දශකයකට පසු ඔන්ටාරියෝහි සරම්ප මරණයක්

ඔන්ටාරියෝ හි කුඩා දරුවෙකු සරම්ප රෝගයෙන් මිය ගොස් තිබෙනවා.ඒ වසර 10 ක  තුළ අධික ලෙස බෝවන වෛරසයකින් පළාතේ පළමු මරණය සනිටුහන් කරමින්.මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු පහට අඩු දරුවෙක්.

පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද  වාර්තාවකට අනුව දරුවාට වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණය ලබා දී නැහැ.

දශකයකට වැඩි කාලයකට පසු පළාතේ සිදුවූ පළමු සරම්ප මරණය මෙය බව ද එම වාර්තාව තහවුරු කලා.සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ 2024 දී පළාතෙන් සරම්ප රෝගීන් 22 ක් වාර්තා වී ඇති බවයි. එම පුද්ගලයින්ගෙන් 13 දෙනෙකු ළමුන් වන අතර නව දෙනෙකු වැඩිහිටියන් වනවා. වැඩිහිටියන්ගෙන් හතර දෙනෙකුට කලින් ප්‍රතිශක්තිකරණය ලබා දී ඇති අතර, දෙදෙනෙකුට ප්‍රතිශක්තිකරණය ලබා දී නැහැ. දෙදෙනෙකුට නොදන්නා ප්‍රතිශක්තිකරණ තත්වයක් වාර්තා වී තිබුණා.

මෙම තත්වය විවිධ මහජන සෞඛ්‍ය ඒකක නවයක් පුරා පැතිරී ඇති අතර ඉන් රෝගීන් 15 හෝ 22 නෙකුගේ සම්ප්‍රේෂණයේ ප්‍රභවය සංචරනය යැයි විශ්වාස කෙරෙන‍වා.වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ටොරොන්ටෝ  සහ හැමිල්ටන් හි මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් වාර්තා කරන ලද අතර, ඒ සෑම එකක්ම පිළිවෙලින් ඔවුන්ගේ කලාපවල සරම්ප රෝගීන් හය දෙනෙකු තහවුරු කරනු ලැබුවා.

මේ වනවිට රෝගීන් පස්දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඔවුන් සියලුදෙනා එන්නත් නොකළ වයස අවුරුදු නවයට අඩු ළමුන් වනවා. මිය ගිය දරුවාද රෝහල් ගත කළ ළමුන් අතර වන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *