කැනඩාවට පැමිණ ටොරොන්ටෝ සහ ඒ අවට නගරවල වාසය කළ මියුසියස් විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන් කිහිපදෙනෙක් එකතුව වසර 2000 දි පමණ මියුසියස් විද්‍යාලයීය කැනඩා ආදි සිසු සංගමය ආරම්භ කලේය. සිසු හමුවේ මූලික අරමුණ වූයේ කැනඩාවේ එවකට සිටි ආදිශිෂ්‍යාවන් අතර සම්බන්ධතා ඇතිකර, සහයෝගිතාව තුලින් විවිධ සමාඡිය සහ සංස්කෘතික වැඩසහටහන් දියත්කර ආදිසිසුවියන් අතර සුහද තාවය නංවා ලීමය. දශක ගනනාවක් සුහද හමුවිම්, විනෝදචාරිකා, අවුරුදු උත්සව, ආගමික වැඩසටහන්, ලංකාවේ වෙසෙන විවිධ ප්රඡාවන්ට මූල්‍ය සහ විවිධ භාණ්ඩ අධාර ලෙස ලබාදිම ආදි ව්‍යාපති මගින් කැනඩාවේ මියුසියස් ආදිසිසු සංගමය ලංකික සහ කැනඩාවේ වෙසෙන ඡනප්රඡාවන් වෙත සිය සුහදතාවය දක්වමින් සිටියි.
කැනඩාවට පැමිනෙන ආදිසිසුවියන් ප්‍රමාණය වැඩිවනවාත් සමගම දශක දෙකකට පමණ පසු සංගමයේ ඉදිරි පැවත්ම තරුණ පරම්පරාවට පැවරුණු අතර 2019 දි පමණ ආදි සිසු සංගමය ට එක්වු නව කාර්ය මණ්ඩලය නව ව්‍යස්තාවක් ඇතිකර කැනඩාවේ රාඡ්‍ය නොවන සංගමයක් ලෙස ලියාපදිංචි කර මෙතෙක් සංගමය ඉදිරියට ගෙන ආ පැරණි සාමඡිකාවන්ගේ ආශිර්වාදය සමග ආදි සිසු සංගමය ඉදිරියට ගෙනයයි.
සුහද හමු පැවත්විම, චාරිකා සංවිධානය, ලේ දන්දිමේ වැඩසටහන් පැවත්විම, සංගමය මගින් වාර්ෂිකව සිදුකරනු ලබන වැඩසටහන් වන අතර ලංකාවේ පාසල්වලට සහ රෝහල් වලට උදව් කිරිමද අවශ්‍ය අවස්තාවලදි ඉටුකරයි. සුහද හමු පැවත්වීමෙන් සහ විවිධ වැඩ සටහන් සංවිධානයෙන් එකතුකල මුදල් වලින් රිඡ්වේ ආර්යා ළමා රෝහලට 2021 වසරේදි මුදල් පරිත්‍යාගයක්ද දෙනියායේ ඔකදුහේන කනිෂ්ඨ පාසලේ සිසු සිසුවියන් 80 දෙනෙකුට අවශ්‍ය පාසල් උපකරණ ලබාදිමට මුදල් ලබාදීමද, ටොරොන්ටෝ වල Yellow Brick House ආයතනයට මුදල් පරිත්‍යාගයක්ද සිදුකරන ලදි. කැනඩාවේ ආගමික සිද්ධස්ථාන සදහා මුල්‍ය සහ වෙනත් ආධාර ලබාදිම ආගමික වැඩසටහන් පැවත්විම සහ එවැනි වැඩ සටහන් සදහා උදව් කිරිම ද සංගමය මගින් කරනු ලබයි.
මෙම සටහන සකසාදීමෙන් සහයෝගය දැක්වු මෙලනි රූපසිංහ සොහොයුරියට මාගේ ස්තූතිය පුද කරමි.