තිවංක පිළිමගෙයි සිතුවම් විනාශ මුඛයට

දකුණු ආසියාවේ ඉපැරණි කලාගාරයක් ලෙස සැලකෙන පොලොන්නරුව තිවංක පිළිමගෙය සඳහා ඉදිකර ඇති වහල නිසි ප්‍රමිතියකින් තොරවීම හේතුවෙන් එහි පෞරාණික සිතුවම් විනාශ වීමට පටන්ගෙන තිබේ.පැරණි වහල අබලන් වීම නිසා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් ඉකුත් 2015 දී මේ සඳහා අලුතින් වහලක් ඉදිකළද, එය සවිකර ඇත්තේ පිළිමගෙය විහාර මන්දිරයේ බිත්තිවලට අඩි 12 පමණ උසකින් බව, පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමි පෙන්වා දෙයි.ඒ තත්ත්වය මත වර්ෂාවෙන්, සුළඟින් මෙන්ම අන් රශ්මියෙන්ද විහාරය තුළ ඇති සිතුවම්වලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි සමිත හිමියෝ අවධාරණය කරති.

එමෙන්ම අලුත් වහලයට යටින් ඇති පැරණි වහල සහ එහි දිරාපත් වූ ලී දඬු විහාර ගර්භය තුළට ඇද වැටීමේ අවදානමක් පවතින බවද උන්වහන්සේ ප්‍රකාශ කරති.මෙහි ඇති දේවාරාධනාව, දේවාරෝහණය නමැති සිතුවම් මෙන්ම ද්වාර මණ්ඩපයේ ඇති සිතුවම් ද මේ හේතුවෙන් විනාශ වන්නට පටන් ගෙන ඇත.මේ පිළිබඳව අවස්ථා ගණනාවකදී අදාළව බලධාරීන් දැනුම්වත් කර ඇතැයිද සමිත හිමියෝ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *