ගින්නෙන් විනාශ වු Jasper නගරයට පියවරෙන් පියවර නැවත ඇතුළු වීමට අවසර ලබාදීමට බලධාරීන් සූදානම් වනවා. ලැව් ගින්නක් හේතුවෙන් නගර වැසියන් ඉවත් කිරීමෙන් සති තුනකට පසු ඔවුන්ගේ නිවෙස් වෙත ආපසු යාමට ඉඩ දෙන්නේ කවදාද සහ කෙසේද යන්න පිළිබඳ විස්තර පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණි.
Parks Canada පවසන්නේ Unified Incident Command විසින් Jasper නගරයට පියවරෙන් පියවර නැවත ඇතුල්වීම පිළිබඳ තොරතුරු සැපයීම සඳහා මාධ්‍ය හමුවක් පවත්වනු ඇති බවයි. ජැස්පර් නගරාධිපති රිචඩ් අයර්ලන්ඩ්(Richard Ireland) පැවසුවේ මිනිසුන්ට නැවත නගරයට ඇතුළු වීමට අවසර දෙන දිනය එලබෙන සදුදා දිනය බවයි.
නගරාධිපති රිචඩ් අයර්ලන්ඩ් කියා සිටියේ ගින්නෙන් පසු කළමනාකරණ කණ්ඩායමේ කැපවිම නිසා ආරක්ෂිතව නගරයට ඇතුළු වීමේ සැලසුම් බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් සිදුවෙමින් පවතින බවයි. ජැස්පර් ජාතික වනෝද්‍යානයට පැමිණි අමුත්තන් 20,000ක් පමණ සහ පදිංචිකරුවන් 5,000ක් පසුගිය මාසයේ ලැව්ගිනි හේතුවෙන් නගරයෙන් ඉවත් කෙරුණු අතර ගින්නෙන් නගරයේ ගොඩනැගිලිවලින් තුනෙන් එකක් විනාශ විය.
Parks Canada සති අන්තයේ ප්‍රකාශ කළේ නගරයට තර්ජනයක් වෙමින් පවතින පාලනයෙන් බැහැර ලැව්ගින්නෙන් වයඹ දිග පරිමිතියෙන් සියයට 80 ක් පාලනය කර ඇති බවයි. “රට පුරා සිටින විස්මිත ගිනි නිවන භටයින්ගේ සහ අනෙකුත් ගිනි නිවන විශේෂඥයින්ගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ කැපවීම හේතුවෙන් ජැස්පර් මහ නගර සභාවට ඇති තවත් අවදානම් සැලකිය යුතු ලෙස අඩු වී ඇත” යනුවෙන් සති අන්තයේ ප්රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
නිලධාරීන් පවසා ඇත්තේ නගරයේ පාසල් සහ ජල පවිත්‍රාගාරය ඇතුළු ප්‍රධාන යටිතල පහසුකම් ඉතිරි වූ බවයි. Parks Canada සති අන්තයේ සඳහන් කළේ, ගෑස්, ජලය සහ විදුලිය වැනි අත්‍යවශ්‍ය සේවාවන් නැවත සම්බන්ධ කිරීමේ කටයුතු ඇතුළුව, පදිංචිකරුවන් නැවත පැමිණීම සඳහා සූදානම් වීමේ දී නගරයේ ක්‍රියාකාරකම් වේගවත් වෙමින් පවතින බවයි.