ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් ජනාධිපති ධූර කාලය වසරකින් දීර්ඝ කර ගැනීමේ හැකියාව පිළිබඳව මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
මේ වනවිට මේ පිළිබඳව නීති ක්ෂේත්රයේ විශාරදයන්ගේ මතය විමසීමට ජනපතිවරයාට හිතවත් පාර්ශව කටයුතු කර ඇති අතර ඔවුන්ගේ මතය වී ඇත්තේ ජනාධිපතිවරයාගේ ධූර කාලය මේ අයුරින් වසර 5 සිට 6 දක්වා දීර්ඝ කරගැනීමට අවස්ථාවක් පවතින බව යි.
2015 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ වසර 6ක්ව පැවති ධූර කාලය වසර 5ක් දක්වා ඒ අවස්ථාවේ අඩු කළා සේ ම පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් ධූර කාලය වසර 5 සිට 6 දක්වා දීර්ඝ කර ගැනීමට හැකියාවක් පවතින බව ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා සඳහන් කරනවා.
ඒ සඳහා ඒ අවස්ථාවේ ජනමත විචාරණයක් නොපැවැත්වුණු බව ද ඒ මහතා සඳහන් කළා.
’78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(ආ) ව්‍යවස්ථාවේ සඳහන්ව ඇත්තේ ජනාධිපතිවරයාගේ ධූර කාලය හා පාර්ලිමේන්තුවේ කාලය සය අවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ 2/3කින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතුව ඇත යනුවෙන් යැයි නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා සඳහන් කළා. යම් විදිහකට ජනාධිපතිවරයාට 2/3ක බහුතරයක් නැතිවුවහොත් ජාතික වැදගත්කමින් යුත් කාරණයක් ලෙස ජනමත විචාරණයකින් සම්මත කර ගැනීමට හැකියාව පවතින බව ද ඒ මහතා ප්‍රකාශ කලා.