RCMP කැනේඩියානු ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය රසායනාගාරය වටලයි.

RCMP හෙවත් ( Royal Canadian Mounted Police) (රාජකීය කැනේඩියානු මවුන්ටඩ් පොලිසිය)  පවසන්නේ ඔවුන් කැනේඩියානු ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය සුපිරි රසායනාගාරය වැටලූ  බවයි.RCMPහි පැසිෆික් කලාපයේ ෆෙඩරල් පොලිස් අණදෙන නිලධාරී, සහකාර කොමසාරිස් ඩේවිඩ් ටෙබුල් බ්‍රහස්පතින්දා වාර්තාකරුවන්ට පැවසුවේ, දැවැන්ත නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය හා බෙදා හැරීමට සම්බන්ධ අන්තර් ජාතික සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් පිළිබඳ මාස කිහිපයක විමර්ශන කටයුතු වලින් පසු වඩාත් නවීන මත්ද්‍රව්‍ය සුපිරි රසායනාගාරය පිළිබද තොරතුරු හෙළි වූ බවයි.

එහිදී නීතිවිරෝධී ගිනි අවි, කෘත්‍රිම ඖෂධ සහ පූර්වගාමී රසායන ද්‍රව්‍ය පොලිස් භාරයට ගත් බව ඔහු පැවසීය.Teboul සති අන්තයේ, පැවසුවේ ෆෝක්ලන්ඩ්, BC හි  සුපිරි මත්ද්‍රව්‍ය රසායනාගාරය සහ සරේ හි ඊට අදාල වෙනත් ස්ථානවලට සම්බන්ධව  සෝදිසි වරෙන්තු ක්‍රියාත්මක කළ බවයි.එහි ප්‍රතිඵලයක් වශයෙන්, ෆෙන්ටැනයිල් (Fentanyl) කිලෝග්‍රෑම් 55ක්, මෙතම්ෆෙටමින් (Methamphetamine) කිලෝග්‍රෑම් 390ක්, කොකේන්( Cocaine) කිලෝග්‍රෑම් 35ක්, එම්.ඩී. එම් කිලෝග්‍රෑම් 15ක් සහ ගංජා කිලෝග්‍රෑම් 6ක් ඇතුළු අන්තරායකර මත්ද්‍රව්‍ය ටොන් භාගයක් පමණ විමර්ශකයන් විසින් අත් අඩංගුවට ගත් බව ටෙබූල් පැවසීය.

විමර්ශකයින් විසින්  තුවක්කු, AR15 ප්‍රහාරක රයිෆල් සහ සබ්මැරීන් තුවක්කු ඇතුළු ගිනි අවි 89 ක් අත්අඩංගුවට ගත් බවත්, ඒවායින් බොහොමයක් නැවත භාවිතා කිරීමට සූදානම් කර තිබූ බවත් ඔහු පැවසීය.පුපුරණ ද්‍රව්‍ය, පතොරම්, ගිනි අවි සයිලන්සර්, අධි ධාරිතාවයෙන් යුත් මැගසින්, ශරීර සන්නාහ සහ ඩොලර් ලක්ෂ පහක මුදල් ද   මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.අත්තඩංගුවට පත් ද්‍රව්‍යවල වටිනාකම ඩොලර් මිලියන 485 කට වඩා වැඩිවිය බව  හැකි බවද ඔහු පැවසීය.

මෙම ඡාවාරමට අදාලව ගගන්ප්‍රීත් රන්ධව ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති අතර, රන්ධව දැනට අත්අඩංගුවේ පසුවේ.  ඔහුට  මත්ද්‍රව්‍ය සහ ගිනි අවි සම්බන්ධ වැරදි රැසකට චෝදනා එල්ල වී ඇත. රන්ධවට අමතරව සිද්ධියට සම්බන්ධ යැයි විශ්වාස කරන සැකකරුවන් හය දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *