ඔබේ කැනේඩියානු සිහිනයට අත්වැලක්

කැනඩාවට පැමිනීමට අපේක්ෂාවෙන් සිටිනා අය මෙන්ම තමාගේ ඥතීන් කැනඩාවට ගෙන්වා ගැනීමට අදහස් කරන, කැනේඩියානු ශ්‍රී ලාංකිකයින්ටඒ සඳහාඅවශ්‍ය මූලික තොරතුරුසැපයෙන ලිපි පෙලේ ආරම්භක ලිපියයි මේ.

අද ලංකාවේ පවතින ආර්ථික, දේශපාලන සහ සමාජ ගැටළු හේතුවෙන් ලාංකිකයින් රට හැර යාමේ විශාල ප්‍රවණතාවයක් තියෙනවා. එහෙත්, එය ඉතාමත් පටු අරමුණකින් ගත යුතු තීරණයක් නොවිය යුතු බවයි මගේ හැඟීම. කැනඩාව කියන්නේ තමා සිතූ පැතූ සියල්ල සඵල කරගත හැකි ඛේතුමතී රාජ්‍යයක්ලෙසටයි අපි ලාංකිකයින්සිතේ මවාගෙන ඉන්නෙ. නමුත්එය ඔබ සිතනා ආකාරයේ රෝස මල් ඇතුරූමාවතක් නොවේ. සංක්‍රමණිකයාගේඅධ්‍යාපනය, රැකියා අත්දැකීම්, පවුලේ සංඛ්‍යාව, ආර්ථික ශක්තිය වැනි සාධක මත, ඒ පුද්ගලයාට කැනඩා ජීවිතයට හුරු වීමට අවම වශයෙන් වසර කිහිපයක් ගත වෙනවා.එමනිසා, කැනඩා සංක්‍රමණය ගැන තීරණයක් ගැනීමට ප්‍රථම,  ඔබ සිටිනා වාතාවරණය, කැනඩාවේ මුල් වසර කිහිපයේදී ඔබට මුහුණ දිය හැකි ගැටළු සමඟ සංසන්දනාත්මකව බැලීම ඉතාමත් කාලෝචිතයි.

කැනඩාව කියන්නෙ සංක්‍රමණික හිතකාමී රටක්. පළමු සංක්‍රමණිකයන් කැනඩාවට පැමිණියේ මීට වසර 400 කට පමණ පෙර, නමුත් 1960 සහ 1970 ගණන්වල නීති සම්පාදනය කැනඩාව අද පවතින සංක්‍රමණ පාලන තන්ත්‍රයට පදනම දැමුවා පමණක් නෙවෙයි, බහු සංස්කෘතිකවාදයටත් හොඳ අඩිතාලමක් දැම්මා. අද කැනඩාව තමාගේනිජබිම කර ගැනීම සඳහා බොහෝ පිටරැටියන්ගේ ආකර්ෂනයට ලක්වීමට ප්‍රධානම හේතුව තමයි මෙරට නවකයන් කෙරෙහි දක්වන ධනාත්මක ආකල්පය.

man, canoe, kayak-4380804.jpg

පිටරැටියන් කැනඩාවට ආදරය කරන බොහෝ හේතු තියෙනවා. කැනඩාව යනු ජාතිය සහ ආගම නොසලකා මිනිසුන්ට සාමකාමීව ජීවත් වීමට නීතියෙන් අවසර දෙන රටක් වගේම, ලෝකයේ ධනවත්ම සහ සංවර්ධිතම රටවලින් එකක්.  2023, US ප්‍රවෘත්ති ශ්‍රේනිගත කිරීමට අනුව, කැනඩාව  2023 වර්ෂයේලෝකයේ ජීවත්වීමටහොඳම දෙවන රට ලෙස නම් කලා.

https://www.usnews.com/news/best-countries/rankings

පාෂාණ කඳු, විල්, නයගරා ඇල්ල ඇතුළු විශිෂ්ට ස්වභාවික සුන්දරත්වය, සුපිරි සෞඛ්‍ය සේවා පද්ධතිය, ශක්තිමත් සමාජ ආධාර වැඩසටහන්, සැමට සාධාරණව හා සමානව සලකන අපක්ෂපාතී නීති පද්ධතිය, මූලික මානව හිමිකම් සහිත නිදහස් සමාජය, දේශපාලන ස්ථාවරත්වය, ශක්තිමත් බැංකු පද්ධතිය, විශිෂ්ඨ ව්‍යාපාරික අවස්ථා, විශිෂ්ඨ ජාත්‍යන්තර කීර්තියක් ඇති කැනේඩියානු විශ්ව විද්‍යාල ක්‍රමය, මේ අතර විශේෂ ස්ථානයක් ගන්නවා.  මේ සියල්ලටම වඩා, කැනඩාව වැඩිහිටි පුරවැසියන්ට,කාන්තාවන්ට සහ ළමයින්ට ඉතා සුරක්ෂිත තෝතැන්නක්.

2023 නොවැම්බර් මාසයේදී, කැනේඩියානු ආගමන අමාත්‍ය Mark Miller,2024, 2025 සහ 2026 වසර තුන තුළ වසරකටනව ස්ථිර පදිංචිකරුවන් 500,000ක් පිළිගැනීම සඳහා සංක්‍රමණ ක්‍රියාවලිය වේගවත් කරන බව නිවේදනය කලා.

අපි දැන්සංක්‍රමණය පිළිබඳව කැනඩාවේ දෘෂ්ටිකෝණය බලමු.

කැනඩාවේ ආර්ථිකයේ, රැකියා කරන්නන් ගෙවන ආදායම් බදුවලට සැලකිය යුතු බරක් හිමි වෙනවා. මේ බදු මුදල්, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, ප්‍රවාහනය වැනි අපගේ පොදු සේවාවන් සඳහා සෑහෙන්න දායකත්වයක් දරනවා. කෙසේ වෙතත්,මේ බදු ලබා ගැනීමට නම්, පවතින රැකියා පිරවීම සඳහා සුදුසුකම් ලත් සේවකයින් සිටීම අතිශයින් වැදගත්. ඒත් ගැටළුව තමයිසීමිත දරුවන් ඇතිකැනේඩියානුවන්ගේආයුෂ කාලයත් සාපේක්ෂව වැඩිවීම.කැනේඩියානු පාසැල්වල ඉන්නේ අඩු දරුවන් සංඛ්‍යාවක්වගේම විශ්‍රාම යන ප්‍රතිශතයට සරිලන සේ කැනේඩියානු උපත ලබන සේවකයින් ඇත්තේසීමිත ප්‍රමානයක්. කැනඩාව විශාල රටක් උනත්, උපත් අනුපාතිකය ක්‍රමයෙන් අඩුවෙමින් පැවතුනත්, වාර්ෂිකව නව ශ්‍රමිකයින් අවශ්‍ය වන විශාල, කාර්මික සහ තාක්ෂණික අංශ ගොඩ නැංවී තියෙනවා.ඒකයි විදේශික ශ්‍රමයේ අවශ්‍යතාවය ඉතා වැදගත්.

සංක්‍රමණිකයින්ගේ වැදගත්කම වන්නේකැනේඩියානු ශ්‍රම බලකාය වැඩිදියුණු කිරීම සහ බදු ගෙවීම පමණක් නෙවෙයි.කැනේඩියානු ආර්ථික ප්‍රවාහයට අවශ්‍යභාණ්ඩ, නිවාස,සහ අනිකුත් ද්‍රව්‍ය පරිභෝජනයෙන් ඇති බලපෑමරටේ ආර්ථිකයට ඒ වගේම වැදගත්වීමයි.වර්තමානය සහ 2100 අතර ගෝලීය ජනගහනය සහ ආර්ථික ප්‍රවණතා ප්‍රක්ෂේපණය කරන නව අධ්‍යයනයකට අනුව, රටේ ඉතිරි ශතවර්ෂයේ ලෝකයේ විශාලතම ආර්ථිකයක් පවත්වා ගැනීමට අවශ්‍ය නම්, සංක්‍රමණ සඳහා කැනඩාවේ වත්මන් විවෘතභාවය දිගටම තබා ගත යුතුයි.

2022 වාර්තාවකට අනුව, කැනේඩියානු ඉතිහාසයේ පළමු වතාවට, වයස අවුරුදු 15 ට අඩු ළමයින්ට වඩා, වයස අවුරුදු 65 ට වැඩි කැනේඩියානුවන් වැඩි ප්‍රමාණයක් සිටිනවා. එයට හේතුව තමයිවසර 50 කට ආසන්න කාලයක් කාන්තාවන්ට දරුවන් දෙදෙනෙකුට වඩා අඩුවෙන් සිටීම. මෙම මානව ජන සංයුතිය මාරුවීමට හේතුව තමයි, අඩු සාඵල්‍යතා අනුපාතය – 2021 දී ජනගහනය 1000 කට උපත් 10.25 ක්. ජනගහනයට මරණ අනුපාතිකය සමාන වීමට නම්අවම වශයෙන් එක් කාන්තාවකට උපත් 2.1 ක උපත් අනුපාතයක් අවශ්‍ය වෙනවා.නමුත් කැනඩාව 1971 සිට මෙම සීමාව සපුරා නැහැ. ආයු අපේක්ෂාව ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින අතර වයස අවුරුදු 85 සහ ඊට වැඩි පුද්ගලයින් සංඛ්‍යාව දෙගුණ වී තිබෙනවා. 2001 සිටජනගහන ප්‍රක්ෂේපනවලට අනුව, මෙම සංඛ්‍යාව 2046 වන විට තුන් ගුණයකින් වැඩි විය හැකියි.වැඩි පිරිසක් වයසට ගොස් ශ්‍රම බලකායෙන් ඉවත් වන විට, එය ආර්ථික වර්ධනයටද අහිතකර ලෙස බලපානවා. 2022 දී පැවති වයස්ගත යැපුම් අනුපාතය පවත්වා ගැනීමට නම් 2040 වන විට වැඩ කරන වයසේ ජනගහනය වසරකට සියයට 2.2 කින් වර්ධනය විය යුතුමයි.

සංක්‍රමණය හේතුවෙන්, කැනඩාවේ ශ්‍රම බලකාය සෑම වසරකම අඛණ්ඩව වර්ධනයවීමත් සමඟමමේ  පැමිනෙන අය ඔවුන් තෝරාගත් ක්ෂේත්‍රවල රැකියා සොයා ගන්නේ නම් දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නැංවිය හැකියි.මෑත වසරවල කැනඩාවට ඇතුළත් වූ සංක්‍රමණිකයන්ගෙන් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 45 ට අඩු අය. එබැවින්ඔවුන්ට කැනඩාවේ සේවය කිරීමටවසර ගණනාවක් තිබීම රටට ඉතා වාසිදායක තත්වයක්.

කැනඩාවට සංක්‍රමණය නිසැකවම අවශ්‍ය වුවත්, මේ ක්‍රියාවලියකැනේඩියානු ආගමන ප්‍රතිපත්ති, පශ්චාත් ද්විතීයික අධ්‍යාපනය, නිවාස, ශ්‍රම වෙළඳපොළ, වීසා සහ සංක්‍රමණ ක්‍රියාවලීන් කෙරෙහි අනපේක්ෂිත ඍණාත්මක බලපෑම් ඇති කරලා තියෙනවා. ජාත්‍යන්තර සිසුන්ගේ පැමිණීම නිවාස සඳහා දැඩි පීඩනයක් එල්ල කරලා තියෙනවා:නවාතැන්(Shelters)සහආහාර බැංකු(Food Banks) නව සංක්‍රමණිකයන්ගෙන් පිරී ඉතිරී ගිහින්. ඒනිසා, මේ නව සංක්‍රමණඉලක්ක හුදෙක් තවත් මුහුණු පිළිගැනීමක් ලෙස සලකන්න බැහැ. කැනඩාවේ ඇති මානව ජන සංතුලිත ප්‍රශ්නය විසඳීමක් ලෙස සංක්‍රමණ සිහිනය සාක්ෂාත් කර ගැනීමට කැනඩාවට අවශ්‍ය නම්, මෙම බාධක ඉවත් කිරීමට ෆෙඩරල්, පළාත්, නාගරිකරජයන් මට්ටම් තුනම අත්වැල් බැඳගෙන කටයුතු කළ යුතුමයි.

braids, girl, woman-3959201.jpg

කැනඩාවට ගොඩ බැසීමෙන් පසු:

කැනඩාව ඔබේ මව්බිම ලෙස තෝරා ගැනීමට හොඳම රටවලින් එකක් වුවද, කැනඩාවේ ඔබගේ පලමු වසර 4 තුළ, විශේෂයෙන් පළමු සති 2 තුළ ඔබට ඇදහිය නොහැකි තරම් අභියෝගාත්මක අත්දැකීමක් වලට මුහුණදීමට සිදු වෙන්න පුලුවන්. විශාලතම ගැටළුවලින් සමහරක් තමයි කැනඩාවේ කාලගුණය, රැකියා, නිවාස, භාෂාව, සේවා පහසුකම් ලබා ගැනීමට නොදැනීම.වර්තමානයේකැනඩාවේ උද්ධමන අනුපාතය සාපේක්ෂ වශයෙන් ඉහළ මට්ටමක පවතින නිසා, සංක්‍රමණිකයන්ට දැරිය හැකි මිලකට නිවාස ලබා ගැනීම විශාල අභියෝගයක්වෙලා.කැනේඩියානු රජය මෙම ගැටළු තේරුම් ගනිමින්, ඒ අයව රඳවා තබා ගැනීමට උපරිමයෙන් උත්සාහ දැරුවත් සමහර කලකිරුණුසංක්‍රමණිකයින් කැනඩාව හැර යනවා.

බලමු මෙම බාධක අවම කර ගැනීමට කළ යුතු සහ නොකළ යුතු දේවල් කිහිපයක්:

  1. ඔබ ශීත ඍතු මාසවලදී කැනඩාවට පැමිනෙනවා නම්, ශීත ඇඳුම් කිහිපයක් රැගෙන ඒම ඥානවන්ත ක්‍රියාවක්.
  2. ඔබ කැනඩාවට පැමිණීමට පෙර පවා, කැනඩා ජීවිතයට සූදානම් වීමට සහ හැඩගැසීමට නොමිලේ පූර්ව සේවාවන් ලබාගන්න පුළුවන්(pre-arrival Canadian government online services). https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/new-immigrants/new-life-canada/pre-arrival-services.html
  3. කැනඩාවටදැනටමත් පැමිණ ඇති අයට, ලඟම ඇති Service Canada officesවලින්ඒ සේවා ලබා ගන්න පුලුවන්. නව සංක්‍රමණිකයන් සඳහා:ඔබට ආසන්න ස්ථානය සොයා ගැනීමට,ඔබ සිටිනා නගරය Type කරන්න.

https://www.servicecanada.gc.ca/tbsc-fsco/sc-hme.jsp?lang=eng

  • නවාතැනක් සොයා ගැනීම කැනඩාවට එන සංක්‍රමනිකයින්ගේක්ෂණික අවශ්‍යතාවයක්. ඔබට උපකාර කිරීමට Canadian government කාර්යාලයකටසොයා ගැනීමට: වෙබ් අඩවියට ගොස්,  ඔබ සිටින නගරය Type කර බලන්න.

https://www.servicecanada.gc.ca/tbsc-fsco/sc-hme.jsp?lang=eng

ඔබ කැනඩාවටපැමිණීමට පෙර පවා, ඔබට Kijiji, Apartments.com, Facebook Marketplace, rentals.caවැනි වෙබ් අඩවියන්ට ගොස් කුලී ස්ථාන සෙවීම ආරම්භ කරන්න පුළුවන්.

කැනඩාවේ, ජීවත් වීමට වඩාත්ම මිල අධික පළාත British Columbia.නමුත් කැනඩාවේ මිල අධිකම නගරය වන්නේ Ontario ප්‍රාන්තයේToronto නගරය. ඔබ බහු සංස්කෘතික නගරයක ජීවත් වීමට කැමති නම්, ඔබ තෝරා ගත් යුත්තේකැනඩාවේ ටොරොන්ටෝ සහ මොන්ට්රියල් නම්වූනගර. ඇත්ත වශයෙන්ම, Torontoකියන්නෙලෝකයේ වඩාත්ම බහු සංස්කෘතික නගරය. කෙසේ වෙතත්, Montreal නගරයේ කුලී නිවාස සහ ජීවන වියදම Toronto වලට වඩා බොහෝ අඩුයි.

https://wowa.ca/cost-of-living-canada

canada, sunrise, morning-2707557.jpg

කැනඩා PR ලබා ගැනීමට පහසුම මාර්ගය ඔබගේ Profile එක මත රඳා පවතිනවා.

  • Express Entry Program (වෘත්තිකයන් සහ වෙළඳ සේවකයින් සඳහා)
  • Provincial Nomination Programme (Express Entry අවශ්‍යතා සපුරාලීමට නොහැකිඅය සඳහා)
  • Business Investor Program (ආරම්භ වෙන්නේඅවම CAD $150,000 ආයෝජනක් කල හැකි අයගෙන්)
  • Work Permit (කැනේඩියානු රැකියා හිමියෙකුගේ LMIA ලියවිල්ලක් ඇති අය )
  • Study Visa(උපාධිධාරීන් හෝ උපාධිධාරීසිසුන් සඳහා)
  • Visitor Visa (කැනඩාවට පැමිණි පසුවීසා LMIA වලට හරවා ගැනීම  )
  • Atlantic Immigration Nominee Program (AIP-අත්ලාන්තික් සංක්‍රමණ නාමික වැඩසටහනඅත්ලාන්තික් කැනඩාවේ පිළිගත් පශ්චාත් ද්විතීයික ආයතනයක ජාත්‍යන්තර උපාධිධාරී)

ඔබ කැනඩාවට ගොඩ වූ වහාම, නවාතැනක් තෝරා ගැනීමෙන් පසුව, කළයුතු පළමු දේ වන්නේ, Social Insurance Number සහ Health Card ලබා ගැනීමයි.

  1. Social Insurance Number යනු සෑම දෙයකටම, රැකියාවකට, රජයේ වැඩසටහන් සහ ප්‍රතිලාභ වෙත ප්‍රවේශ වීමට, බැංකු කටයුතු සඳහා ඔබේ අනන්‍යතාවඔප්පු කරනා කැනඩා රජය විසින් නිකුත් කරනු ලබන හැඳුනුම් පත. එය ඉලක්කම් 9 ක අංකයක් වන අතර කෙටියෙන් SIN ලෙස හැඳින්වේ. ඔබට Online හෝ පහත දක්වන මුල් ලේඛන තුන සමඟින් කැනඩාවේ ඕනෑම නගරයක Service Canada කාර්යාලයකින් අයදුම් කල හැකිය.

•    Permananent Resident Card(PR Card), Work Permit, Study Permit හෝ Diplomatic Identificationවැනි කැනඩාවේ ඔබේ identity සහ legal status සනාථ කරන ප්‍රාථමික හැඳුනුම්පත

    •   Passport හෝ Health Card වැනි ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීමට ද්විතීයික ලේඛනය

    •   තෙවන ලේඛනය වන්නේ Marriage, Divorce හෝ Adoption වැනි උපකාරක ලියවිල්ලක්.

2. Health Card

කැනඩාවේ සෞඛ්‍ය සේවාව කියන්නෙ, මෙරට ලෝකයේ ඉතා ප්‍රසිද්ධව ඇති වටිනා විශ්ව සේවාවන්ගෙන් එකක්. මේ සේවාවනොමිලේවන අතර, දන්ත ප්‍රතිකාර, බෙහෙත් වට්ටෝරු, ඇස් කණ්ණාඩි ආදිය හැර කැනේඩියානු පදිංචිකරුවන් සඳහා සෞඛ්‍ය සේවා සම්බන්ධ බොහෝ සේවාවන්එමගින්සපයයි. ඔබගේ සංක්‍රමනයෙන් මාස 3 කට පසුවයි, මේ සේවාව ඔබටආරම්භ වෙන්නේ. ඒනිසා, මේ මාස 3 සඳහා Health Insurance එකක් ගැනීම, ඉතාමත් කාලෝචිත අදහසක්. Health Card එක ලබා ගැනීම සඳහාසම්පූර්ණ කළ Health Card Registration Form පහත ලේඛන සමඟ Service Canada කර්යාලයකට යන්න.

  • ආගමන ලේඛන-Permanent Resident card හෝ the confirmation document of Permanent Residence
  • ඔබගේ පදිංචිය සනාථ කරන ලියවිල්ල -Driver’s licence, Utility bill, monthly bank account statement, Lease agreement, Credit card statement, employer record etc.
  • ඔබගේ අනන්‍යතාවය සනාථ කරන ලියවිල්ල- such as Record of Landing, a Confirmation of Permanent Residence, Credit card, Driver’s licence, Valid Photo card, Employee ID etc.

ඔබ කැනඩාවට පැමිණි පසු මතක තබා ගත යුතු කරුණු කිහිපයක් තිබෙනවා.

• ගුවන් තොටුපළේදී ඉහළ පොලී සහ ඉහළ වාර්ෂික ගාස්තු Credit card නිකුත් කරන්නන්ගේ වංචාවලට ලක් නොවීමට. මෙම ක්‍රෙඩිට් කාඩ්පත් ආරම්භයේදී දැරිය නොහැකි සුඛෝපභෝගී භාණ්ඩ සඳහා ඔබව පොළඹවන අතර පසුව ඔබ ණය බරේ පීඩිතයකු බවට පත් කල හැකියි.

• ඔබේ මුදල් සඳහා පිළිගත් බැංකුවක බැංකු ගිණුමක් විවෘත කිරීම. ඒ වගේමඔබට එම බැංකුවෙන් වාර්ෂික ගාස්තුවකින් තොර Credit Card එකක්ලබා ගත හැකිය.

• ඔබේ වටිනා ලියකියවිලි ආරක්ෂිත ස්ථානයක තබා ගැනීමට.

• ඔබ අත වැඩිපුර මුදල් නොමැති නම්, ගෘහ භාණ්ඩ, වෙනත් ගෘහාශ්‍රිත භාණ්ඩ, ශීත ඇඳුම් ආදිය මිලදී ගැනීමට අවශ්‍ය නම්, Value village, The salvation army thrift store වැනි ඕනෑම නගරයක ඇතිThrift Storesවලට යාම කාලෝචිතයි

• ඔබ කැනඩාවට පැමිණි වහාම පවුලේ වෛද්‍යවරයකු සොයා ගන්න. ඔබට වෛද්‍යවරයකු නිර්දේශ කළ හැකිද යන්න ඔබේ පවුලේ අයගෙන් හෝ මිතුරන්ගෙන් විමසන්න.

කැනඩාවට පැමිණෙන සංක්‍රමණිකයින්ට ඇති ප්‍රධාන බාධක දෙකක් තියෙනවා.

  • සුදුසු රැකියාවක් සොයා ගැනීම.
  • දුර්වල English/French භාෂා සන්නිවේදනය- භාෂාව දුර්වලතාවය නිසා  සංක්‍රමණිකයින් ඉතා අසීරු තත්වයකට පත්වෙනවා. විශේෂයෙන් පවුලේ අයගෙන් හෝ මිතුරන්ගෙන් උදව්වක් නොමැති නම්, භාෂා ප්‍රශ්නය සෞඛ්‍ය සේවයට ප්‍රවේශ වීමට සහ රැකියාවක් සොයා ගැනීමට බොහෝ දුරට බලපානවා. ඒකයි, කැනේඩියානු රජයෆෙඩරල්, පලාත් මට්ටමින් English/French නොමිලේ වැඩසටහන් පවත්වන්නෙ. ප්‍රධාන වැඩසටහන් දෙකක් තියෙනවා.
    • ESL(English as a Second Language or FSL-French) – Provincial රජය විසින් අරමුදල් සපයනමේ පන්තිවලින් කැනේඩියානු පුරවැසියන්ට සහ අවුරුදු 18 ට වැඩි සියලුම නීත්‍යානුකූල පදිංචිකරුවන්ට භාෂාව ඉගෙන ගැනීමට හැකියි.

https://www.tdsb.on.ca/Adult-Learners/Learn-English/-ESL-Programs

  • LINC (Language Instruction for Newcomers to Canada) – Federal රජය විසින් අරමුදල් සපයනමේ පන්තිවලින් Landed Immigrants  සහ Conventional refugees අයට පමණක් භාෂාව ඉගෙන ගැනීමට හැකියි. මෙම පන්ති, භාෂාව පමණක් නොව, බැංකු ගිණුමක් විවෘත කිරීම, සිල්ලර බඩු මිලදී ගැනීමසහ රැකියාවක් සොයා ගැනීම වැනි මාතෘකා ද ආවරණය කරයි.

https://www.tdsb.on.ca/Community/Community-Services/Learn-English/LINC-         Language-Instruction-for-Newcomers-to-Canada

ESL, LINC ක්‍රියාත්මක කරනු ලබන්නේ School Board හරහා නිසා, ඔබ ප්‍රදේශයේ School Board  එකක් සොයා ගත යුතුයි. නැත්නම් ලඟම තියෙන පාසැලකට ගොස් විස්තර ලබා ගන්න පුළුවන්. පළමු පියවර ලෙස, ඔබේ ඉංග්‍රීසි භාෂාවේ මට්ටම තීරණය කිරීම සඳහා පරීක්ෂණයකට(Language Assessment Centre-Google කරසොයා ගන්න) ලඟම ඇති මධ්‍යස්ථානය සොයා ගතයුතුයි. ඒ පරීක්ෂණයෙන් පසු, ඔබට සුදුසු හොඳම LINC වැඩසටහන වෙත ඔබව යොමු කරාවි.

city, night, street-6818066.jpg

දැන් අපි කැනඩාවේ වැඩ ආරම්භ කිරීම ගැන කතා කරමු.

කැනඩාවේ රැකියා වර්ග දෙකක් තිබෙනවා-Regulated සහ Non-regulated. කැනඩාවේ රැකියා වලින් 20% ක් පමණ Regulated. මෙම රැකියා පළාත්, භෞමික හෝ ෆෙඩරල් නීති මගින් පාලනය වෙනවා. ජලනල කාර්මිකයන්, වෛද්‍යවරුන්, හෙදියන්, නීතිඥයන්, විදුලි කාර්මිකයන්, ඉංජිනේරුවන් මෙම වෘත්තීන් සඳහා උදාහරණ කිහිපයක්.

ඔබ Regulated රැකියාවක් හෝ යම් වෘත්තියක් හෝ වෙළඳාමක් හෝ ශිෂ්‍යයෙකු සඳහා Federal Skilled Worker සේවකයෙකු ලෙස කැනඩාවට සංක්‍රමණය වී ඇත්නම්, ඔබ ඔබේ අධ්‍යාපන සහ පලපුරුදු සහතික කැනඩාවේදී තක්සේරු කර ගතයුතුයි. මේ ඇගයීම පිටුපස බොහෝ හේතු තියෙනවා. පළමුවෙන්ම, ඔබට ඔබේ සුදුසුකම් සේවා යෝජකයාට පෙන්විය හැකියි, නැත්නම්ඔබ සුදුසුකම් ලත් රැකියා වර්ග ඔබට තේරුම් ගත හැකියි, එහෙමත් නැත්නම්ඔබට එම සහතිකකැනේඩියානු ප්‍රමිතීන්ට සංසන්දනය කරගන්නවා වගේම ඔබට වැඩි අධ්‍යාපනයක්, පුහුණුවක් හෝ සේවා පළපුරුද්දක් අවශ්‍ය දැයි ඔබටම තක්සේරු කරගන්න පුළුවන්.

මෙම ක්‍රියාවලියට අවශ්‍ය සෑම තොරතුරක්ම මේ  https://www.cicic.caවෙබ් අඩවියේ තියෙනවා. ඔබේ පළාත ඇතුළුව ප්‍රශ්න හයකට පිළිතුරු සැපයීමෙන් පසු, වෙබ් අඩවිය ඔබගේ සහතික තක්සේරු කිරීමේ නියෝජිතයන් 6 දෙනා(Alliance of Credential Evaluation Services of Canada) ඇතුළුව අවශ්‍ය සියලු තොරතුරු වගේමකැනඩාවේ අධ්‍යාපනය පිළිබඳ දළ විශ්ලේෂණයක්, අධ්‍යයන සඳහා මූල්‍ය ආධාර, රැකියා අවස්ථා, ශ්‍රම වෙළඳපොළ, වැනි තොරතුරු සපයනවා. ඒ වගේම, කැනේඩියානු රජයේ Job bank වෙබ් අඩවිවලට සෘජුවම සම්බන්ධ කර ඔබට සෑම තොරතුරක්ම ලබා දෙනවා.මෙම වෙබ් අඩවිය නිදහසේ ගවේෂණය කරන්න.

https://canalliance.org/en

රැකියා බැංකුවේ දිනකට රැකියා 150,000 කට ආසන්න ප්‍රමාණයක  පුරප්පාඩු තියෙනවා. ඔබට සෘජුවම Job bankවෙබ් අඩවිය මාර්ගයෙන්ද රැකියා සෙවීම කල හැකියි.ඒ වගේම, විශ්මයජනක Resume එකක්ලිවීමෙන් ඔබේ සිහින රැකියාව සොයා ගැනීමට, ඔබේ දැනුම, කුසලතා, පළපුරුද්ද ඉස්මතු කරන්නේ කෙසේද සහ සම්මුඛ පරීක්ෂණයක් කළමනාකරණය කරන්නේ කෙසේද යන්න මෙම වෙබ් අඩවිය ඔබට ඉතා සරළව පෙන්වා දෙනවා. වෙබ් අඩවියේ ඇති සියලුම තොරතුරු හොඳින් කියවා රැකියා සෙවීමේ ක්‍රියාවලිය වේගවත් කරන්නේ කෙසේදැයි ඔබ අධ්‍යනය කරගන්න.

https://www.jobbank.gc.ca/home

කැනේඩියානු සංක්‍රමණිකයින් සඳහා ඉංග්‍රීසි මාධ්‍යයේ තොරතුරු ලබා ගැනීම සඳහා පහත YouTube Channel එකසහ Facebook page එකබලන්න.

https://www.youtube.com/channel/UCfb9JrxlyrgtYK7COgLjqLA

https://www.facebook.com/asoka.jayalath.7771

මීලඟ ලිපියෙන් මා ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ කැනඩා රජය මගින් සංක්‍රමණිකයන්ට ලබා ගත හැකි Tax benefits & credits ගැනයි.

*මෙම විද්‍යුත් පුවත්පත කිසිදු කැනඩා රජයේ නියෝජිත ආයතනයකට හෝ ආගමන නීතිවේදීන්ට සම්බන්ධයක් නැත. මෙම ලිපියේ තොරතුරුවලට පදනම් වී ඇත්තේවිවිධ Online වෙබ් අඩවිවලින් ලබා ගත් විස්තරයි.එබැවින්, කරුණාකර ඔබේ විශේෂිත සංක්‍රමණ අවශ්‍යතා සඳහා විශේෂඥ ආගමන නීතීඥවරයෙකු හෝ උපදේශකයෙකු අමතන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *