රුසියාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවා ඇති බව ෆ්රාන්ස් 24 පුවත් සේවය වාර්තා කරයි. එම මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එළඹෙන ඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැවැත්වීමට නියමිත බැවින් එහි ආරක්ෂාව තහවුරු කිරීමට ජනපතිවරයා කටයුතු යොදමින් ඇති බව ය.ඔලිම්පික් සහ පැරාලිම්පික් තරගාවලිය ආසන්න වන විට මිලියන ගණනින් ප්‍රේක්ෂකයන් පැරිස් අගනුවර ඇතුළු ප්‍රංශ නගරවලට පැමිණීමට නියමිත ය.එම සංචාරක ප්‍රේක්ෂකයන්, ක්‍රීඩකයන් ඇතුළු සියලු ම දෙනාගේ ආරක්ෂාව ගැන සැලකිල්ලක් දක්වන මොහොතක ප්‍රංශය මෙසේ ආරක්ෂක අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වසරේ ජූලි මස 26 වන දා සිට අගෝස්තු 11 වන දා දක්වා ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිත ය.ජනයා ගැවසෙන සහ එක්රැස් වන ස්ථානවල ඉහළ මට්ටමක ආරක්ෂාවක් පවත්වා ගැනීමට ජනපති මැක්රොන් තීරණය කර ඇති අතර ලබන ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය ප්‍රංශයේදී පැවැත්වීමට මාස කිහිපයක් පමණක් ඉතිරිව තිබෙන බැවින් ඉස්ලාම් අන්තවාදීන්ගේ ප්රහාරයන් වළක්වා ගැනීමට සූදානම් විය යුතු බවට ප්‍රංශ අගමැති ගේබ්‍රියල් අටාල් පවසයි.
ඔහු සිය එක්ස් (මිට පෙර ට්විටර්) ගිණුමෙහි සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.
ප්‍රංශයේ ත්‍රස්ත අනතුරු ඇඟවීමේ පද්ධතියේ ප්‍රධාන මට්ටම් තුනක් ඇති අතර එහි ඉහළ ම මට්ටම ක්‍රියාත්මක වන්නේ, ප්‍රංශයේදී ම එල්ල වන ප්‍රහාරයක් හෝ ප්‍රංශයේ ආරක්ෂාවට තර්ජනයක් වන විදේශයක සිට එල්ල වන ප්‍රහාරයකින් පසුව හෝ රටට එවැනි තර්ජනයක් ආසන්න යැයි සලකන අවස්ථාවකදී ය.
මීට පෙර 2015 වසරේ ප්‍රංශයේ පැරිස් අගනුවර බැටක්ලෑන් ප්‍රසංග ශාලාවේ සිදුවූ අන්තවාදීන්ගේ වෙඩි තැබීම් ත්‍රස්ත ප්‍රහාරයෙන් එහි පුද්ගලයන් 130 ක් මිය ගිය අතර ඉන් පසුව ප්‍රංශය එවැනි අත්දැකීමකට මුහුණදී නොමැති අතර රුසියාවට එල්ල වූ දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු මෙසේ එරට ආරක්ෂාව දැඩි කිරීමට ප්‍රංශ රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.