දෙදින නිල සංචාරයක නිරතවූ ජපාන විදේශ අමාත්‍යවරිය වන Yōko Kamikawa සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි..ෙශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදවා ගනිමින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ මෙන්ම ඒ වෙනුවෙන් සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙහිදි ජපාන විදේශ ඇමතිනි යෝකෝ කමිකාවා මහත්මියගේ ඇගයීමට ලක් වූ බව වාර්තා වේ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (BIA) පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සහ සැහැල්ලු දුම්රිය (LRT) ව්‍යාපෘතිය ඇතුළු ජපාන රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක, දැනට අතරමග නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති නැවත කඩිනමින් ආරම්භ කිරීම තම රජයේ අරමුණ බව ද ජපාන විදේශ අමාත්‍යවරිය මෙහිදී සඳහන් කර ඇතෙශ්රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් තැබීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වු බවයි වාර්ථාවන්නේ.
කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින ජපාන විදේශ අමාත්‍ය කමිකාවා මහත්මිය, ශ්‍රී ලංකාවේ ඊට අදාළව නව නීති සම්පාදනය කරමින් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ගෙන ඇති සාධනීය පියවර ඇගයීමට ලක් කළ බව සඳහන් වේ
ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින ඓතිහාසික සබඳතාව මෙහිදී සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙරටටම ප්රතිලාභ සැලසෙන අයුරින් දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම තම අරමුණ බවද පැවසීය.පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ජපානය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දුන් සහාය පිළිබඳව සිය ස්තූතිය පිරිනැමීමටද ජනාධිපතිවරයා අමතක නොකළේය.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජපාන විදේශ කටයුතු අමාත්‍ය Yōko Kamikawa මහත්මිය අතර සුවිශේෂී හමුවක්ද සිදුවිය.
මෙහි දී දෙපාර්ශ්වය විසින් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක යෙදුණු අතර මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජපාන විදේශ ඇමතිවරියව දැනුවත් කරමින් ඉන් අත්මිදීමට සමගි ජන බලවේගයට ඇති සැලසුම් සම්බන්ධයෙන් ද පැහැදිලි කිරීමක් සිදු කළේය.
එසේම මෙම වසර මෙරට දේශපාලනයේ තීරණාත්මක වසරක් බවත් මෙම වසර තුළ තීරණාත්මක මැතිවරණයක් පැවැත්වෙන බැවින් ඒ සම්බන්ධයෙන් ඇයව දැනුවත් කිරිමට ද කටයුතු කරන ලදී. එසේම පවතින දුර්දාන්ත පාලනය අවසන් කර ජනතාවාදී ජනහිතකාමී පාලනයක් ඇති වීමෙන් පසු රට නැවත වරක් යථා තත්ත්වයට ගැනීම සඳහා සමගි ජන බලවේගය සැලසුම් කර ඇති ආකාරය ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දැනුවත් කර ඇත.