කැනේඩියානු මැරතන් ක්‍රිඩිකා Natasha wodek ගේ වොඩගේ පැරිස් ඔලිම්පික් සිහිනය බොඳ වුණා. ඒ සුදුසුකම් ලැබීමේ තරගයේදී ඇය අසාර්ථකවීම හේතුවෙන්. ඔලිම්පික් ප්‍රවේශය ලබා ගැනීම සඳහා මාස පහළොවක් තිස්සේ පැවැති ඇයගේ උත්සාහය ජර්මනියේ දී අවාසනාවන්ත ලෙස අවසන් වුණා.
42 හැවිරිදි ඇය කිලෝමීටර හතළිස් දෙකයි දශම දෙකක ධාවන තරගයේ අතරතුර ඇති වූ මස් පිඩු පෙරළීමක් හේතුවෙන් තිස් වැනි කිලෝමීටර් සීමාවේදී ආබාධයකට ලක් වුණා. තරගය ආරම්භයේදීම ඇය තරමක උදරාබාධයකින්ද පෙළි තිබූ අතර ඇය එම තත්ත්වය ඉවසාගෙන ධාවනයේ යෙදී තිබු බවයි වාර්තාවුණේ.. මේ හේතුවෙන් ඇයට අවශ්‍ය පරිසාධණ මට්ටමට ළගා වීමට නොහැකි වුණා . සිය හෝටල් කාමරයේ සිට instagram ඔස්සේ වීඩියෝ සටහනක් තබමින් නටාෂා කියා සිටියේ කණගාටුදායක ලෙස තමන්ගේ ඔලිම්පික් සිහිනිය අවසන්ව ඇති බවයි.