වසර දොළහක් සපිරෙන කැලණිය විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ කැනඩා සංගමය

කැලණිය විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ කැනඩා සංගමය ආරම්භ වන්නේ මීට වසර එකොලහට පමණ පෙරයි. මෙවැනි සංගමයක අවශ්‍යතාවය හඳුනාගෙන ඒ සඳහා මුල් පියවර තැබුවේ ගරුතර සිංගප්පූරුවේ ආචාර්ය සුමනසිරි ස්වාමීන්වහන්සේ විසිනුයි. ටොරොන්ටෝවේ වෙසෙන විද්‍යාර්ථීන්ගේ 20 දෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන් මෙම සංගමය සඳහා මුලින්ම අඩිතාලම දැමුවේ 2012 වසරේ මුල භාගයේදීයි. මූලික පියවරක් ලෙස එම වසරේම මැයි 11 වැනිදා සිය ප්‍රථම වාර්ෂික සාදය ඉතාම සාර්ථකව පවත්වන්නට නව සංගමයට සමත් වුනා. ඒ කටයුතු සියල්ල සංවිධානය සිදුකළේ තාවකාලිකව පත්කරගත් නිලධාරි මඩුල්ලක් යටතේයි. 2013 නොවැම්බර් පළමුවැනිදා පැවැත්වූ විශේෂ සභා වාරයකදී නව නිලධාරි මණ්ඩලයක් සහිතව කැලණිය විශ්ව විද්යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ කැනඩා සංගමය (UKAAC ) නිලවශයෙන් පිහිටුවා ගනු ලැබුවා. සාමාජිකයින් තිස්දෙනෙකුගෙන් පමණ ආරම්භ වූ සංවිධානයේ වර්තමාන සාමාජිකත්වය 130 ක් . ඔවුන්ගෙන් බහුතරය ටොරොන්ටෝව අවට ජීවත් වන උදවියයි. ඔටාවා සහ මොන්ට්රියල් නගරවල පදිංචි සාමාජික සාමාජිකාවන් කිහිප දෙනෙකුත් ඒ අතර සිටිනවා.

සංගමයේ මූලික අරමුණු ව්‍යවස්ථාව තුළින්ම ස්ථාපිතකොට තිබෙනවා. ඒ අතර සාමාජිකයින් අතර සහ සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම ප්‍රධාන තැනක් ගන්නවා. ඔවුන්ගේ සමාජ සුබසාධනය සදහා කරන කටයුතු විශේෂයෙන් නව සාමාජිකයන් සංගමය වෙත ආකර්ෂණය කර ගැනීම සිදුකරනු ලබනවා. අනෙකුත් සහෝදර සංගම් සමඟ එක්ව කැනඩාවේ ජීවත්වන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් පොදු කටයුතු වලදී උරදීමද සිදුකරනු ලබනවා.

කැලණිය විශ්ව විද්යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ කැනඩා සංගමය ඉතා කීර්තිමත් සමාජ ක්‍රියාකාරී සංවිධානයක් බව නොරහසක්. 2013 වසරේ සිට මිසිසාගා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වාගෙන යනු ලබන වෙසක් දන්සැල්මාලාවේ දිනක අනුග්රහය ඊට කදිම නිදසුනක්. එසේම 2013 වසරේ සිට ලංකාවේ අන්තර් විශ්ව විද්‍යාලීය විද්‍යාර්ථීන් අතර වාර්ෂිකව පැවැත්වෙන සුහද ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගිවීමත්, 2019 වසරේදී එම තරඟාවලිය සංවිධානය සඳහා කටයුතුකිරීමත් මෙහිදී සඳහන්කරන්නේ මහත්වූ අභිමානයෙන් යුතුවයි. 2024 පැවැත්වීමට නියමිත තරඟාවලිය සංවිධානය සඳහා උරදෙන්නේද විශ්ව විද්යාලයීය ආදි විද්‍යාර්ථීන්වග සඳහන්කරන්නේද ආඩම්බරයෙන් යුතුවයි. එසේම කැලණිය කැලණිය විශ්ව විද්යාලයීය ආදි විද්‍යාර්ථීන් මව්සංගමය හා සම්බන්ධව ආර්ථික අපහසුතා මධ්‍යයේ ඉගෙනුම ලබන සිසු, සිසුවියන් වෙනුවෙන් වසර ගණනාවක සිට වාර්ෂිකව මූල්‍යමය වශයෙන් ලබාදෙන ශිෂ්‍යත්ව මෙහිදී අගයකලයුතුයි. මෙම වැඩපිළිවෙල ඉදිරියටත් කරගෙන යෑමයි කැලණිය විශ්ව විද්යාලයීය ආදි විද්යාර්ථීන්ගේ කැනඩා සංගම යේ අදිටන.

සම්මාන දිනූ ප්‍රවීණ ලේඛක මොහාන් රාජ් මඩවලගේ “ලොවීනා” සහ “ආදරණීය වික්ටෝරියා” නැමති සිංහල ග්‍රන්ථ වල ඉංග්‍රීසි පරිවර්තන ටොරොන්ටෝවේදී එළිදැක්වීම සංවිධානය කිරීමට ලැබීම සංගමය ලැබූ මහත් භාග්‍යයක්. ඉහත කෘති දෙකම ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද්දේ සංගමයේ ප්‍රධාන සංස්කාරක ධූරය දැරූ දිවංගත සෝම මුණසිංහ මහතා විසිනුයි.

තවද සංගමයේ අරමුදලට ඇවැසි මුදල් උපයගනු පිණිස “ආදරණීය කතාවක්”, සහ “තාල” යන චිත්‍රපට ඉතාම සාර්ථකව තිරගතකිරීම සිදුකිරීමට හැකිවුනා. කලාවට හිතැති ටොරොන්ටෝ ප්‍රජාව ඒ සඳහා මහත්සේ උදව් උපකාර කළ වග මෙහිදී කෘතවේදීව සිහිපත්කළ යුතුයි. මේ අතර තිරගතවීමට නියමිතව තිබූ “විෂමභාග” සම්මානනීය චිත්‍රපටය කෝවිඩ් වසංගතය හමුවේ නතර කරදැමීමට සිදුවුනා.

මේ දක්වා සංගමය විසින් සංවිධානය කරන ලද වාර්ෂික සුහද හමු බොහෝමයි. ඊට අමතරව සෑම වසරකම පවුලේ සියළු දෙනා සමඟින්ග්‍රීෂ්ම සමයේ උද්‍යානයක පැවැත්වෙන සුහද හමුව කා අතරත් ඉතාම ජනප්‍රියයි..

සංගමයේ මෙතෙක් සාමාජිකත්වය නොලැබූ ආදි විද්යාර්ථීන්. බඳවාගැනීම හැමවිටම දිරිමත්කරන අතර එය දිරිගන්වනු වස් කිසිදු සාමාජික මුදලක් කිසිදු සාමාජිකයකුගෙන් ලබා නොගන්නා බැව් සතුටින් දන්වා සිටිනවා. එමෙන්ම දැනට සාමාජිකත්වය නොලැබූ කැලණි සරසවියේ ආදි විද්යාවර්ථයන් වේ නම් නොපමාව එයට එක්ව සමාජකටයුතුවලට දායකවනලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

මේ සටහන සැකසීමේදී සහයෝගය දැක්වූ මොහාන් ද අල්විස් වත්මන් සභාපති තුමන්ට මෙන්ම වත්මන් ලේකම් කීර්ති හෙට්ටිඅච්චි මහතාට මෙන්ම අනුර මුණසිංහයන්ටද අපගේ ස්තුතිය හිමිවේ .

කැනඩාවේ ඕනෑම ප්‍රදේශයක පිහිටුවා තිබෙන විශ්ව විද්‍යාල , පාසැල් හෝ පොදු අරමුණක් වෙනුවෙන් කැපවුනු ආගමික සහ දේශපාලනමය නොවන සංවිධාන හරහා කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත කෙරෙන සේවය අගයන්නට අප හැමවිටම සුදානම්. ඔබේ තොරතුරු සහ සේයාරූ අපට එවන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *