මැ.කෝ. ජනපති ඡන්දය ගැන කලින් කියයි. ඒ ගැන බොහෝ දෙනෙකුට සැකයක්….

දැන් දැන් දේශපාලන වේදිකාව ටිකෙන් ටික උණුසුම් වෙන්නට පටන් ගෙන ඇත. ඒ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය එළඹෙන සැප්තැම්බර් 17 ත් ඔක්තෝම්බර් 16 ත් අතර දිනකදී පවත්වන බවට මැතිවරණ කොමිසම නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් සමඟය. ඒ පිළිබඳ බොහෝ දෙනෙකුට සැක මතුව ඇත්තේ මාස 03 කට පෙර මැතිවරණ කොමිසම ඒ පිළිබඳව දැනුවත් කිරීමත් සමඟය. කල් දැමුණු පළාත් පාලන මැතිවරණය අවස්ථාවෙත් මැතිවරණ කොමිසම ක්‍රියාකළේ මෙලෙස බවට ඔවුන්ගේ චෝදනාවයි. කෙසේවෙතත් පොහොට්ටුව පැත්තෙන් කඩිනම් මැතිවරණයක් ලබා ගැනීමේ මෙහෙයුම මෙතෙක් අත්හැර නැති පාටය. ජනපති හා බැසිල් අතර පැවති අවසන් සාකච්ඡාවේදී ද ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පවත්වන ඉල්ලීම ඉදිරිපත් වී තිබුණි. එහෙත් ඊට සුබවාදී ප්‍රතිචාරයක් නොලැබුණු තැන මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්තෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා බැසිල් සූදානම් වන බවට ද මේ වන විට දේශපාලන ක්ෂේත්‍ර යේ ආරංචි පැතිර යමින් ඇත.

මැයි දිනය

ගෙවුණු මැයි දිනය කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානය වූවා වෙනුවට, මුළුමනින්ම පාහේ සංවිධානය වී තිබුණේ ඒ ඒ දේශපාලන පක්ෂවල හයිය පෙන්වීම සඳහාය. මැතිවරණයක් ආසන්නයේ පැවති මේ මැයි දිනයට සෑම ප්‍රධාන දේශපාලන පක්ෂයක්ම වැඩි බරක් තබා සංවිධානය කර තිබුණේ තමන්ගේ ශක්තිය රටටම පෙන්වීමටය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය මාලිගාවත්ත P.D. සිරිසේන ක්‍රීඩාංගනයේදී සංවිධානය වූ අතර, ඊට අතිවිශාල පිරිසක් සහභාගි විය. රැළියේ සංවිධාන කටයුතුවල වැඩි බරක් වජිර අබේවර් ධන දරා තිබූ අතර ඔහු දකුණෙන් කෝච්චි දෙකකින් සෙනඟ මැයි රැළියට ගෙන එන්නට කටයුතු කර තිබිණි. තවද මෙවර එ          වුන්ගේ චෝිතුාකච්ඡා ‍ෙ.ජා.ප. මැයි රැළියට මන්ත්‍රීවරු කිහිපදෙනෙකු එක්වන බවට කලින් කතාබහක් පැතිර ගිය අතර කිසිදු ස.ජ.බ. මන්ත්‍රීවරයෙකු එ.ජා.ප. මැයි රැළිය සමඟ එක්ව තිබුණේ නැත. වාසුදේවගේ පක්ෂය නියෝජනය කරමින් පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි මොණරාගල දිස්ත්‍රික් පාර් ලිමේන්තු මන්ත්‍රී ගයාෂාන් නවනන්දන පමණක් එ.ජා.ප. මැයි රැළිය හා එක්ව තිබිණි. රැළිය ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ ආර්ථික වශයෙන් රට ශක්තිමත් කිරීම සඳහා IMF සමඟ ගෙන යන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම කුමන හෝ දේශපාලන ව්‍යාපාරයක යුතුකම බවයි. ඒ සඳහා ස.ජ.බ. හා ජ.වි.පෙ. සමඟ ගිවිසුමකට ආරාධනා කරන බව ද ඔහු කියා සිටියා. ජනාධිපතිවරයා කොළඹ රැළියට පෙර ලංකා කම්කරු කොංග්‍රසය හැටන් නගරයේ සංවිධානය කර තිබූ මැයි රැළියට ගොස් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1700.00 ක් කරන බව ප්‍රකාශ කළේ කම්කරුවන්ගේ අත්පොලසන් මැදයි.

ස.ජ.බය ද මැයි දිනය පැවැත්වීම සඳහා කොළඹ නගරයේ ප්‍රධාන පිට්ටනියක් ඉල්ලා තිබුණද අවසන් මොහොතේ ඊට අවස්ථාවක් නොලැබිණි. ස.ජ.බය රැළිය තිබ්බේ කොළඹ කොටුව පහළ චැතැම්විදීයේය. ඊටද අතිවිශාල පිරිසක් පැමිණ සිටි අතර පිරිස මරදානේ සිට පෙළපාලියකින් රැළිය පැවති ස්ථානයට පැමිණිනි. ඊට සමඟි ජන සන්ධානයේ දේශපාලන පක්ෂවල නායකයන් හා නියෝජිතයන් සහභාගී වූ අතර පක්ෂ සභාපති සරත් ෆොන්සේකා ද එක්ව තිබිණි. නමුත් ෆොන්සේකාට මැයි රැළියේ කතාවක් හිමිනොවුණි. ඒ ෆොන්සේකා මේ දවස්වල ස.ජ.බය සමඟ ඇති කරගෙන ඇති මත ගැටුම නිසාවෙනි. කෙසේවෙතත් රැළිය ඇමතූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ රටේ සම්පත් සූරා කෑ අයවලුන්ගේ ධනය තම රජයක් යටතේ ජනතාවට ලබාදෙන බවයි. සජිත් ද කොළඹ රැළියට පෙර දිගම්බරම් සංවිධානය කර තිබූ මැයි රැළියකට තලවාකැලේට ගිය අතර එහිදී සජිත්ට වතු කම්කරුවන්ගෙන් ඉහළ පිළිගැනීමක් හිමිවිය.

ජාතික ජන බලවේගය ද මෙවර දිවයිනේ ප්‍රදේශ 04 කදී තම මැයි රැළි සංවිධානය කර තිබූ අතර ප්‍රධාන රැළිය පැවැත්වූයේ කොළඹ නගර ශාලාව ආසන්නයේය. මේ අනුව අනුරාධපුරය, යාපනය, මාතර හා කොළඹදී මැයි රැළි සංවිධානය කර තිබූ අතර මේ රැළි 04 සඳහාම අතිවිශාල ජනතාවක් සහභාගී වී සිටිනු දැකිය හැකිවිය. මාතර වෙරළ ක්‍රීඩාංගනයේ පැවති රැළියට පිරිස ගියේ නූපේ සිට පාගමනිනි. එය කිලෝමීටර් ගණනක් දිගට දැකගත හැකිවිය. ජාතික ජනබලවේගයේ නායක  අනුර කුමාර දිසානායක මාතර හා කොළඹ රැළිවලට සහභාගී වූ අතර එහිදී අනුරට ඉතා ඉහළ පිළිගැනීමක් හිමිවිය. රැළිය ඇමතූ අනුර කිවේ ජාතික ජනබලවේගය විපක්ෂයේ සිට පවත්වන අවසන් මැයි රැළිය මෙය වන බවයි. මේ අතර රැළියේ දී ලාල් කාන්ත කළ කථාවක් මේ වන විට දේශපාලන වේදිකාවේ ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබූ අතර එහිදී ලාල් කාන්ත කියා සිටියේ අධිකරණ බලය ගමේ පහලටම ලබාදෙන බවකි. එය යලි භීෂණයකට අනුග්‍රහය දීමක් බවට දේශපාලන ප්‍රතිවාදීන් වටකොට පහරදෙද්දී පාර්ලිමේන්තුවේදී හරිනි අමරසූරිය අලි අමාරුවක වැටිණි. හරිනි කිවේ එවැන්නක් අපේ පක්ෂය තුළ නොමැති බවකි.

පොහොට්ටුව ද හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් මැයි රැළිය කැම්බල් පිටියේදී පැවැත්වූ අතර ඊටද විශාල පිරිසක් සහභාගී වී තිබිණි. පොහොට්ටුවේ නායකයන් බොහෝ දෙනෙකු ඊට එක්ව සිටි අතර විදේශගත වීම හේතුවෙන්  ඇතැම් මන්ත්‍රිවරැ සහභාගී වී සිටියේ නැත. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා බව කියවෙන ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ද වේදිකාවේ බැසිල් ළඟින්ම අසුන් ගෙන සිටිනු දැකිය හැකිවිය. රැළිය ඇමතූ හිටපු ජනපති මහින්ද කීවේ කවුරු මේ රටේ ආණ්ඩු කළත් ඊළඟ ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව පිහිටවන්නේ තමන්ගේ සහය ලබන කණ්ඩායම බවයි.        

