එංගලන්ත සංචාරයක මතක …..
කිරුළ සහ රාජකීයත්වය ගැන විවිධ අය විවිධ මත පළ කරනවා ඒ අතරේ දේශපාලනය සහ ආගමික
කෝණයෙන් ඒ දිහා බලන අයත් ඉන්නවා. මේ සටහනෙන් මම උත්සාහ කරන්නේ ඒ දෙකෙන්ම
ගැලවිලා සංචාරකයෙක් විදියට ඒ දිහා දකින්න. ලෝකයේ රජ පවුල් අතරින් අදත් බ්‍රිතාන්‍ය රජ
පවුලට හිමිවන්නේ සුවිශේෂී තැනක් ඒ හින්දා ඔවුන් සතු ලෝකයේ විවිධ රටවල තිබෙන විවිධ
ගොඩනැගිලි වගේම යාන වාහන ගැනත් බොහෝ තොරතුරු සංචාරක වටිනාකමකින්
සංචාරකයකුට දකින්නට පුළුවන්. අද සංචාරයක මතකය තුළින් අප යන්නේ ලන්ඩනයේ
තියෙන බකින්හැම් මාලිගාව බලන්නයි.
වර්තමානයේ බ්‍රිතාන්‍ය රජු වගේම පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකයා වන තුන්වන
චාල්ස් රජුගේ ලන්ඩනයේ නිල නිවහන වන මෙය ලෝකයේ මේ වන විටත්
ක්‍රියාත්මකව පවතින මාලිගාවක් නිසා ඔබ මේ වසරේ යන්නට අදහස් කරනවා නම්
මහජනතාවට මෙය නරඹන්නට ඉඩ ලැබෙන්නේ ගිම්හාන නිවාඩුවට මාලිගාව තුළ
කටයුතු සිදු නොකෙරෙන 2024 ජූලි මාසේ 16 වෙනිදා ඉඳන් සැප්තැම්බර් 29 වැනිදා
අතර කාලයේදී තමයි.
Buckingam Palace.
බකින්හැම් මාලිගාව සහ එහි උද්‍යානයත් බලන්න අපි කල්තියාම අන්තර්ජාලයෙන් ප්‍රවේශ පත්‍ර
වෙන් කරවා ගත්තේ ඒ වෙනුවෙන් විශාල ඉල්ලුමක් තියෙන හින්දා. 1933 දී Duke of Buckingham
හදල තිබුන නිවසක් 1761 දී තුන්වන ජෝර්ජ් රජතුමා මිලදී ගත්තේ චාලට රැජනගේ නිවස විදිහටයි.
අපි අද දකින තරමට විශාල කරල මුලින්ම රාජකීය මාලිගාව විදියට එය පාවිච්චියට ගත්තේ 1937 දී හිරු
නොබසින අධිරාජයේ නායිකාව වුණු වික්ටෝරියා රැජනයි. මේ මාලිගාව සැලසුම් කරලා තියෙන්නේ
Jhon Nash සහ Edward Blore. කියන දෙදෙනා විසිනුයි. විවිධ කාලවලදී විවිධ කොටස් එකතුවුණු
විශාල ගොඩනැගිලි සංකීර්ණයක් වන මෙහි කාමර 775ක් සහ අමුත්තන් සඳහා වෙන්වුනු විවිධ
ප්‍රමාණයේ රැස්වීම් වෙනුවෙන් ඉඩකඩ තිබෙන ශාලා දහනමයක් තියෙනවා. වෙනමම තැපැල් හලක්,
චිත්‍රපට ශාලාවක්, පිහිනුම් තටාකයක්, කුඩා රෝහලක්, ස්වර්ණාභරණ හලක්, මියුසික් රූම් එකක්
ග්‍රෑන්ඩ් බෝල් රූම් එකක් වගේ බොහෝ දේ මෙහි තිබුනත් සංචාරකයින් සඳහා විවෘතව තැබෙන්නේ
ඒවායින් කුඩා කොටසක් පමණයි. ඔබට ඒවායේ විස්තර දැනගන්නට ආසා නම් ඒ ගැන කෙරුණු
වාර්තා වැඩසටහන් රැසක් අන්තර්ජාලයේ තිබෙනවා .
අමුත්තන් හමුවන කාමරවල් ඉංග්‍රීසි ප්‍රංශ නිර්මාණ ශිල්පයන්ට අයත් අගනා ගෘහ භාණ්ඩ වගේම
ලෝකයේ විවිධ රටවලින් මෙහි ගෙනා බොහෝ විසිතුරු භාණ්ඩ රැසක් තිබෙනවා. අභිෂේක කාමරය
( Throne Room ) හී විවිධ රජුන් සහ රැජිනියන් අභිෂේක කරන අවස්ථාවේදී හිඳගත් ඔවුන්ගේ
සලකුණු යෙදූ පුටු දකින්නට පුළුවන්. මේ අමුත්තන් රැස්වන කාමර අතරින් විශාලම එක වෙන්නේ
Ballroom එකයි. බාල් නැටුම් ( Ball & Concert ) සහ ප්‍රසංග සඳහා නිර්මාණය කෙරුණු
මෙහෙව් රජු සහ රැජිණ සහකරුවන් වෙනුවෙන් වෙනමම අසුන් පනවා තිබෙනවා විසල්භෝ
ජන සංග්‍රහයන් සඳහාද මෙය භාවිතා වෙනවා මේ කාමරවල කුළුණු කැටයම් සීලිම් සහ
බිත්ති හරිම විචිත්‍රවත්. ඒ වගේම ඒවායේ බිත්ති අලංකාර වෙන්නෙත් විශාල මනරම් චිත්රවලින්
නිල් පැහැ කුළුණු තිබෙන සංගීත කාමරයත් , අගනා චිත්‍ර එකතු කර තිබෙන Picture Gallery .
ඔබට රස විඳින්නට පුළුවන් කොටසේම තියෙනවා. උඩුමහලේ කොටස් වලට යාම සඳහා
නිර්මාණය කළ දෙපසින්ම නැගිය හැකි පඩිපෙල් පද්ධතිය මේ මාලිගාවේ මහේශාක්‍ය බව
පෙන්වන එකක්.
Buckingham Palace Garden
මාලිගාවේ ප්රවේශපත්රයට අමතරව තවත් ප්‍රවේශපත්‍රයක් අරගෙන ඔබට අක්කර
තිස්නමයක (39) මාලිගාවේ උද්‍යානය බලන්න පුළුවන්. කලබලකාරී ලන්ඩන්
නගරයේ මැද්දෙ වර්ග 325 කට වැඩි ගස් දහසකට අධික ප්‍රමාණයක් තියෙන මේ
වත්ත කුරුලු හඬින් පිරිලා තියෙනවා. මේ විශේෂත්වය වන්නේ වර්ග 85ක ඕක්
ගස් තිබෙන එකයි. ලස්සන රෝස උද්‍යානයක් වගේම මල්බෙරි ගස් එක්ක සේද
දළඹුවන් මේ පරිශ්‍රයේදී ඔබට දකින්නට පුළුවන්. අද අපි දකින උද්‍යානය මුලින්ම
නිර්මාණය කරලා තියෙන්නේ William Townsend Aiton. කියන උද්‍යාන
නිර්මාණ ශිල්පියා 1825 දී කියලයි විස්තරවල සඳහන් වෙන්නේ.
Change of Guard Ceremony In Buckingam Palace.
සතියකට දින හතරක් සදුදා , බදාදා , සිකුරාදා සහ ඉරිදා දවල් එකොලහට බකින්හැම්
මාළිගාවේ ආරක්ෂක සේවයේ නිරත සෙබළුන් තමන්ගේ සේවා මුර මාරුවීම් කරන
සාම්ප්‍රදායික රාජකාරිය හරිම අලංකාරවත් අංගයක් .
සමහරු කියන්නේ මේ බලන්න හොඳම තැන බකින්හැම් මාළිගාවේ ප්‍රධාන දොරටුව
ඉදිරිපිට තියෙන වික්ටෝරියා රැජිනගේ ප්‍රතිමාව තිබෙන තැන කියලයි. ඒ හින්දා
මෙතන ඉඩක් හොයාගන්න නම් උදෙත් දහයටත් කලින් යන්න වෙනවා .පඩි රැසක්
තියෙන හින්දා මෙතන ඉඳල ඔබට එය හොඳින් නරඹන්නට පුළුවන්. ඒත් සමහරු
කියන්නෙ Malborough පාර සහ බකින්හැම් මාළිගාව අතර කඩමණ්ඩිය මේකට
හොඳයි කියලයි.
ඒවගේම මෙතනට සේවයට එන සහ පිටත්ව යන කණ්ඩායම් දෙකම ඔබට දකින්නට
පුළුවන්. වාර්ෂිකව මෙහි පැවැත්වෙන ට්රැෆල්ගාර් යුද්ධ සැමරුම් පෙළපාළිය නිසාත් ,
හැරී පොටර් චිත්‍රපටයේ එළිදැක්වීම හින්දත් මෑත කාලීනව මේ ගැන වැඩි දෙනාගේ
අවධානයට යොමු වුණා. James palace වලින් දහයයි විසි පහට පටන් අරගෙන තූර්ය
වාදනය කරන බෑන්ඩා බෑන්ක් කණ්ඩායම දහයයි හතළිස් තුනට ගමන් ආරම්භ කරනවා.
ඔවුන් ගමන් කරන වෙලාවෙදි කාටවත් එහෙ මෙහේ යන්න බැරි හින්දා කලින්ම තැනක්
වෙන් කරගෙන හිටියොත් තමයි හොඳයි හොඳ වීඩියෝ ටිකක් හොඳ ෆොටෝ එකක්
ගන්න ඒක හරි වැදගත් ඔවුන් මෙසේ දාර්ශනීය ආකාරයට යන්නේ අලුත් සේවා
මොරේ වැඩ භාරගන්නයි තම තමන්ට නියමිත තැන්වලට ඕනේ අනවිදිය බලන්න
හරිම ලස්සනයි ඊළඟට 11යි 10 ට ඔබට සේවය නිමාවූ පිරිස Wellington Barracks
වෙත යන්න ගමන් ආරම්භ කරන විදිය දකින්නට පුළුවන් මෙය කිසිදු මුදලක්
නොගෙවා නොමිලයේ බලන්නට පුළුවන් දෙයක්.
අනුරුද්ධ වැලිගමගේ
කැනේඩියානු සංචාරයක මතකය
ඔන්ටාරියෝවේ තිබෙන ලෝකෙ ලොකුම මිරිදිය දූපත බලන්න යමු
ලෝකයේ ලොකුම මිරිදිය දූපත තියෙන්නේ අප ඉන්නා ඔන්ටාරියෝ පළාතේම තමයි. පංච මහා විල් අතරින් දෙවැනි තැන ගන්නා Huron විලේ කොනක තියෙන මේ දූපත වර්ග කිලෝමීටර 2766 ක් විශාලයි . මේ වන විට මේ දූපතට භාවිත වන නම Manitoulin Island . Ojibwe ගෝත්‍රික භාෂාවෙන් ” Cave of the Spirit” කියන තේරුම තියෙන Manidoowaaling කියන වචනය ප්‍රදේශය ගවේෂණය කළ ප්‍රංශ ජාතිකයන් භාවිතයට හදාගෙන තිබුණේ එහෙමයි.
අපි කලින් දවසේ නවාතැන් අරගෙන හිටි Sault Ste marie ඉඳලා පැය හතරක වාහන ගමනකට පස්සේ අපි Manitoulin Island එකට ආවේ Little Current Swing Bridge එක හරහා. දූපතට වසර පුරාම එන්න යන්න පුලුවන් එකම මාර්ගය තියෙන්නේ මේ හරහා. ඒත් මැයි ඉඳන් ඔක්තෝබර් කාලයේදී Tobermory ඉදන් ක්‍රියාත්මක වන වරකට වාහන 140 ක් සහ මගීන් 638 දෙනෙක් ගෙනියන්නට පුළුවන් Chi-Cheemaun පාරුව මගින් ඔබට මේ දූපතට යන්නත් පුළුවන්.
ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගයෙන් Manitoulin දූපතට යන්නෙ අපි හැරුනේ Espanola නගරයේදී. Frise Espanol කියන ස්පාඤ්ඤ ජාතිකයා Ojibwe කාන්තාවක් විවාහ කරගත්තායින් පස්සේ දිංචි වුණු මේ ප්‍රදේශය වඩාත් දියුණු වුණේ පිහිටුවා තිබුණු Pulp & Paper Mill එක හන්දයි.
Little Current Swing Bridge
Hwy 6 සහ මැනිටියුලින් දූපත යාකරන අඩි 368 ක් දිග මේ පාලම 1912 දී ඉදිකර තිබෙන්නේ Algoma Eastern Railway සමාගම මගින්. පංච මහා විල් හරහා දැව ගල්ලඟුරු , යපස් වැනි බොහෝ දේ ප්‍රවාහනය කෙරුණු ඒ කාලයේ පාලම දුම්රියක් ගමන් කරන වෙලාවලදී පමණක් දෙකොන සම්බන්ධ කරමින් ක්‍රියාත්මක වුණා. කාලයත් එක්ක සිදුවුණු වෙනස්කම් එක්ක රථ වාහන භාවිතය වැඩිවුණු හින්දා 1946 දී මේ පාලම වාහන ගමනාගමනය සඳහා යොදාගන්න පුළුවන් විදිහට සංවර්ධනය වුණා.
අද වෙනකොට මේ ප්‍රදේශයේ දුම්රිය ගමනාගමනය නැවතිලා ඒ වගේම නාවික ගමනාගමනයත් අඩුවෙලා .ඒ හින්දා තනි මං තීරුවේ මේ පාලම ප්‍රධාන වශයෙන්ම පාවිච්චි වෙන්නේ දූපතට ඇතුළු වෙන්නත් පිට වෙන්නත් තමයි. තවමත් ශීත කාලයේ දී හැර අනික් කාලවල දීවා කාලයේ සෑම පැයකම පළමු විනාඩි 15 පාලම නාවික ගමනාගමනය සඳහා විවෘතව තැබෙනවා. කලින් ඉන්ධන භාවිතයෙන් ක්‍රියාත්මක වුවත් මේ වන විට විදුලියෙන් ක්‍රියාත්මක වන මෙය පාලමේ හැරවුම බලන්න වටින දෙයක්. ඒ සඳහා ඔබට වෙනම වෙන්කල ප්‍රදේශයක් තිබෙනවා.
පාලමෙන් ඇතුළු ඇතුළු වුනු ගමන්ම තියෙන සංචාරක තොරතුරු මධ්‍යස්ථානය ඔබට දූපත තුළ කරන්නට පුළුවන් ක්‍රියාකාරකම් ගැන තොරතුරු දැනගන්නට පුළුවන් හොඳ සම්පතක්. ගෝත්‍රික පාලන ප්‍රදේශයක් හින්දා ඒ අය අන්තර්ජාලයට බොහෝ තොරතුරු යාවත්කාලීන කරලා නැහැ . සමරු සේයාරූ ගන්නත් ඔබේ ගමන සැලසුම් කරගන්නත් මෙතැන නැවතිලා යන එක හොඳයි.
Cup & saucer Trail
ඇවිදින්න, බයිසිකල් පදින්න කැමති කෙනෙකුට මේ කිලෝමීටර් 12 ක මං පෙත සම්පූර්ණයෙන්ම හරි කොටස් වශයෙන් හරි බලන්න යන්න පුළුවන්. තරමක් තද බෑවුම තිබෙන මෙය ටිකක් දුෂ්කර ගමනක් විදියට හඳුන්වන්නත් පුළුවන් වුනත් අමාරුවෙන් හරි උඩට ගියාම ඔබ දකින දසුන් වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. පැරැණි ගල් කොරියක් අසලින් යන මේ ඇවිදින මං පෙත ඔන්ටාරියෝ පලාතේ ජනප්‍රියතම ඇවිදින මං පෙත් අතරින් එකක්. මීට අමතරව තවත් ඇවිදින මං පෙත් රැසක් ම මේ දූපතේ තියෙනවා.
වර්ග කිලෝමීටර් 104 ඉඩක් වසා සිටින මේ විල ලෝකයේ මිරිදිය දූපතක් තුළ තිබෙන විශාලතම විල හැටියටයි වාර්තා පොත්වල තියෙන්නෙ. විවිධ ප්‍රමාණයන්ගේ විල් දාහක් විතර තියෙන මේ දූපතේ බලන්න වටින තැනක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්.
Lighthouses in Manitoulin Island
අතීතයේ දැව කර්මාන්තය විශාල වශයෙන් සිදුවුනු ඉසව්වක් වගේම ඒවා ප්‍රවාහනය සඳහා නාවික ගමනාගමනය ක්‍රියාත්මක වුනු නිසා පැරැණි ප්‍රදීපාගාර රැසක්ම මේ දූපතේ තියෙනවා. ඔබටත් ඉන් කිහිපයක් ඔබේ ගමනට එකතු කරගන්න පුළුවන්.
Bridal Veil Falls
Hwy 540 අද්දරම තියෙන අඩි 35 ක් උස මේ දියඇල්ල බලන්න වටින එකක් . දිය ඇල්ල වැටෙන තැන බේසමක් වගේ ප්‍රදේශයේ පීනන්න, නාන්න වගේම මේ දිය ඇල්ල යටින් එක කොනක ඉඳන් අනිත් කොනට යන්නත් ඔබට පුළුවන්.
Pow Wow Festival
Wiikwemkoong ගෝත්‍රික ජන ගායනා, නැටුම් වගේම ඔවුන්ගේ කෑම බීමත් අගෝස්තු මාසයේ මුලදී පැවැත්වෙන ඔවුන්ගේ වාර්ෂික සංදර්ශනයේදී ඔබට දකින්නට පුළුවන්.
Manitoulin Eco park
ඔබට ආකාශ වස්තු නිරීක්ෂණය සඳහා උනන්දුවක් දක්වන කෙනෙක් නම් මේ දූපත රැයක් ගත කරන්න වටිනවා. ජනශුනය රක්ෂිත කලාපයක් හින්දා මේ ඉසව්වේ Light pollution එක හරිම අඩුයි.මෙය කැනඩාවේ Royal Astronomical Society මගින් සහතික ලත් කැනඩාවේ තිබෙන හොදම ආකාශ වස්තු නිරීක්ෂණ ස්ථාන වලින් එකක්. ඒ පිළිබඳ දැනුමැති අයගේ උදව් ඇතිව දුර දක්නවලින් අහස බලමින් කූඩාරමක හරි කැබින් එකක හරි කාලය ගත කරන එක අපූරු අත්දැකීමක්. ඊට අමතරව ගිම්හාන කාලයේ වගේම ශීත කාලයේ වෙනස්ම කඳවුරු අත්දැකීමක් ලබන්නත් පහසුකම් මෙතන තියෙනවා.
Manitoulin Island Beaches
අව්ව තපින්න , ඉස්සෙල්ලම් කරන්න වගේම ආරක්ෂිතව පිහිනා නාගන්නත් හොඳ වෙරළ තීර කිහිපයක්ම මේ දූපතේ තියෙනවා. Providence Bay, MindeMoya, Meldrum Bay උදාහරණ කීපයක්.
ආයෙමත් වතාවක් පාරුවෙන් ඇවිත්, කූඩාරමක ඉඳගෙන රෑ අහස බලන රැයක් ගත කරන සිතිවිල්ල ඇතිව අපි Sudbury වල අපේ ඊළඟ නවාතැනට පිටත් වුනා.
ලබන මාසයේදී පතල් කර්මාන්තයේ පතල Sudbury නගරයේදී හමුවෙමු.
අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ – අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි