හා කන්ටේනර් ස්කෑන් කිරීමේ යන්ත්‍ර ලබාගැනීම සඳහා රු.මි. 1,000ක්
- වරාය අතර වෙළෙඳ ගනුදෙනු – ක්‍රමවේද හඳුන්වා දීම, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අපනයට යොමු කිරීම සඳහා දැනට පවතින අපනයන සඳහා ආනයන කරන ලද භාණ්ඩ බදු සහන නිෂ්කාෂණ ක්‍රියාවලිය නවීකරණයට යෝජනාවක්.
බලශක්ති අංශය
- බලශක්තිය ක්ෂේත්රයේ පරිවර්තනීය වෙනසක් අවශ්‍යයි. එයට අවශ්‍ය සැලසුම් මෙවර අයවැයට ඇතුළත් කරා. 2029 වනවිට පුනර්ජනනීය 69% දක්වා වැඩි කිරීමට සැලසුම්.
- පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ ධාරිතාව වැඩිකිරීම සඳහා රු.බි. 26.5ක ආයෝජනයක්.
- ජාල පද්ධතියේ ස්ථාවරත්වය පවත්වාගෙන යාමට නව හබරන හා මන්නාරම ස්ථානවල මෙ.වො.ඇ. 75 බැගින් වූ සමූර්ථ ධාරිත්ර 2ක් ස්ථාපිත කෙරේ.
- පාදුක්ක 220KV ජාල උපපොළෙහි මෙ.වො. 300 ධාරිතාවෙන් යුත් පහසුකමක් ආරම්භ කර 2029දී අවසන් කිරීම.
- දහවල් ලැබෙන අතිරික්ත විදුලිය ගබඩා කිරීම 2029 වනවට සමස්ත බැටරි ප්‍රමාණය මෙ.වො. 1245ක් වන ලෙස සැලසුම් කෙරේ.
- බැටරි ගබඩා පහසුකම් සහිත වහළ මත සූර්ය විදුලි පද්ධති ස්ථාපනය කරන ගෘහස්ථ පාරිභෝගිකයන් සඳහා බලශක්ති ගබඩා කිරීමට අවශ්‍ය බැටරි මිලදී ගැනීමට සහනාධාරයක්.
- බැටරි ධාරිතාව කි.වො. 1 සඳහා රු. 25,000ක සහනාධාරයක්. එය කි.වො. 10ක් දක්වා උපරිම රු. 250,000ක් ලබාදීමට යෝජනා. මේ වෙනුවෙන් රු.මි. 3500ක්
- සූර්ය බලශක්ති ගබඩා කිරීමට යොදාගැනෙන බැටරි සඳහා ආනයනයේදී අයකරන වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද (10%) ඉවත් කෙරේ.
- නොරොච්චෝලේ බලාගාරය දුවන්නේ බලාගාරය විසින්ම උත්පාදනය කරන විදුලියෙන්. එහි සමස්ත ධාරිතාව මෙ.වො. 900යි. ඉන් ගන්නේ මෙ.වො. 810යි. බලාගාරය විසින්ම ජනිත කරන මෙ.වො. 90ක් එම බලාගාරයට අවශ්‍යයි. විදුලි අස්ථාවරත්වයකදී බලාගාරයම කඩාවැටෙනවා. එමනිසා එම අතිරේක බලය ලබාදීම සඳහා මෙ.වො. 30ක ධාරිතාවෙන් යුත් බැටරි ගබඩා පද්ධතියක් ස්ථාපිත කෙරේ.
- 2030 වනවිට අවසන් කිරීමේ අරමුණෙන් කිලිනොච්චියේ සිට නව හබරණ දක්වා කි.වො. 400ක උතුරේ ප්‍රධාන සම්ප්‍රේෂණ ජාලයේ මූලික වැඩකටයුතු සඳහා රු.මි. 500ක් වෙන් කෙරේ. සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරීමට මූල්‍ය සහායක් ලබාගැනීමට අපේක්ෂිතය.
- නොරොච්චෝලේ, වාරියපොළ, මොනාරාගල, හම්බන්තොට දක්වා 220KV සම්ප්‍රේෂණ මාර්ග 2ක් හා නව හබරණ, කිරිඳිවැල 400KV සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරීමට පෞද්ගලික ආයෝජන කැඳවේ.
“අපේ සම්ප්‍රේෂණ පද්ධිතිය ආයෝජනය කරන්න පුළුවන්. අපේ විදුලිය තමයි ගෙනියන්න ඕන. අපි ඒකට ගෙවීමක් කරනවා”.
- ආසියානු සංවර්ධන බැංකුවේ ඩො.මි. 12ක ප්‍රධානයක් මත විදුලි ඒකක 180ට වැඩියෙන් භාවිතා කරන විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 3කට නොමිලේ සුහුරු මීටර් ලබාදෙනවා. ‘ලේකෝ‘ මගින් සේවා සපයන ප්‍රදේශවල ඒකක 120ට වැඩියෙන් භාවිතා කරන විදුලි පාරිභෝගිකයන්ට සුහුරු මීටර් ලබාදෙනවා.
විදුලිය බිඳවැටීම් කළමනාකරණය…
- විදුලිය බිඳවැටීම් කළමනාකරණය ඇතුළු දත්ත පාදක විදුලිය බෙදාහැරීමේ පද්ධති සැලසුම්කරණය බලගැන්වීම සඳහා බෙදාහැරීම් පාලන මධ්‍යස්ථාන 4ක් කුලියාපිටිය, පේරාදෙණිය, බත්තරමුල්ල සහ දෙහිවල ස්ථාපනය කෙරේ.
ඛණිජ තෙල්
- මන්නාරම් ද්‍රෝණියේ කොටස් 4ක් සඳහා තෙල් සහ ස්වභාවික වායු ගවේෂණය හා නිෂ්පාදනයට කැඳවා ඇති ලංසු 2027.2.2 විවෘත කෙරේ.
- ඉන්ධන ගබඩා ධාරිතාව වර්ධනය කිරීම සඳහා කොළොන්නාව ඛණිජ තෙල් සංකීර්ණයේ 2025 රු.මි. 3,746ක ආයෝජනයෙන් ටැංකි 6ක් මෙම වසර අවසානයේදී, රු.මි. 1,446ක ආයෝජනයෙන් ටැංකි 2ක්. මුතුරාජවෙල රු.මි. 3,786ක ආයෝජනයෙන් ටැංකි 3ක් ඉදිකෙරේ.
- මෙමගින් ගබඩා ධාරිතාව 126,000mකින් ඉහළගොස් දින 45ක අවශ්‍යතාව දක්වා වැඩි වේ.
ඩිජිටල් යුගයක් සඳහා සංවර්ධනය
- භාණ්ඩාගාරයේ 100% හිමිකාරීත්වය යටතේ රාජ්‍ය සේවා ඩිජිටල්කරණය සඳහා මාර්ගෝපදේශයක් ක්‍රියාවට නැංවීම සඳහා GoVTech ආයතනය යටතේ මෙහෙයුම් අරඹලා අවසන්.
- පුද්ගලික දත්ත ආරක්ෂණ පනත සංශෝධනය කර දත්ත ආරක්ෂණ අධිකාරිය සක්‍රීය කර ඇත.
- ඩිජිටල් ආර්ථිකය අධිකාරිය හා ඩිජිටල් ආර්ථිකය කවුන්සිලය ස්ථාපිත කරන පනත් කෙටුම්පත 2027 මුල් කාර්තුවේදී ඉදිරිපත් කරනවා. ඩිජිටල් ආර්ථික අධිකාරී පනනක් අපි පිහිටුවනවා.
- සයිබර් ආරක්ෂණ පනත නීතිපති වෙත නිෂ්කාශනය සඳහා ඉදිරිපත් කර ඇත. 2027 දී සයිබර් ආරක්ෂණ අධිකාරියක් පිහිටුවනවා.
- 2027 මුල් භාගයේ දී ප්රස්ම්පාදන මාර්ගෝපදේශ හඳුන්වා දීමට නියමිතයි. 2027 මුල් භාගයේ දී ඩිජිටල් මිලදී ගැනීම් සඳහා ප්රස්ම්පාදන මාර්ගෝපදේශ හඳුන්වා දීමට නියමිතයි.
- ජාතික AI ධාරිතාවයක් ගොඩනැගීම සහ වගකීම් සහගත ලෙස AI භාවිතය ප්‍රවර්ධනයට රජය සහ විද්වත් ප්‍රජාව එකම වහලක් යටතට ගෙන ඒමට කෘතීම බුද්ධිය පිළිබඳ විශිෂ්ඨතා කේන්ද්‍රය විජේරාම මාවතේ පිහිටුවනවා.
- Lanka Government Cloud එක LGC 2.0 සිට LGC 3.0 පුළුල් කිරීම සහ කෘතිම බුද්ධිය ස්වෛරීය යටිතල පහසුකම් මුලික පදනමක් ස්ථාපිත කිරීම.
- ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී සේවාවන් ඩිජිටල්කරණය හා උසස් කාර්ය සාධනයක් පෙන්නුම් කරන රාජ්‍ය ආයතන ඇගයීම සඳහා 2027 සිට ජනාධිපති ඩිජිටල් සම්මාන වැඩසටහනක්.
- Gov pay, QR සඳහා මුදල් භාවිතයෙන් තොර ගෙවීම් සඳහා අනුගත කිරීම.
- පාසල් සිසුන්ට ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා තෝරාගත් ළමුන් 750,000ක් සඳහා Broadband වවුචර්පතක් ලබාදෙනවා.
- පුද්ගලික ව්‍යාපාර සඳහා ඩිජිටල් නව ව්‍යවසායන් සඳහා වූ අරමුදල් ශක්තිමත් කරනවා. මෙයට රු මි 10,000ක් වෙන් කරනවා.
- 2027 වසර සඳහා ඩිජිටල් ක්ෂේත්රයේ පරිවර්තනය සඳහා රු මිලියන 28,500ක් වෙන් කරා. එය ලංකා ඉතිහාසයේ ඩිජිටල් ක්ෂේත්රය වෙනුවෙන් වෙන්කළ විශාලතම මුදල.
- නව සන්නිවේදන කුළුනු සඳහා වන බද්ද වසර 5කට ඉවත් කරා. අධිවේගී අන්තර්ජාල පහසුකම් දියුණු කරමින්.
- නව සන්නිවේදන කුළුනු සඳහා වන බද්ද වසර 5කට ඉවත් කරා. අධිවේගී අන්තර්ජාල පහසුකම් දියුණු කරමින් 2030 වනවිට ගමට සන්නිවේදන වැඩසටහන යටතේ සන්නිවේදන කුලුනු 573ක් ආරම්භ කරා. 2028 වනවිට මෙය ඉදිකර අවසන් වෙනවා. නව කුලුනක් වෙනුවෙන් 75%ක් හෝ රු මි 35,000 අඩු මුදල ප්‍රදානයක් ලෙස ලබාදෙනවා. විදුලි සම්බන්ධතා වෙනුවෙන් රු මි 5ක් දෙනවා.
අධ්‍යාපනය
- 2027 වසරේ සිට 2 වන සහ 6 වන ශ්‍රේණි සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මකයි.
- ගුරු විද්‍යාලවල සිසුන් සඳහා රු 10,500ක් ලෙස ලබාදුන් මුදල 2027 අප්‍රේල් මස සිට රු 20,000 දක්වා වැඩිකිරීම.
- පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් භික්ෂු සිසුන්ට ලබාදෙන රු 15ක දෛනික මුදල රු 50 දක්වා වැඩි කරන අතර, ගිහි සිසුන්ට ලබාදෙන රු 5ක මුදල රු 25 දක්වාද වැඩිකරනවා.
- ස්වෙච්ඡා දහම් පාසල් ගුරුවරු සඳහා 2027 සිට වාර්ෂික දීමනාව රු 7,500 සිට රු 12,000 දක්වා වැඩිකරනවා.
- චීන රජය විසින් ලබාදෙන පාසල් නිල ඇඳුම් එලෙසම ලබාදෙනවා.
- ද්විතීයික පාසල් සියල්ලටම විශ්වාසදායක අන්තර්ජාල සබඳතා ලබා දීම අපගේ ඉලක්කයයි. මේ වන විට මේ වසරේ ලබා දුන් සබඳතා 3,009 ක් ද ඇතුළත්ව පාසල් 6,225 කට විශ්වාසදායක අන්තර්ජාල සම්බන්ධතා ලබා දී තිබෙනවා. ඉතිරි පාසල් 750 ට කඩිනමින් ලබා දීමට කටයුතු කරනවා. ප්‍රාථමික පාසල් සඳහා ද මෙම වැඩසටහන ආරම්භ කරනවා.
- අන්තර්කරණ ඩිජිටල් ඉගෙනුම් පහසුකම් සැපයීම හා ගුරුවරුන්ගේ ඩිජිටල් සාක්ෂරතාව හා තාක්ෂණික නිපුණතා ඉහළ නැංවීම ඇතුළත් වසර 5ක් සඳහා වූ මෙම වැඩසටහන් වෙනුවෙන් රු. මිලියන 96,500 ක ඇස්තමේන්තුවක් කර තිබෙන අතර එහි මූලාරම්භය වෙනුවෙන් මෙම වසරේ වෙන් කර තිබෙන රු. මිලියන 4,000 ට අමතරව තවත් රු. මිලියන 3,000ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- මේ අනුව 2027 වර්ෂයේ ඩිජිටල්කරණය, ගුරු ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ගුරු විද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, පාසල් ගොඩනැඟිලි, පාසල් විද්‍යාගාර හා ගුරු නේවාසිකාගාර සංවර්ධනය හා නවීකරණය ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රු. මිලියන 35,000ක් වෙන් කොට තිබෙනවා.
උසස් අධ්‍යාපනය
- රු. මිලියන 8,000 ක ආයෝජනයක් සහිතව පේරාදෙණිය සහ වයඹ විශ්ව විද්‍යාලවල අංග සම්පූර්ණ වෛද්‍ය පීඨය හා සායනික ගොඩනැඟිලි ඉදිකිරීමට 2027 වසර සඳහා රු. මිලියන 450ක්.
- බහු කාර්ය ගොඩනැඟිලි ඉදිකිරීම ඇතුළුව, අධ්‍යයන හා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විශ්වවිද්‍යාලවලට රු. මිලියන 2,250ක්.
- විශ්වවිද්‍යාලයන්හි අපජල පිරිපහදු පද්ධති සංවර්ධනය කිරීම ඇතුළු සංවර්ධන වැඩ සටහන් වෙනුවෙන් රු. මිලියන 717ක් ඇතුළුව දැනට කෙරීගෙන යන ශිෂ්‍ය සුබසාධක වැඩ සඳහා රු. මිලියන 6,250ක්.
- වව්නියා විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙනුවෙන් නේවාසික පහසුකම් සැපයීම වෙනුවෙන් රු. මිලියන 2,050ක නිල නිවාස ව්‍යාපෘතිය 2027 වර්ෂයේ දී ආරම්භ කිරීමට යෝජනා.
- “දිට්වා” සුළි කුණාටුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ යටිතල පහසුකම්වලට සිදුවූ හානිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රු. මිලියන 6,150ක් ඇස්තමේන්තුවක්. 2027 වසරේ දී මෙය ඇතුළු දිට්වාවලින් හානි වූ උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රු. මිලියන 700ක්.
පර්යේෂණ, සංවර්ධන හා නවෝත්පාදන ආර්ථික පරිවර්තනයක් කරා
- රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය මඟින් සිදුකරන පර්යේෂණ හා සංවර්ධන කටයුතු අධීක්ෂණය හා නියාමනය කිරීම.
- ජාතික සංවර්ධන ඉලක්ක සහ ආර්ථික වර්ධනයට දායක වන අයුරින් පර්යේෂණ මෙහෙයවීම.
- දේශීය පර්යේෂකයන්ගේ හැකියාවන් වර්ධනය කිරීම සහ ජාත්‍යන්තර මට්ටමේ උසස් පර්යේෂණ සඳහා අනුග්‍රහය දැක්වීම.
- රසායනාගාර හා විශ්වවිද්‍යාල තුළ කෙරෙන පර්යේෂණවල ප්‍රතිඵල සමාජයට සහ කර්මාන්ත ක්ෂේත්රයට ප්‍රයෝජනවත් වන නිෂ්පාදන හෝ සේවාවන් බවට පත් කිරීම.
- රටේ අනාගත අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ජාතික පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්ති සූදානම් කිරීම.
- පර්යේෂණ මඟින් සොයාගන්න නව තාක්ෂණයන් වාණිජකරණය දක්වා ගෙනයමින් රටේ ආර්ථිකයට බද්ධ කිරීම.
අධිවේගී මාර්ග සහ මහා මාර්ග සංවර්ධනය
- මහා මාර්ග, අධිවේගී මාර්ග සහ දුම්රිය මාර්ග සංවර්ධනය සඳහා මෙවර අයවැයෙන් රු. බිලියන 251ක් වෙන් කර තිබේ.
- නව යෝජනා ලෙස රු. බිලියන 146ක් ද, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ හානිය ප්‍රතිසංස්කරණයට දිට්වා පරිපූරක ඇස්තමේන්තුවෙන් රු. බිලියන 90ක් ද ඇතුළත්ව රු. බිලියන 487ක් වැය කිරීමට අපේක්ෂා කෙරේ.
ඒ යටතේ,
- මධ්‍යම අධිවේගී මාර්ගයේ 4 වන අදියර වන කුරුණෑගල – දඹුල්ල අධිවේගී මාර්ග කොටසේ පළමු පියවර ලෙස කුරුණෑගල සිට ගලේවෙල දක්වා ඉදිකිරීම සඳහා රු. මිලියන 30,000ක්.
- රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කහතුඩුව සිටි ඉංගිරිය දක්වා සංවර්ධනය කිරීමට 2027 වසරේ රු. මිලියන 27,000ක්.
- මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මිරිගම කොටස 2028 සැප්තැම්බර් වන විට වැඩ අවසන් කිරීම අරමුණු කරගනිමින් 2027 වසර සඳහා රු. මිලියන 53,450ක්.
- මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර – රඹුක්කන කොටස 2027 මැයි වන විට වැඩ අවසන් කිරීම අරමුණු කරගනිමින්, 2027 වසර සඳහා රු. මිලියන 4,500ක්.
- මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන – ගලගෙදර කොටස 2029 ජූලි වන විට වැඩ අවසන් කිරීම අරමුණු කරගනිමින් 2027 වසර සඳහා රු. මිලියන 23,050ක්.
- කුරුණෑගල – දඹුල්ල අධිවේගී මාර්ගය ආශ්රිත සම්බන්ධක මාර්ග සංවර්ධනය සඳහා රු. මිලියන 500ක් ද, පොතුහැර – ගලගෙදර අධිවේගී මාර්ගය ආශ්රිත සම්බන්ධක මාර්ග සංවර්ධනය සඳහා රු. මිලියන 5,000ක් ද හා කඩවත – මීරිගම, මධ්‍යම අධිවේගී මාර්ගයන් සංවර්ධනය සඳහා රු. මිලියන 3,000ක්.
දුම්රිය විද්‍යුත්කරණය
- ප්‍රධාන දුම්රිය මාර්ග තුනක් විද්‍යුත්කරණය කිරීම සඳහා රු. බිලියන 1,200කට අධික ආයෝජනයක් සිදුකිරීමට නියමිතයි. පළමු අදියර සඳහා 2027 වසර වෙනුවෙන්;
- කැලණිවැලි – මරදාන සිට හෝමාගම දක්වා විද්‍යුත්කරණයට රු. මිලියන 45,000ක්
- ප්‍රධාන දුම්රිය මාර්ගය – මරදාන සිට රාගම දක්වා විද්‍යුත්කරණයට රු. මිලියන 16,400ක්
- වෙරළබඩ දුම්රිය මාර්ගය – මරදාන සිට පානදුර දක්වා විද්‍යුත්කරණයට රු. මිලියන 17,700ක්
- ඉඩම් අත්පත් කරගැනීම ඇතුළු අනෙකුත් මෙහෙයුම් වියදම් වෙනුවෙන් රු. මිලියන 900ක් ද ඇතුළුව රු. මිලියන 80,000ක් වෙන් කිරීමට යෝජනා කෙරේ.
වරාය සංවර්ධනය
- කොළඹ වරාය හා ඒ ආශ්රිත සේවාවන් සංවර්ධනය කිරීම රටේ ආර්ථිකයට ඉහළ වැදගත්කමක් ගෙන දෙනවා. 2040 වර්ෂය වන විට එහි නැව්ගත කිරීමේ සමස්ත ධාරිතාවය අඩි 20 බහාලුම් ඒකක (TEUs) මිලියන 30 ඉක්මවා ඉහළ නැංවීම,
- ප්‍රති- අපනයන නැව්ගත කිරීම හා සේවා සැපැයුම් මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම ඉලක්කයයි.
- ශ්‍රී ලංකා වරායන් වෙත පැමිණෙන නෞකා සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමඟ, ඉන්ධන පිරවුම් (Bunkering) ධාරිතාවය පුළුල් කිරීමට හා ශක්තිමත් කිරීමටත්, ශ්‍රී ලංකාව තරගකාරී කලාපීය ඉන්ධන පිරවුම් මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමටත් විශාල විභවතාවයක් පවතී.
- ඒ අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සහයෝගය ඇතිව, ඉදිකිරීම්-මෙහෙයුම්- පවරාදීමේ (BOT) පදනම මත කොළඹ වරාය තුළ පුද්ගලික අංශයේ දායකත්වය යටතේ මෙට්‍රික් ටොන් 50,000 ක ධාරිතාවයකින් ඉහළ නැංවීමට අපේක්ෂා කරනවා.
ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධනය
- බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ රු. මිලියන 15,000ක ආයෝජනයෙන් පළමු පර්යන්තයේ ධාරිතාව මිලියන 6 සිට 9 දක්වා වර්ධනය කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ.
- ප්‍රමාදවී තිබෙන දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) සහයෝගය ඇතිව ඉදිකිරීමේ කටයුතු ඉතා ඉක්මණින් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
දේශීය ගුවන් තොටුපොළ
- සීගිරිය දේශීය ගුවන්තොටුපොළෙහි මගී පර්යන්තය ඇතුළු පහසුකම් වැඩි දියුණු කිරීමට රු. මිලියන 100ක්.
- චීන වරාය ගුවන් තොටුපොළ මගී පර්යන්තය ඇතුළු පහසුකම් වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගම විසින් 2027 වසරේ දී අවශ්‍ය ආයෝජන සිදුකරනු ලබයි.
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්රය
- ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්රය නගාසිටුවීම සඳහා 2027 වසරේ දී පොලී සහනාධාරය වෙනුවෙන් හා බැංකු වෙත ප්රතිමූල්යනය වෙනුවෙන් රු.මි. 67,687ක් වෙන්කෙරේ.
- ඒ සඳහා පහත සඳහන් ණය යෝජනාක්‍රම යටතේ රු.බි. 174ක් සහනදායි ණය ලෙස ලබාදීමට අපේක්ෂිතය.
- ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය යළි පණ ගැන්වීම සඳහා වන ප්රතිමූල්ය සහ පොලී සහන ණය යෝජනා ක්‍රමය
- ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය සහාය මත ක්‍රියාත්මක වන යෝජනාක්‍රම
- සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා වන ඔඩපන ණය යෝජනා ක්‍රමය
- කාන්තා මූලික පවුල් නඟා සිටුවීමේ ණය යෝජනා ක්‍රමය
- ග්‍රාමීය ව්‍යවසායන් සවිබල ගැන්වීමේ වැඩසටහන
- ධීවර කර්මාන්තය ආශ්රිත මහා පරිමාණ ව්‍යවසායකයින් සඳහා වන සහනදායි ණය
- ගෘහාශ්‍රිත සංචාරක නවාතැන් පහසුකම් ණය යෝජනා ක්‍රමය
- සමස්ත ණය යෝජනා පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හා ‘1819’ ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී ඇත.
කෘෂිකර්මාන්තය
- තනි තනිව වගාවන් සිදුකිරීම වෙනුවට, සාමූහික “යාය” නිෂ්පාදන ප්‍රවේශයක් හඳුන්වා දීමට රු. මිලියන 400ක්.
- රසායනික පොහොර හා කාබනික පොහොර ඒකාබද්ධ භාවිතය ප්‍රවර්ධනය කිරීම ඇතුළු ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණ පද්ධතියක් (IPNM) වෙනුවෙන් වසර 4 ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට 2027 වසර සඳහා ආරම්භයක් ලෙස රු. මිලියන 47ක්.
- පොහොර සහනාධාරය වී වගාව සඳහා හෙක්ටයාරයක් වෙනුවෙන් රු. 30,000ක් ලබා දීමට අපේක්ෂිත අතර ඒ සඳහා රු. මිලියන 44,000ක්.
සමාජ ආරක්ෂණය හා සවිබල ගැන්වීම
- දුප්පත් සහ අන්ත දුප්පත් කාණ්ඩයන්ට අස්වැසුම ප්රතිලාභ තවදුරටත් ලබා දෙමින් 2027 වසරේ දී අස්වැසුම ඇතුළු සමාජ ආරක්ෂණ දීමනා සඳහා රු. බිලියන 230ක් වෙන් කර තිබේ.
- වකුගඩු රෝගීන් සඳහා ලබා දෙනු ලබන මාසික දීමනාව රු. 10,000 සිට 12,500 දක්වා රු. 2,500කින් ඉහළට.
- ආබාධ සහිත පුද්ගලයන් සඳහා ලබා දෙන මාසික දීමනාව රු. 10,000 සිට රු. 12,500 දක්වා රු. 2,500කින් ඉහළට.
- ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරය යටතේ, ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට රු. මිලියන 25,000ක්.
- ආබාධ සහිත දරුවන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදිකිරීමට සහ ප්‍රවාහන පහසුකම් සැපයීමට රු. මිලියන 200ක්.
පශු සම්පත් සංවර්ධන
- ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයෙහි හඳුනාගත් ගොවිපළ ‘අභිජනන ගොවිපොළ‘ ලෙස සංවර්ධනය කෙරේ.
- නිකවැරටිය ගොවිපළෙහි ‘කිරිගව සහ මී ගවයන්‘, හොරකැලේ ‘ඌරන්‘, සිරින්ගපාත ගොවිපළෙහි ‘ බැටළුවන්‘ සඳහා විශේෂිත න්‍යෂ්ටික ගහනයන් ස්ථාපනය කිරීමට රු.මි. 1,800ක්.
- බස්නාහිර සහ වයඹ පළාත් කේන්ද්‍ර කරගනිමින් කුකුළු මස් හා ඒ ආශ්රිත අතිරේක නිෂ්පාදන අපනයනය සඳහා විශේෂිත ආර්ථික කලාපයක්.
- මිල්කෝ බඩල්ගම නව කිරි සැකසුම් කර්මාන්ත ශාලාවේ ඉතිරි වැඩ අවසන් කර මිල්කෝ කර්මාන්ත ශාලාව එහි ස්ථාපිත කිරීම වෙනුවෙන් රු.මි. 3,000ක්.
- පුත්තලම, මන්නාරම හා මඩකලපුව දිස්ත්‍රික්කවල එළු ගොවිපලවල් ස්ථාපිත කිරීම සඳහා දැනට වෙන්කර ඇති රු.මි. 200ට අමතරව තවත් රු.මි. 300ක්.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්
- ශ්‍රී ලංකීය සම්භවයක් සහිත විදේශගත ප්‍රජාවගේ දෙවන හා තුන්වන පරම්පරාවන් වෙනුවෙන් “ගෝලීය ශ්‍රී ලාංකික උරුම පුරවැසි” වැඩසටහනක් හඳුන්වා දීම.
- ඒ අනුව ද්විත්ව පුරවැසිභාවය ඉල්ලුම් කරන අයදුම්කරුගේ කලත්‍රයාට, දූදරුවන්ට මෙන්ම තුන්වන පරම්පරාවේ දරුවන්ට කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට අප යෝජනා කරනවා.
- විදේශගත ශ්‍රමිකයන්ගේ නිවාස අවශ්‍යතා සපුරාලීම සඳහා රු. ලක්ෂ 50ක් දක්වා වූ ඉහළ සහන සහිත නිවාස ණය යෝජනා ක්‍රමයක්
- මෙම යෝජනා ක්‍රමය යටතේ, රු. ලක්ෂ 30ක් දක්වා 10%ක පොළී සහනාධාරයක් ද ඉතිරි රු. ලක්ෂ 20 සඳහා 5%ක පොළී සහනාධාරයක්.
- පළමු රු. ලක්ෂ 30 සඳහා 6% ක දායකත්වයක් රජය විසින් ද, 4% ක දායකත්වයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ද ඉතිරි රු. ලක්ෂ 20 සඳහා 3% ක දායකත්වයක් රජය විසින් ද, 2% ක දායකත්වයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ද දැරීමට යෝජනා කෙරේ.
ආපදා කළමනාකරණය
- JICA ප්‍රදානයක් ලෙස ලැබුණු, නිරවද්‍යතාවයෙන් ඉහළ කාලගුණ පුරෝකථනයන් සඳහා නවීන ඩොප්ලර් රේඩාර් පද්ධතිය ස්ථාපනය කිරීම 2027 වසරේ ආරම්භ කෙරේ.
- ආපදා අවස්ථාවලදී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂිත මධ්‍යස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට රු. මිලියන 1,000ක්
- පූර්ව අනතුරු ඇඟවීම ශක්තිමත් කිරීමට අත්‍යවශ්‍ය ආපදා ප්‍රතිචාර උපකරණ ලබා දීම සඳහා රු. මිලියන 500ක්.
- දිවයින පුරා ක්‍රියාත්මක ඩිජිටල් ගුවන්විදුලි සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කිරීමට රු. මිලියන 670ක්.
- දැනට පවතින වෙරළ ආශ්රිත පූර්ව අනතුරු ඇඟවීමේ කුළුණු 77ක් ප්‍රතිසංස්කරණය කිරීම හා දිස්ත්‍රික්ක 25හි ගංවතුර, නායයෑම් සහ සුනාමි අවදානම් සහිත ප්‍රදේශ ආවරණය වන පරිදි නව ගොඩබිම් කුළුණු 120ක් ඉදිකිරීමට සහ බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කිරීමට රු. මිලියන 500ක්.
- ඉහත යෝජනා ද ඇතුළත්ව නව ආපදා කළමනාකරණ ව්‍යාපෘති 13ක් සඳහා රු. මිලියන 2,900ක්.
සෞඛ්‍ය සේවය
- සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීම සඳහා ප්‍රාග්ධන වියදම් රු බිලියන 131ක් වෙන් කර තිබේ.
- තඹුත්තේගම මුලික රෝහලට නවීන පහසුකම් සහිත හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම සඳහා රු. මි 300ක්.
- සෞඛ්‍ය සේවා තුළ අවුරුදු 20කට වඩා පැරැණි ගිලන් රථ 400ක් වන අතර එයින් 50% ක් පමණ ගිලන් රථ අවුරුදු 25කට වඩා පැරැණි ගිලන් රථ වේ.
- පැරණි ගිලන් රථ වෙනුවට නව ගිලන් රථ පද්ධතියට එක් කිරීම සඳහා 2027 වර්ෂයේ දී රු. මිලියන 3,000ක්.
- පාසල් ළමුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීම සඳහා රු. මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා කරයි.
ක්‍රීඩා
- ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම සඳහා ජාතික ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයක්. මුල් අදියර ටොරින්ටන් ක්‍රීඩාංගනය ආශ්‍රිතව. දෙවන අදියර දියගම ක්‍රීඩා සංකීර්ණය තුළ. ඒ සඳහා රු.මි. 300ක්.
- සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණ හා සුගතදාස ධාවන පථය ඉදිකිරීම සඳහා රු. මිලියන 1,500ක්.
- අනුරාධපුර ක්‍රීඩා සංකීර්ණයේ මී. 400 කෘත්‍රිම ධාවන පථය ඇතුළු ඉදිකිරීම සඳහා වෙන්කර ඇති රු.මි. 50, රු.මි. 1,000 දක්වා ඉහළ නැංවීමට යෝජනා.
ජාත්‍යන්තර ක්‍රීඩා තරගවල ජයග්‍රහණ වෙනුවෙන් ඇගයීම් දීමනා
- ඔලිම්පික් රන් පදක්කම – රු.මි. 100
- ලෝක මලල ක්‍රීඩා රන් පදක්කම – රු.මි. 100
- පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම – රු.මි. 75
- ආසියානු රන් පදක්කම – රු.මි. 50
- සාර්ක් රන් පදක්කම – රු.මි. 15
මීට අනුරූපීව එම තරගවල රිදී හා ලෝකඩ පදක්කම් සහ සෙසු ජාත්‍යන්තර තරග වෙනුවෙන් ද ඇගයීම දීමනා ලබාදීමට යෝජනා.
සංචාරක අංශය
- මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට සංචාරකයින්ගේ පැමිණීමෙන් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 2,245කි.
- සිංහරාජ සදාහරිත වර්ෂා වනාන්තරය කේන්ද්‍ර කරගනිමින්, Southern Mist Triangle ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනයට රු. මිලියන 300ක්.
- මධ්‍යගත මාර්ගගත ඊ – ටිකට්පත් පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් සපයනු ලබන රු. මිලියන 133ක ප්‍රාග්ධන දායකත්වයට අමතරව රු. මිලියන 35ක් වෙන් කරේ.
- කොළඹ කොටුව ආශ්‍රිතව පිහිටි ඓතිහාසික හා පෞරාණික ගොඩනැඟිලි ඒවායේ ඓතිහාසික වටිනාකම් ආරක්ෂා වන පරිදි ප්‍රතිසංස්කරණය කර සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කරනවා.
- ශ්‍රී ලංකාව ආරක්ෂිත සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට විශේෂිත පුහුණුවක් ලබාදීම, බහුභාෂා හැකියාවන් සහිත නිලධාරීන් යෙදවීම, ප්‍රධාන සංචාරක ස්ථාන ආශ්‍රිතව විශේෂ මුර සංචාර ඒකක පිහිටුවීම සහ පැය 24 පුරා ක්‍රියාත්මක වන සංචාරක හදිසි දුරකථන ඇමතුම් සේවාවක් හා ජංගම යෙදුමක් හඳුන්වාදීම මඟින් සංචාරකයන්ට කඩිනම් සහ කාර්යක්ෂම ආරක්ෂක සේවාවක් සැලසීම.
ප්‍රවාහනය
- දුම්රිය හා මගී බස් රථ සේවා නවීකරණය කිරීම, ප්‍රවාහන ජාල අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම සහ තිරසර මහජන ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීම සඳහා වාර්තාගත රු. මිලියන 95,000ක්.
- කොළඹ ආශ්රිත මෙට්‍රෝ බස් සේවාව මහනුවර, ගාල්ල සහ යාපනයටත්.
- කඳුකරයට ආසන 22 ප්‍රමාණයේ කුඩා බස් රථ 50ක් මිලදී ගැනීමට රු. මිලියන 1,000ක්.
- ග්‍රාමීය ප්‍රදේශ සඳහා ආසන 33 ප්‍රමාණයේ කුඩා බස් රථ 200ක් ලබා ගැනීමට රු. මිලියන 4,000ක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වේරහැර භූමියේ ස්ථාපිත කිරීම සඳහා රු. මිලියන 600ක්.
- රථවාහන ලියාපදිංචි කිරීමේ හා හිමිකාරීත්වය පැවරීමේ ක්‍රියාවලිය සඳහා නවීන ඩිජිටල් පද්ධතියක් ස්ථාපිත කිරීම වෙනුවෙන් රු. මිලියන 700ක්.
- නව ඩිජිටල් රියදුරු අකුසලතා ලකුණු පද්ධතිය සහ මාර්ග ආරක්ෂණ බලාත්මක කිරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා රු. මිලියන 1,500ක්.
- දුම්රිය සේවය සඳහා නව දුම්රිය 5ක් මිල දී ගැනීමට රු. මිලියන 5,000ක්.
- නිසි පරිදි නඩත්තුවට ලක් නොවූ දුම්රිය ස්ථාන අලුත්වැඩියා කිරීමට 2027 වර්ෂයේ රු. මිලියන 2,000ක ප්‍රතිපාදන වෙන් කෙරේ.
- මහනුවර දක්වා දුම්රිය 2027 වසරේ පළමුවැනි කාර්තුව ඇතුළත ධාවනය කිරීමට අපේක්ෂා කෙරේ.
- උඩරට දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර 2027 වසරේ මැද භාගය වන විට බදුල්ල දක්වා දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වේ.
පානීය ජල සම්පාදනය
- ජනතාවට පිරිසිදු පානීය ජලය අඛණ්ඩව සැපයීම, සනීපාරක්ෂක පහසුකම් පුළුල් කිරීම සහ කර්මාන්ත ඇතුළු ආර්ථික ක්‍රියාකාරකම් සඳහා ප්‍රමාණාත්මකව ජලය සැපයීමට රු. මිලියන 77,000ක් වෙන් කෙරේ.
- පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා යාපනය, මන්නාරම, මුලතිව්, වවුනියා, නාගදීපය, වාලච්චේන, කෝට්ටේ, ඇතුළු නව ව්‍යාපෘති 13ක්ට රු. මිලියන 5,190ක්.
- දිවයින පුරා පවතින ප්‍රජා ජල සැපයුම් යෝජනා ක්‍රම වැඩිදියුණු කිරීම සඳහා රු. මිලියන 2,000ක්.
- සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම සහ අපජලය විධිමත්ව කළමනා කරණය කිරීමේ අරමුණින් ඇල්ල, මොරටුව හා ඒ කල අපජල කළමනා කරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රු. මිලියන 1,740ක්.
පරිසර කළමනාකරණය
- වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවා ශක්තිමත් කිරීම සඳහා අඩවි ආරක්ෂකයින් 114ක් බඳවා ගැනීමට ප්‍රතිපාදන.
- නාච්චාදුව වැව හා මහ කනදරාව වැව අතර පිහිටි අලිමංකඩ වනජීවී රක්ෂිතයක් ලෙස ප්‍රකාශ කෙරේ.
- නව විදුලි වැට ඉදි කිරීමටත්, පවතින විදුලි වැට ප්‍රතිසංස්කරණය කිරීමටත්, රු. මිලියන 250ක්.
වනසතුන්
- වනසතුන්ට ප්‍රතිකාර ලබාදිය හැකි රෝහලක් අනුරාධපුර, නුවරගම් රක්ෂිතයේ ඉදිකිරීමට අක්කර 3ක භුමියක් හඳුනාගෙන ඇත. එම රෝහල වෙනුවෙන් වනජීවී අරමුදලෙන් රු.මි. 700ක්.
- අතරමං වනඅලි පැටව් පුනරුත්ථාපනය කිරීමට පොළොන්නරුවේ අක්කර 15ක භූමියක නව ඇත් අතුරු සෙවනක් ඉදිකිරීමට ඇස්තමේන්තුගත රු.මි. 5,000ක ප්‍රතිපාදන අදියර කිහිපයකින්.
- අනතුරට ලක්වන කැස්බෑවුන්, ඩොල්ෆින් ආදී සමුද්‍ර ජීවීන්ට ප්‍රතිකාර කිරීම හා පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් දොඩන්දුවේ අක්කර 2ක භූමි ප්‍රමාණයක. මේ වෙනුවෙන් රු.මි. 50ක්.
නිවාස සහ නාගරික සංවර්ධනය
- අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව විසඳීම සඳහා ” තමන්ගෙම තැනක් -ලස්සන ජීවිතයක්” වැඩසටහන යටතේ නිවාස 70,000 ක් ඉදිකිරීම බලාපොරොත්තු වෙනවා. දැනට ආරම්භ කර ඇති මෙම වැඩසටහන තුළ 2027 වසරේ නව නිවාස 10,000 ක් ඉදිකිරීමට අපේක්ෂා කරනවා.
- නිවසක් වෙනුවෙන් ලබා දුන් ආධාරය රු. ලක්ෂ 10 සිට රු. ලක්ෂ 15 දක්වා වැඩි කරන අතර ඒ වෙනුවෙන් දැනට වෙන් කර තිබෙන ප්රතිපාදනය රු. මිලියන 15,000 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා.
- යුද්ධය හේතුවෙන් අවතැන් වූ පවුල් 13,000ක් තවමත් නැවත පදිංචි කිරීමේ කටයුතු සිදු කර නොමැති එම පවුල් වසර 2ක් තුළ නැවත පදිංචි කර අවසන් කිරීමට රු. මිලියන 6,000ක් වෙන් කර ඇති අතර තවත් රු මිලියන 4,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- දිට්වා නිවාස ව්‍යපෘතිය යටතේ නිවාස ඉදිකිරීම සඳහා රු. මිලියන 90,000ක් පරිපුරක ඇස්තමේන්තුව මඟින් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
- නාගරික අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස 16,000කට අධික ප්‍රමාණයක ඉදිකිරීම් පූර්ණ වශයෙන් අවසන් කර ඇති අතර තවත් නිවාස 5,000ක ඉදිකිරීම් අර්ධ වශයෙන් අවසන් කර තිබෙනවා.
- මීතොටමුල්ල සහ කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශවල නව නිවාස සංකීර්ණවල ඉදිකිරීම් ආරම්භ කිරීම ද යෝජනා කරනවා. මේ සියලු නිවාස ව්‍යාපෘති සඳහා රු. මිලියන 26,820 ක් වෙන් කර තිබෙනවා.
- ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින්, මාලිගාවත්ත සහ යක්කල ප්‍රදේශවල නව මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘති 2ක් පෙර විකුණුම් ක්‍රමවේදය මත 2027 වසරේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
- නගර 19 ක්, ත්‍රිකුණාමලය, කන්තලේ, කල්මුණේ, දෙහිවල, කළුතර, පානදුර, මතුගම, මහරගම, රත්නපුර, කෑගල්ල, බණ්ඩාරවෙල, ඇල්ල, ගාල්ල, අකුරැස්ස, කුරුණෑගල, පුත්තලම, නාත්තණ්ඩිය, කිරිබත්ගොඩ සහ නුවර එළිය නගර, සංවර්ධන කටයුතුවලට රු.මිලියන 65,000 ක ව්‍යාපෘති ඇස්තමේන්තුවකින් ලබාදී ඇති ප්‍රතිපාදනයන්ට අමතරව 2027 වසරට රු. මිලියන 5,000ක්.
- රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවය කරන හා තමන්ගේ ව්‍යාපාරයක යෙදෙන පවුල්වල නිවාස ගැටලුව විසඳීම සඳහා රජය, පෞද්ගලික අංශය, බැංකු හා මූල්‍ය සමාගම් ඒකාබද්ධව නිවාස සැපයීම දිරිගැන්වීමට ඉදිරි වසර 5ක කාලය තුළ ප්‍රධාන නගරවල මහල් නිවාස ඒකක 10,000ක්.
නාගරික ගං වතුර පාලනය
- නාගරික ගංවතුර පාලනය සහ පරිසරය පද්ධතීන් වැඩිදියුණු කිරීම ඉලක්ක කරගත් ව්‍යාපෘති වෙනුවෙන් රු. මිලියන 3,200 ක් වෙන් කර තිබෙනවා.
- වැසි ජලය කළමනාකරණය සඳහා රු. මිලියන 7,700 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
- බේරේ වැව තිරසර ලෙස සංවර්ධනය කටයුතු ක්‍රියාත්මක කිරීමට රු. මිලියන 900 ක් වෙන් කර තිබෙනවා.
- නාගරික ගංවතුර පාලනය සඳහා තිරසර විසඳුම් සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලැස්මක් සැදීම සඳහා රු. මිලියන 250 ක් වෙන් කළා. එම සැලැස්ම මේ වන විට සකස් කරමින් පවතිනවා.
අධිකරණය
- යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, මන්නාරම, නුවරඑළිය, කෑගල්ල, ගම්පහ, කලුතර, මහනුවර, සහ කොළඹ පවත්නා අධිකරණවල පහසුකම් පුළුල් කරමින් සංවර්ධනය කිරීම සඳහා රු. මිලියන 5,115ක්.
- රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු පුර්ණ ලෙස ඩිජිටල්ල්කරණය කිරීම වෙනුවෙන් රු. මිලියන 60ක්.
- කොළඹ බන්ධනාගාර සංකීර්ණයේ පවතින දැඩි තදබදය නිසා එම බන්ධනාගාර සංකීර්ණ මිල්ලෑව ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීම ආරම්භ කිරීම වෙනුවෙන් මෙවර අයවැයෙන් රු මිලියන 300ක මුදලක් වෙන් කිරීමට යෝජනා.
- ගාල්ල බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කර බූස්ස ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය 53 කිරීම ආරම්භ කිරීම සඳහා මෙවර අයවැයෙන් රු. මිලියන 500 ක මුදලක් වෙන් කිරීමට යෝජනා.
- වාරියපොල සහ වටරැක බන්ධනාගාර වල රඳවා ගැනීමේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා එම බන්ධනාගාර පුළුල් කිරීම වෙනුවෙන් රු. මිලියන 1,000 ක් වෙන් කර කෙරේ
- මාතර බන්ධනාගාරය, මාතර කොටවිලවත්ත ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමට රු. මිලියන 500ක් වෙන් කර තිබේ.
ජාතික ආරක්ෂාව
- ආරක්ෂක අංශ මඟින් පවත්වා ගෙන යනු ලබන පර්යේෂණ, ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ, “ආරක්ෂක සංවර්ධන පර්යේෂණ මධ්‍යස්ථානය” පිහිටුවීම සඳහා ප්‍රතිපාදන රු මිලියන 250ක් වෙන් කර තිබෙනවා.
- 2009ට පෙර හමුදාවට බැඳුණු රණවිරුවන්ගේ දෙමාපියන්ට දක්වන ගෞරවයක් වශයෙන්, දැනට මවට හා පියාට ගෙවන රු. 750 ක මාසික දීමනාව ඉහළ දැමීම සඳහා සහ එය 2027 ජූලි මස සිට ක්‍රියාත්මක කිරීම සඳහා වැඩ පිළිවෙළක්.
රාජ්‍ය අංශයේ වැටුප් හා විශ්‍රාම වැටුප්
රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ගේ ප්‍රවාහන දීමනා
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 05/2016 යටතේ නිල වාහනයක් සඳහා හිමිකම් ලබන නමුත්, නිල රාජකාරි ඉටු කිරීමේ දී තම පෞද්ගලික වාහන භාවිත කරනු ලබන විධායක නිලධාරීන්ට මාසිකව රු. 50,000ක ප්‍රවාහන දීමනාවක් ගෙවනු ලැබේ. එය රු. 100,000 දක්වා වැඩි කිරීමට යෝජනා.
සම්පුර්ණයෙන් විදුලි බලයෙන් ධාවනය කරන පෞද්ගලික වාහන භාවිතා කරන නිලධරයන්ට, විදුලි බලයෙන් ධාවනය වන වාහන භාවිතය දිරි ගැන්වීමේ අරමුණෙන්, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 13/2008(V) අනුව ගෙවනු ලබන මාසික දීමනාව 2027 ජුලි සිට 150% කින් ඉහළ නැංවීමට යෝජනා.
සෞඛ්‍ය අංශයේ දීමනා
වෛද්‍ය නිලධාරීන්ට ගෙවනු ලබන ‘DAT’ දීමනාව රු. 70,000 සිට රු 95,000 දක්වා රු. 25,000කින් වැඩි කිරීමට යෝජනා.
සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය සේවාවන්හි නිලධාරීන්ගේ මාසික විශේෂ රාජකාරි දීමනාව රු. 6,000 සිට රු. 12,000 දක්වා ද, අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මාසික විශේෂ රාජකාරි දීමනාව රු. 2,000 සිට 4,000 දක්වා ද වැඩි කිරීමට යෝජනා.
සෞඛ්‍ය අංශය සඳහා යෝජනා කරන ලද ඉහත දීමනා වැඩි කිරීම පියවර දෙකකින්. ඒ අනුව වැඩි වීමෙන් 50%ක් 2027 ජුලි මස සිටද, එහි ඉතිරි 50%, 2028 වසරේදී ද ගෙවනු ලැබේ.
විශ්වවිද්‍යාල සහ වෘත්තීය පුහුණු ආයතනවල කථිකාචාර්යවරුන් සඳහා ගෙවීම්
විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා දැනට ගෙවනු ලබන අධ්‍යයන දීමනාව රු. 25,000කින් ඉහළ නැංවීමට යෝජනා. එම වැඩිවන දීමනාවෙන් 50% ක් 2027 ජූලි මස සිට හා ඉතිරි 50% 2028 ජුලි මාසයේ සිට ලබාදීමට කටයුතු කෙරේ.
විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සඳහා විශේෂඥ දැනුම සහිත බාහිර කථිකාචාර්යවරු විශ්වවිද්‍යාල වෙත ආකර්ෂණය කරවා ගැනීම වෙනුවෙන්, බාහිර කථිකාචාර්යවරුන් වෙත සිදු කෙරෙන ගෙවීම් දැනට පවතින අනුපාතවලට අනුකූලව තුන් ගුණයකින් ඉහළ නැංවීමට යෝජනා.
ඒ අනුව, දැනට පැයක් වෙනුවෙන් ගෙවනු ලබන රු. 1,500ක් වන දීමනාව රු. 4,500ක් දක්වා වැඩි කිරීමට යෝජනා. එමෙන්ම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා බාහිර උපදේශකවරුන් වෙනුවෙන් පැයකට ගෙවනු ලබන රු. 600 දීමනාව රු. 1,800 දක්වා ඉහළ දැමීමට යෝජනා.
වෘත්තීය නිපුණතා අධ්‍යයන කටයුතු සඳහා විශේෂඥ දැනුම සහිත බාහිර කථිකාචාර්යවරු වෘත්තීය හා තාක්ෂණ ආයතන වෙත ආකර්ෂණය කරවා ගැනීම වෙනුවෙන්, බාහිර කථිකාචාර්යවරුන් වෙත සිදු කෙරෙන ගෙවීම් දැනට පවතින අනුපාතවලට අනුකූලව 100%කින් ඉහළ නැංවීමට යෝජනා.
ත්‍රිවිධ හමුදා ආහාර දීමනාව
ත්‍රිවිධ හමුදා සඳහා ගෙවනු ලබන දෛනික ආහාර දීමනාව 2027 ජුලි මස සිට ක්‍රියාත්මක වන පරිදි නිලධාරීන් සඳහා රු. 315කින් ද, සෙසු නිලයන් සඳහා රු. 332කින් ද ඉහළ නැංවීමට යෝජනා.
ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ගේ ආහාර හා නවාතැන් දීමනාව
පොලිස් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ආහාර හා නවාතැන් දීමනාව 2027 ජුලි මස සිට ක්‍රියාත්මක වන පරිදි රු. 10,000කින් ඉහළ නැංවීමට යෝජනා.
බන්ධනාගාර නිලධාරීන් සඳහා අවදානම් දීමනාව
මාසික අවදානම් දීමනාව රු. 8,000 සිට රු. 16,000 දක්වා 100% කින් වැඩි කර, ඉහළ නැංවීමට කටයුතු කෙරේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සිවිල් නිලධාරීන් හට දැනට ගෙවන රු. 2,250 ක දීමනා ද, රු. 10,000ක් දක්වා වැඩි කිරීමට යෝජනා. මෙම දීමනා 2027 ජුලි මස සිට ක්‍රියාත්මක වන පරිදි ගෙවීමට යෝජනා කෙරේ.
ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා දීමනා
ග්‍රාම නිලධාරීන් සඳහා දැනට ගෙවන මාසික ගමන් වියදම් දීමනාව රු. 1,600 සිට රු 4,000 දක්වා ද, මාසික කාර්යාල කුලී දීමනාව, නගර සභා බල ප්‍රදේශ සඳහා රු. 3,000 සිට රු. 6,000 දක්වා ද, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහා රු. 2,000 සිට රු. 4,000 දක්වා ද ඉහළ නැංවීමට යෝජනා.
සංවර්ධන නිලධාරීන් සඳහා දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව රු. 300 සිට රු. 1,000 දක්වා ද, මාසික කාර්යාල කුලී දීමනාව නගර සභා බල ප්‍රදේශ සඳහා රු. 1,000 සිට රු 2,000 දක්වා ද, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහා රු. 750 සිට රු. 1,500 දක්වා ද වැඩි කෙරේ.
සමෘද්ධි නිලධාරීන් සඳහා දැනට ගෙවන මාසික ගමන් වියදම් දීමනාව රු. 2,000 සිට රු. 2,500 දක්වා ද, මාසික කාර්යාල කුලී දීමනාව, නගර සභා බල ප්‍රදේශ සඳහා රු. 2,500 සිට රු. 5,000 දක්වා ද, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහා රු. 2,000 සිට රු. 4,000 දක්වා ද වැඩි කෙරේ.
කෘෂිකම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව රු. 400 සිට රු. 1,000 දක්වා ද, මාසික කාර්යාල කුලී දීමනාව, නගර සභා බල ප්‍රදේශ සඳහා රු 3,000 සිට රු. 6,000 දක්වා ද, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහා රු. 2,000 සිට රු. 4,000 දක්වා ඉහළ නැනැංවීමට යෝජනා.
ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා වන ඉහත දීමනා 2027 වසරේ අප්‍රේල් මස සිට සංශෝධනය කරනවා.
මහාධිකරණ විනිසුරු හා අධිකරණ නිලධාරීන්ගේ දීමනා
මහාධිකරණ විනිසුරුවන්, විශේෂ ශ්‍රේණියේ අධිකරණ නිලධාරීන් සහ සෙසු ශ්‍රේණිවල අධිකරණ නිලධාරීන් සඳහා දැනට ගෙවනු ලබන මාසික වෘත්තීය දීමනාව රු 25,000කින් ඉහළ නැංවීමට යෝජනා.
මෙම වැඩිවීමෙන් 50%ක් 2027 ජුලි මස සිටද, ඉතිරි 50% 2028 වසරේදී ද හෙවීමට කටයුතු කෙරේ.
2027 ජුලි මස සිට ක්‍රියාත්මක වන පරිදි නිල වාහන සඳහා හිමිකම ලත් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ප්‍රවාහන දීමනාව රු. 50,000කින්ද, හිමිකම් ලත් නිලධාරීන්ට ගෙවනු ලබන මාසික රියදුරු දීමනාව රු. 25,000 සිට 50,000 දක්වාද රජය විසින් නිල නිවාසයක් හෝ බදු පදනම මත ලබාගත් නිල නිවාසයක් හෝ සපයා නොමැති අවස්ථාවල දී, තම නේවාසික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දැරීමට සිදුවන වියදම ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, මහාධිකරණ විනිසුරුවන් සහ අනෙකුත් විනිසුරුවන් සඳහා දැනට ගෙවනු ලබන මාසික නිවාස දීමනාව 100% කින් ද වැඩි කිරීමට යෝජනා.
නීතිපති දෙපාර්තමේන්තුවේ දීමනා
නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපති, සොලිසිටර් ජනරාල්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නීතිඥ යන තනතුරු සඳහා වෘත්තියක නොයෙදීමේ මාසික දීමනාව රු. 25,000කින්ද, ජ්‍යෙෂ්ඨ රජයේ අධි නීතිඥ සහ රජයේ අධි නීතිඥ යන තනතුරුවල නිලධාරීන් සඳහා වෘත්තීය නොයෙදීමේ දීමනාව රු. 20,000 කින් ද ඉහළ නැංවීමට යෝජනා.
මෙම වැඩිවීමෙන් 50%ක් 2027 ජුලි මස සිට ද, ඉතිරි 50% 2028 වසරේ දී ද ගෙවීමට කටයුතු කෙරේ.
2027 ජුලි මස සිට ක්‍රියාත්මක වන පරිදි නිල වාහන සඳහා හිමිකම ලත් නිලධාරීන්ට ගෙවනු ලබන මාසික ප්‍රවාහන දීමනාව ද රු. 50,000කින්ද හිමිකම ලත් නිලධාරීන්ට ගෙවනු ලබන මාසික රියදුරු දීමනාව රු. 25,000 සිට රු. 50,000 දක්වාද, දැනට ගෙවනු ලබන නිවාස දීමනාව 100% ද ඉහළ නැංවීමට යෝජනා.
අධිකරණ සහායක කාර්ය මණ්ඩල දීමනා
අධිකරණ සහායක කාර්ය මණ්ඩල නිලධාරීන්ට ගෙවනු ලබන අදාළ දීමනා 2027 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට ද කටයුතු කරනු ලබනවා.
සංස්කෘතික හා ජාතික උරුමයන්
- විවිධ ජාතීන් හා ආගම් සමඟ බැඳුණු කලා කටයුතු ප්‍රර්වර්ධනය කිරීම සහ සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙවර අයවැයෙන් රු මිලියන 7,000ක් වෙන් කෙරේ.
- අනුරාධපුරය පූජා භූමියේ ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් 2027 වර්ෂය සඳහා රු. මිලියන 1,076 ක් දැනටමත් වෙන් කර තිබෙනවා.
නාගරික සංවර්ධන අධිකාරිය මඟින් රු. මිලියන 8,200 ක ඇස්තමේන්තුවක් සකස් කර ඇති අතර 2027 වසර සඳහා රු. මිලියන 500ක් වෙන් කිරීමට යෝජනා කරනවා. - 2026 ආරම්භ කරන ලද යතිවර මාපිය නිවාස වැඩසටහන 2027 වසරට ක්‍රියාත්මක කිරීම සඳහා නිවාස හා ජල සම්පාදන අමාත්‍යාංශයට මුදල් වෙන් කර තිබෙනවා.
- දිට්වා ආපදාවෙන් හානියට පත් වූ බෞද්ධ විහාරස්ථාන 758ක්, හින්දු ආගමික ස්ථාන 272ක්, මුස්ලිම් ආගමික ස්ථාන 199ක් සහ ක්‍රිස්තියානි ආගමික ස්ථාන 99 ක් වශයෙන් ආගමික ස්ථාන 1328 ක් ප්‍රතිසංස්කරණය සඳහා රු. මිලියන 722 ක ප්‍රතිපාදන රජය විසින් සලසා දී තිබෙනවා.
- විනාශයට පත් වූ ආගමික ස්ථාන 1,328 අතරෙන් බුද්ධ ශාසන අරමුදලින් බෞද්ධ විහාරස්ථාන 30ක් සඳහා රු. මිලියන 40ක් ද, මධ්‍යම සංස්කෘතික අරමුදලින් ආගමික සිද්ධස්ථාන ඇතුව පුරාවිද්‍යා ස්ථාන සඳහා රු. මිලියන 523ක් ද අනගාරික ධර්මපාල භාරය මඟින් ඉන්දියානු මහා බෝධි සංගමයෙන් පරිත්‍යාග කරන ලද මුදලින් විහාරස්ථානයක් ද ප්‍රතිසංස්කරණය කරමින් පවතිනවා.
ජනමාධ්‍ය
- ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රු. මිලියන 400 ක් ද, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට රු. මිලියන 489ක් ද වශයෙන් ප්‍රතිපාදන වෙන් කර තිබේ.
- ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට පුනරාර්වර්තන වියදම් වෙනුවෙන් රු. මිලියන 384 ක් වෙන් කෙරේ.
- ජනමාධ්‍යකරුවන්ගේ කුසලතා සංවර්ධනයට අවශ්‍ය සහය ලබා දීම වෙනුවෙන් උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමට හා ජනමාධ්‍යකරණයේ දී අවශ්‍ය වන තාක්ෂණික ප්‍රවේශය සඳහා සහයක් ලබා දීමට රු. මිලියන 100 ක් වෙන් කිරීමට යෝජනා කර ඇත.
Clean Sri Lanka
- Clean Sri Lanka වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රු. මිලියන 6,000 ක් වෙන් කෙරේ.
- ” පිවිතුරු පුරවර” ව්‍යාපෘතිය Clean Sri Lanka තුළින් තෝරාගත් පළාත් පාලන ආයතන 100 ක් තුළ ක්‍රියාත්මක කිරීමට රු මිලියන 5,000 ක් වෙන් කිරීමට යෝජනා කර තිබේ.
- බලශක්ති අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කිරීමට යෝජිත Clean Island ව්‍යාපෘතිය මඟින් ඩෙෆ්ට්, නයිනතිව් සහ අනලතිව් යන දුපත් ඒකාබද්ධ සංවර්ධනය හා පරිවතනය සඳහා ආදර්ශ දූපත් ලෙස සංවර්ධනය කෙරේ.


