2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21දා පැවැත්වෙන බව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.එම ගැසට් නිවේදනයට අනුව අගෝස්තු මස 15වන දින ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා අපේක්ෂකයින්ගේ නාමයෝජනා දිනය ලෙස සඳහන් ය.
රාජගිරිය – සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාරගන්නා ස්ථානය ලෙසද, මෙම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී පෙරේරා මැතිවරණ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව වෙත එදින උදෑසන ඇප මුදල් තැන්පත් කර ඇත.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී පෙරේරා කියා සිටියේ ජනාධිපතිවරයා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කරන බවයි.කුමන පක්ෂ ජනාධිපතිවරයාට සහය දක්වන්නේද සහ ඔහු කුමන ලකුණින් තරග කරන්නේද යන්න පිළිබඳව විමසූ විට ඒ පිළිබඳව විස්තර පසුව අනාවරණ කරන බව ද ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී පෙරේරා මාධ්‍ය වෙත පවසා තිබේ.