ඔබේ කැනේඩියානු සිහිනයට අත්වැලක්
ඔබේ කැනඩා සිහිනය නම්වූ ලිපි පෙලේ තුන් වැනි ලිපියයි මේ. ගිය වතාවේ සදහන් කල පරිදි, මම අද කතා කරන්න යන්නේ සංක්රමනිකයින් වඩාත්ම කැමැති කැනඩාවේ ප්‍රාන්ත ගැන. නමුත් ඊට පෙර, පසුගිය සති දෙක තුන තුල කැනඩාවේ සිදුවූ සංක්‍රමණ ප්‍රතිපත්ති වෙනස්කම් බලමු.
- නවතම වටයේ සංක්‍රමණ දිනුම් ඇදීමේදී British Columbia, Alberta සහ Quebec ප්‍රාන්ත වලට පුහුණු ශ්‍රමිකයන් ආකර්ෂණය කර ගැනීමට වෙළද පොළ අවශ්‍යතා සඳහා ඒ ප්‍රාන්ත මගින් නව යෝජනා ඉදිරිපත් කර තිබීම සංක්‍රමණිකයින්ට ඉතා පහසුවක්. මේ වැඩසටහනින් විශේෂ රැකියා අවශතා සඳහා නිශ්චිත අපේක්ෂකයින් තෝරා ගැනීම පහසු වෙනවා-පහත Link එක බලන්න.
https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada/express-entry/eligibility/federal-skilled-workers.html - දින කිහිපයකට පෙර, Canadian Immigration Minister Mark Miller, Caregivers (නිවෙස්වල සාත්තු සේවය-මෙයට ලෙඩුන්, ආබාධිත බලා ගැනීම, සහ ඊට අදාල සියළුම කටයුතු අයිති වෙනවා) Pilot project එකක් ප්‍රකාශයට පත්කලා. ඒ මගින් Caregivers අයට ඉතා ඉක්මනින් PR ලබා ගැනීමට පුළුවන්.
Caregiver තනතුර සදහා සුදුසුකම්:
- කැනේඩියානු භාෂා මිනුම් සලකුණු(CLB) මත පදනම් වූ Level 4 English
- කැනේඩියානු High School Diploma වට සමාන අධ්‍යාපන මට්ටමක්
- මෑත කාලීන සහ අදාළ සේවා පළපුරුද්ද තිබීම(recent and relevant work experience)
- පුර්ණ කාලීන ගෘහ රැකියාව සදහා Job offer එකක්
- සාමාන්‍යයෙන් කැනඩාවට Visitor Visa සහිතව පැමිණෙන අමුත්තන්ට Work Permit සඳහා අයැදුම් කල නොහැක. එහෙත් තාවකාලික ප්‍රතිපත්ති වෙනසක් හේතුවෙන් ඔවුනට 2025 පෙබරවාරි 28 දක්වා රැකියාවක් කිරීමට Work Permit ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.
- The Manitoba Provincial Nominee Program (MPNP)- මේ වැඩ සටහන් සඳහා පුහුණු ශ්‍රමිකයින් ආකර්ෂණය කරගැනීම සඳහා Manitoba ප්‍රාන්තය නව ක්‍රියාමාර්ග හඳුන්වා දී තිබෙනවා. අපේක්ෂකයින්ට සුදුසුකම් සහ ලකුණු ලබා ගැනීමට පහසුවනසේ ක්‍රම වෙනස් කිරීම හේතුවෙන් Manitoba රජය වැඩි වැඩියෙන් සංක්‍රමණිකයින් ආකර්ෂණය කරගැනීමටයි බලාපොරොත්තු වෙන්නෙ. https://immigratemanitoba.com/notices/eoi-draw/
- Quebec’s Arrima දිනුම් ඇදීමේ ක්‍රමය-Quebec Province එකේ ආර්ථික ප්‍රමුඛතා සමග පෙළගැස්වීමට Arrima ක්‍රමය යාවත්කාලීන කරලා තියෙනවා. මේ මගින් Quebec ප්‍රාන්තයේ කර්මාන්තවලට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් ස්ථාවරව ගලා ඒමක් තමයි Quebec රජය බලාපොරොත්තු වෙන්නෙ. Arrima කියන්නෙ පුහුණු ශ්‍රමිකයන්ගේ තොරතුරු කළමනාකරණය කිරීමට භාවිතා කරන නිදහස් Electronic system එක. https://www.quebec.ca/en/immigration/permanent/skilled-workers/regular-skilled-worker-program/invitation
දැන් අපි අපේ අද මාතෘකාව ගැන කතා කරමු.
කැනඩාවේ වඩාත්ම ජනප්‍රිය ප්‍රාන්ත වන්නේ Ontario, British Columbia සහ Quebec. නමුත්, වෙන කවරදාටත් වඩා අත්ලාන්තික් කැනඩාවට සංක්රමණිකයින්ගේ ආකර්ෂණය වැඩිවෙමින් තිබෙනවා. Ontario කියන්නේ ජනප්‍රියම ප්‍රාන්තය බව අපි කවුරුත් දන්නා දෙයක්, එහෙත් ඉතා අධික ඉල්ලුම හේතුවෙන් ඒ ප්‍රාන්තයට යාම සංක්‍රමණිකයින්ට අසීරු වී තිබෙනවා. ඒ ප්‍රශ්නයම British Columbia වලටත් බරපතල ලෙස බලපා තිබෙනවා. ප්‍රංශ භාෂාව කතා කරන Quebec ප්‍රාන්තයට යාම සදහා ප්‍රංශ භාෂාව පිළිබඳ දැනීමක් අවශ්‍ය නිසා ඒ භාෂාව කතා නොකරන බොහෝ සංක්‍රමණිකයින් අනික් ප්‍රාන්ත කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වීම ඉතාමත් සාධාරණ ක්‍රියාවක්. ඒ හේතුවෙන් පසුගිය අවුරුදු කිහිපය තුල කැනඩාවේ සංක්‍රමණ ප්රවණතා ශීග්‍රයෙන් වෙනස් වෙමින් පැවතීම පුදුමයක් නොවේ.
ජීවන වියදම, නිවාස කුලී වැනිදේ අඩු ප්‍රාන්ත සම්බන්ධව උනන්දුවක් දක්වන නව සංක්‍රමණිකයන් Atlantic කැනඩාවට ප්රමුඛ ස්ථානයක් දෙමින් පවතින බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා. අත්ලාන්තික් කැනඩාවට New Brunswick, Newfoundland and Labrador, Nova Scotia, and Prince Edward Island ප්‍රාන්ත 4 අයිති වෙනවා. අත්ලාන්තික් (Atlantic) කැනඩාවේ වඩාත්ම නැගෙනහිර ප්‍රාන්තය වන Newfoundland and Labrador තමයි මේ දිනවල සංක්රමණිකයින්ගේ අවධානය වැඩිපුරම යොමුව ඇති ප්‍රාන්තය. ධීවර කර්මාන්තය සම්බන්ධව සුප්‍රසිද්ධ මේ ප්‍රාන්තයේ අනික් ප්‍රධාන කර්මාන්ත වනුයේ තෙල් ගෑස්, පතල් කැනීම, ජල විදුලිය. ඉතාමත් මනස්කාන්ත අත්ලාන්තික් සාගරය, එහි තල්මසුන්ගේ සුන්දර දර්ශන සහ වනජීවින් සංචාරකයින් අතර ඉතා ජනප්‍රියවීමත් මේ ප්‍රාන්තය ජනප්‍රියතාවයට තවත් ප්‍රබල හේතුන්. Corvid වසංගතයෙන් පසුව බොහෝ අයගේ අවධානය අත්ලාන්තික් ප්‍රාන්ත කෙරෙහි යොමුවීමට අමතර හේතුන් කිහිපයකුත් තියෙනවා. ගෝලීය මානසිකත්වය, නව ව්‍යාපර ආරම්භ කිරීම, දිගු කාලීනව සිතීමට රුචිකත්වයක් දරන තරුණ සංක්‍රමණිකයන් පිළිගැනීමට පුරවැසියන්ගේ තදබල කැමැත්ත මේවා අතර ප්‍රබල සාධක. ඒ තරුණ සංක්‍රමණිකයන් නිහතමානීව ඒ අඩු ජීවන වියදමක් ඇති පලාත්වල ජීවිතය ආරම්භ කිරීම ගැන අසතුටක් නොදක්වන අය.
Provincial Nominee Program- කැනඩාවට ඉක්මන් ප්‍රවේශයක් ලබා ගැනීමට කැමති අය අතර මේ program එක ඉතා ජනප්රියවෙමින් පවතිනවා. වාර්ෂිකව Newfoundland and Labrador ප්‍රාන්තය පළාත් වශයෙන් PR සදහා නිර්ණායක යටතේ සුදුසුකම් ලබන සංක්‍රමණිකයන් 1000 ක් නම් කිරීම සිදුකරනවා.
මේ යටතේ කාණ්ඩ පහක් තියෙනවා.
- Skilled Worker-මේ ප්‍රාන්තයේ දැනටමත් වලංගු බලපත්‍රයක් යටතේ සේවය කරන දක්ෂ පුද්ගලයින් හෝ සේවා යෝජකයෙකුගෙන් Job Offer එකක් ඇති පුද්ගලයින්
- Skilled Worker Express Entry-Immigration, Refugees and Citizenship Canada මගින් Canada Express Entry ක්රමයේ ප්‍රවේශ සංචිතයට අවසර ලැබූ Work Permit ඇති පුද්ගලයින්
- International Graduates-පශ්චාත් උපාධි වැඩ බලපත්‍රයක් ඇති (PGWP- Post Graduate Work Permit), Newfoundland and Labrador ප්‍රාන්ත Work Permit ඇති සහ මෑත කාලයේ කැනේඩියානු විශ්ව විද්‍යාලවලින් උපාධි ලැබූ ජාත්‍යන්තර උපාධිධාරීන්
- International Entrepreneur-Newfoundland and Labrador ස්ථිරව පදිංචි වීමට කැමති පළපුරුදු ව්‍යාපාර හිමිකරුවන් සහ ව්‍යාපාර කළමනාකරුවන්
- International Graduate Entrepreneur-Memorial University or College of the North Atlantic දැනටමත් ව්‍යාපාරයක් ආරම්භ ඇති හෝ දේශීය ව්‍යපාරයක් ආරම්භ කර දැනටමත් අවම වශයෙන් අවුරුදක්වත් දිනපතා පවත්වාගෙන යන උපාධිධාරීන්
Newfoundland and Labrador හි ඉහලම ඉල්ලුම් ඇති රැකියා:
1. Registered Nurses
2. Physicians – Family and Specialists
3. Software Developer
4. Cooks and Food and Beverage Servers
5. Delivery Truck Driver
6. Miner
7. Heavy Equipment Operators
8. Heavy Equipment Mechanics
9. Construction Trade
10. Retail Sales Associate
සංක්‍රමණිකයකු Newfoundland සහ Labrador තම නිවහන ලෙස තෝරා ගැනීමට පහත හේතුන් අනිවාර්යයෙන්ම බලපානවා
- කුලී නිවාස මිල-Ontario, British Columbia, සමඟ සසඳන විට Newfoundland සහ Labrador හි ගෙවල් කුලී මිල ඉතා අඩුයි.
- ආරක්ෂාව-කැනඩාව ඉතා ආරක්ෂිත රටක් වන අතර සංඛ්‍යා ලේඛනවලට අනුව Atlantic Canada විශේෂයෙන්ම Newfoundland සහ Labrador අඩු අපරාධ සහ මිනී මැරුම් ඇති බව සොයා ගෙන තියෙනවා
- රථවාහන තදබදය- බොහෝ සංක්‍රමණිකයින් ප්‍රධාන සහ ජනාකීර්ණ නගරවලින් ඉවත්වන්නේ ඉතා හිරිහැරයක් වූ ශබ්ද සහ පරිසර දුෂණය දරාගත නොහැකිවයි. වාසනාවකට අත්ලාන්තික් ප්රාන්තයන්හි ඇති නිහඩ සහ සාමකාමී පරිසරය මිනිසුනට සාමකාමීව ජීවත්වීමට අවස්ථාව සලසනවා මෙන්ම අඩු කාලයකින් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යාමට හැකියාව ලබා දෙනවා.
- අධ්‍යාපනය- අත්ලාන්තික් කැනඩාවේ ඉතා උසස් වර්ගයේ විශ්ව විද්‍යාල සහ කොලීජි ඇත. මේ අතර ප්‍රධාන ඒවා වන්නේ Dalhousie University, Memorial University of Newfoundland (MUN). සාපේක්ෂව ජාත්‍යන්තර සිසුන් සදහා මේ ප්‍රාන්තයේ විශ්ව විද්‍යාල ගාස්තු අනෙක් බොහෝ ප්‍රාන්තවල විශ්ව විද්‍යාලවලට වඩා අඩුයි. සාමාන්‍යයෙන් Newfoundland සහ Labrador විශ්ව විද්‍යාලවල ජාත්‍යන්තර සිසුන්, University of Toronto අන්තර්ජාතික සිසුන් ගෙවන මුදලින් 1/3 පමණ ගාස්තුවක් තමයි ගෙවනු ලබන්නේ. ඊට අමතරව අත්ලාන්තික් Colleges වෙළදාම සම්බන්ධ ඉතා වටිනා නිපුනතා පාඨමාලා පවත්වනවා(skilled trades).
- රැකියා-Toronto, Vancouver නගරවල රැකියා අවස්ථා ඉහල මට්ටමක පැවතියද, එවාට ඇති ඉල්ලුමද ඒ හා සමානව වැඩිවේ. බොහෝ දෙනා ඒ තනතුරු සදහා තරඟ කරන බැවින් ඒවා ලබා ගැනීමේ අවස්ථාවන්ද අඩුවෙනවා. නමුත් අත්ලාන්තික් කැනඩාවේ රැකියා මද උවත් ඒවාට ඇති තරඟකාරිත්වය අඩු නිසා එය තරඟකරුවන්ට වාසිදායක වෙනවා. https://www.jobbank.gc.ca/outlookreport/location/nl
- සුන්දරත්වය- මනරම් වෙරළ තීරයක්, සුන්දර දිය ඇලි, ඉතා දුර්ලභ ගණයේ ජීවින් සහිත වනාන්තර වලින් සමන්විත ස්වාභාවිකත්වයක් මේ Newfoundland සහ Labrador ප්‍රාන්තයට තිබෙනවා.. Ontario great lakes, British Columbia පැසිපික් සාගරය හැරුනාම මුළු කැනඩාවේම ඇත්තේ ගොඩබිමයි. නමුත්, අත්ලාන්තික් කැනඩාවේ පදිංචිකරුවන්ට මුහුද සහ අසිරිමත් වෙරළ භුක්ති විඳීමේ ලබා ගැනීමේ වාසනාව ලැබී තියෙනවා. බොහෝ අධ්‍යනයන් පෙන්වා දෙන්නේ වෙරල ආශ්‍රිතව සහ හරිත වනාන්තර ආසන්නයේ ජීවත්වන්නන්ට මානසික ආතතිය අඩු බවත් නීරෝගී ජීවිතවලට උරුමකම් ලබන බවත්.
- සංචාරක අවස්ථා-වසර පුරා තල්මසුන් නැරඹීම සඳහා සංචාරකයින් මේ වෙරල තීරයට ආකර්ෂණය වීම ඉතා සුලභ දර්ශනයක්. මේ තල්මසුන් අඩි 52ක් දක්වා දික්විය හැකි අතර අත්ලාන්තික් සාගරයේ මේ තල්මසුන් වර්ග 22ක් පමණ සිටීම ඉතා වටිනා සම්පතක්.
මීලග ලිපියෙන් මා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ සංක්‍රමණිකයින්ට සුදුසු සහ ජනප්‍රිය අනික් ප්‍රාන්ත ගැන. ඒත් එක්කම, ජනගහනය ඉතා අඩු කැනේඩියානු උතුරු ප්‍රාන්ත සදහා සංක්‍රමණිකයින් ආකර්ශනීය කර ගැනීමට කැනඩා රජය යොදනා උපක්‍රම ගැනද කතා කිරීමට මම බලාපොරොත්තු වෙනවා.
මෙම විද්‍යුත් පුවත්පත් කිසිදු කැනඩා රජයේ නියෝජිත ආයතනයකට හෝ ආගමන නීතිවේදීන්ට සම්බන්ධයක් නැත. මෙම ලිපියේ තොරතුරුවලට පදනම් වී ඇත්තේ විවිධ Online වෙබ් අඩවිවලින් ලබාගත් තොරතුරුයි. එබැවින් ඔබේ විශේෂිත සංචාරක අවශ්‍යතා සඳහා විශේෂඥ ආගමන නීතීඥවරයෙකු හෝ උපදේශකවරයෙකු මුණ ගැසෙන්න.