නිදහස් පක්ෂයේ අර්බුදය හේතුවෙන් පක්ෂයේ මෛත්‍රී පාර්ශවය පමණක් මෙවර මැයි දින රැළියක් සංවිධානය කළ අතර චන්ද්‍රිකා පාර්ශවය කීවේ තමන් රැළියක් සංවිධානය කළා නම්, පක්ෂය ස්ථිරවම දෙකට බෙදීමකට ලක්වන බවයි. ගම්පහ පැවති මෛත්‍රී පාර්ශවයේ රැළියට එක්වූ හිටපු ජනාධිපති මෛත්‍රී කීවේ කවුරු ආණ්ඩුවට හේත්තු වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට හේත්තු කිරීමට තමන් ඉඩ නොදෙන බවයි.

වීසා අවුල.

විදේශිකයින්ට ශ්‍රී ලංකාවට ඇතුලුවීමේදී On arrival  ක්‍රමයට වීසා නිකුත් කිරීමේදී එහි තාක්ෂණික කටයුතු VFS Global නැමැති සමාගමකට පැවරීමත්, වීසා ගාස්තු ඉහළ නංවා තිබීමත් පිළිබඳව පුළුල් සංවාදයක් පසුගිය සතියේ නිර්මාණය වී තිබුණි. එය දළුලා වැඩෙන්නට වූයේ වීසා නිකුත් කිරීමේ ගැටලුවක් හේතුවෙන් තරුණයෙකු ගුවන් තොටුපළේදී අප්‍රසාදය පළ කරන දර්ශන සහිත විඩීයෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වීමත් සමඟය. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේත්, කැබිනට් මණ්ඩලය තුළත් සාකච්ඡා වී තිබිණි. බොහෝ පාර් ශව චෝදනා කළේ එක් වරක් සඳහා ලබාදෙන වීසා ගාස්තුව ඩොලර් 50 සිට 100 දක්වා ඉහළ නංවා ඇති බවයි. ඉන් ඩොලර් 18 ක් පමණ සේවා හා පහසුකම් ගාස්තු ලෙස VFS Global සමාගමට ලැබෙන බවට චෝදනාවකි. එය ගැටලු සහගත බවත් එම මුදල යන්නේ කොහොටද යන්න පිළිබඳ ගැටලුවක් පවතින බවත් ඔවුන්ගේ චෝදනාව විය. කෙසේ වෙතත් මේ තත්ත්වය වර් ධනය වෙමින් පවතින සංචාරක කර්මාන්තයට බාධාවක් බව බොහෝ පාර්ශවයන්ගේ අදහස විය. කරුණු පැහැදිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කීවේ ගාස්තු ඉහළ නංවීම සිදු කර ඇත්තේ කැබිනට් අනුමැතිය හා පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් බවයි. කෙසේවෙතත් මෙම ගැටලුව මුල් කරගෙන සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවට කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබීමත් සමඟ ජනාධිපතිවරයා ඊට මැදිහත්ව තිබිණි. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ පැරණි වීසා ගාස්තු යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් වීසා නිකුත් කිරීම සිදු කරන බවයි. එහෙත් මේ දක්වා කටයුතු එලෙස සිදු නොවන බවට බොහෝ පාර් ශව යලි චෝදනා එල්ල කරමින් ඇත. ගුවන් තොටේ අප්‍රසාදය පල කළ තරැණයා පොලීසියට ගෙන්වා ප්‍රකාශයක් ලබා ගෙන තිබූ අතර, ඒ ගැන පාර්ලිමේන්තුවේදී පවා සාකච්ඡා විය. විපක්ෂයේ මන්ත්‍රීවරු බොහෝ දෙනෙකු ඉල්ලා සිටියේ ගැටලුව විසඳීම වෙනුවට තරුණයාට දඩුවම් දීම  නොකරන ලෙසයි.

ඩයනා එළියට මුජබර් ඇතුළට.

ගෙවුණු දින කිහිපය වඩාත් කථාබයට ලක්වූ හා උණුසුම් කළ මාතෘකාවක් වූයේ රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වීමයි. ඩයනා ගමගේ සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියකු ලෙස පාර්ලිමේන්තුවට පිවිස හිටපු ජනපති ගෝඨාභයට සහය පල කිරීමත් සමඟ දේශපාලන මත ගැටුමකට මුල් වූ අතර, මේ අතරතුර ඇය ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන බවට වන කරුණු පදනම්ව ඇයගේ මන්ත්‍රී ධූරය අභියෝගයට ලක් කරමින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් විය. සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා විසින් මෙම කරුණු අධිකරණයට වාර්තා කළ අතර එමඟින් කියා තිබුණේ ඇය බිත්‍රාන්‍ය පුරවැසිභාවය හිමි කෙනෙක් හා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර භාවිතා කර ඇති බවත් ඇය ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකු ලෙස කටයුතු කළ නොහැකි බවකි. දීර්ඝ නඩු විභාගයක් මේ පිළිබඳව සිදුවූ අතර අභියාචනාධිකරණය මෙම පෙත්සම ප්‍රතික්ෂේප කළේ බෙදුණු බහුතර තීන්දුවකිනි. පසුව එම තීන්දුවට එරෙහිව ඕෂල හේරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අතර එහි තීන්දුව ඒකමතිකව පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණි. නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරු මඬුල්ල කියා සිටියේ ඩයනා ගමගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය තහවුරු කිරීමට අපොහොසත්ව ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම, ඡන්ද ප්‍රකාශ කිරීම කළ නොහැකි බවයි. ඒ අනුව ඩයනාගේ මන්ත්‍රී ධූරය අහෝසි වූ අතර එම පුරප්පාඩුවට ස.ජ.බය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන්ගේ නම යෝජනා කළ අතර පසුගියදා ඔහු යලි මන්ත්‍රී ධූරයේ දිවුරුම් දුන්නේ එකම පාර්ලිමේන්තුවක දෙවරක් දිවුරුම් දුන් මන්ත්‍රීවරයෙකු ලෙසයි. මුජබර් කල් දැමුණු පළාත් පාලන මැතිවරණයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරඟ වැදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූ අතර, ඔහු කළ කැප කිරීමට කෘතගුණ සැලකීමක් ලෙස යලි මන්ත්‍රීවරයෙකු ලෙස පක්ෂයෙන් ඔහුව යෝජනා කර තිබිණි.

ඩයනාගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමඟ, අළුත් දේශපාලන මාතෘකාවක් කරලියට  පැමිණ ඇත. ඒ පසුගිය මහ මැතිවරණයේදී ඩයනා ගමගේ ලේකම් ධූරය දැරූ දේශපාලන පක්ෂය විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තරඟ වැදීම සඳහා ලබා ගැනීම පිලිබදවයි. එහිදී ඩයනාගේ පක්ෂය හා එක්ව තවත් දේශපාලන කණ්ඩායම් සමඟ සමඟි ජනබලවේගය ගොඩ නැගූ අතර එමගින් මැතිවරණයට තරඟ කළ නාම යෝජනා අත්සන් කර තිබුණේ සමඟි ජනබලවේගයේ මහලේකම්වරයා ලෙස පත්කර ගැනුණු රංජිත් මද්දුමබණ්ඩාර විසිනි. කෙසේ වෙතත් ඩයනාගේ පාර්ශවය පවසන්නේ තමන් ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන්නේ නම් තමන් ලේකම් ධූරය දැරූ දේශපාලන පක්ෂය වලංගු වන්නේ කෙසේද යන්නයි. මේ සංවාදය මේ වන විට විවිධ තර්ක විතර්ක මැද සාකච්ඡාවට ලක්වන අතර ඩයනාට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද මේ වන විට අධිකරණය ලබා දී ඇත. ඩයනා ද තමන් ස.ජ.බයෙන් නෙරපීමට එරෙහිව ගොනු කළ නඩුව අධිකරණයේ විභාගයට ගැනීමට නියමිතය.

මේ අතර මීට පෙර ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහ මහත්මියට වරක් සිය මන්ත්‍රී ධූරය අහිමි වූ අතර ඇය සිය ස්විට්සර්ලන්ත පුරවැසිභාවය ඉවත් කරගෙන යලි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස වරම් දිනා ගන්නට පසුගිය මහමැතිවරණයේදී සමත්විය. මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ද ජනාධිපතිවරණය ආසන්නයේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ චෝදනා එල්ල විය. මේ අතර ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ පාර්ලිමේන්තුවේ සිටින බවට තොරතුරු වාර්තාවන බව දේශපාලන කවයේ සාකච්ඡා වෙමින් තිබිණි.  

අරගලයට වසර 02 යි.

පැවති රජයේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ගෙදර යැවූ ජනතා අරගලයට පසුගිය 09 වෙනිදාට වසර 02 ක් සම්පූර්ණ විය. ගාලු මුවදොර පැවති අරගල භූමියට පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් පිරිසක් පහර දීමත් සමඟ රටපුරා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත්වුණු අතර බොහෝ දේපළද විනාශ විය. මෙලෙස අරගලය අතරතුර නිට්ටඹුවේදී ඝාතනයට ලක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයා වෙනුවෙන් සැමරුම් උත්සවයක් නිට්ටඹුවේදී  සංවිධානය කර තිබූ අතර, ඊට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන කිසිදු පොහොට්ටු මන්ත්‍රීවරයෙකු පැමිණ නොතිබීම ගැන කාගේත් විමතියට හේතු වී තිබිණි. මේ අතර අරගලයේ නිරත වූ පාර් ශව එය සිහි කිරීම සඳහා එන්.එම්. පෙරේරා කේන්ද්‍රයට රැස්ව තිබිණි.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *