
ඔන්ටාරියෝ විශාඛාවන් යනු ශ්‍රි ලකාවේ ප්‍රදානතම බාලිකා පාසලක් වන, කොළඹ විශාකා විදුහලේ, කැන්ඩාවේ ඔන්ටාරියාව තුල වෙසෙන, ආදි සිසුවියන්ගේ එකමුතුවකි.
ඔන්ටාරියෝව තුල ශක්තිමත්ව තම කටයුතුවල නියුතු මේ එකමුතුවේ මූලිකම අරමුණ ශ්‍රි ලංකාවේ සංස්කෘතිය සමරමින්, පුන්‍ය කටයුතු වල නිරතවෙමින්,විශාඛාවන්ගේ සාමුහිකත්ව කැනඩාව තුල ශක්තිමත් කිරීමයි.
ඔන්ටාරියෝ විශාකාවන්ගේ ප්‍රධාන කටයුතු වලින් එකක් වන්නේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වැනි ශ්‍රී ලාංකික උත්සව සැමරීමයි. මෙවන් උත්සව නාට්‍ය, සංගීත කෙළි සෙල්ලම් සහ සහ රසවත් ශ්‍රී ලාංකික ආහාර සමඟ වර්ණවත් වන්නේ, විශාකාවන් සහ ඔවුන්ගේ පවුල්වලට තම සම්ප්‍රදායන් ගෞරවයෙන් සැමරීමට හා පුළුල් ප්‍රජාව සමඟ බෙදාගැනීමට අවස්ථාවක් ලබාදෙමින්. තවත් වාර්ෂික උත්සවයක් වන්නේ වෙසක් දිනයේ දානය සහ පොසොන් භක්ති ගී ප්‍රසංගයයි. මීට අමතරව, විශාකාවන් අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට වාර්ශිකව, රාත්‍රී ආහාර සහ නර්තන උත්සව, බස් චාරිකා ආදීය සංවිධානය කරනු ලැබේ. COVID වසන්ගතයට පෙර, වූ විසාකා විදුහලේ අභාවප්‍රාප්ත ආචාරිණී, විශාරද නිලා වික්‍රමසිංහ මහත්මිය සමඟ සංගීතමය ප්රසංගයක්ද සංවිධානය කරන ලදි.

ඔන්ටාරියෝ විශාකාවන් තම සංස්කෘතිය ආරක්ෂා කිරීම සහ මව්බිමට ආදරය දැක්වීමට වැඩි කැපවීමක් පෙන්වයි. ඔවුන් ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිවලට සහාය වීමට විවිධ අරමුදල් සංවිධානය කර ඇත. මෑතකදී උතුරු මධ්‍යම, නැගෙනහිර පළාතේ ජල පිරිපහදුවක් සෑදීම, ශ්‍රී ලංකාවේ සියලු හමුදා කාන්තාවන්ට පිරිසිදු සනීපාරක්ෂක නිෂ්පාදන සැපයීම, මේවායෙන් ප්රදානත්වයක් ගනී.

කොළඹ විශාකා විදුහලේ ප්‍රාථමික පාසලේ ගොඩනැඟිල්ල ඉදිකිරීම, නේවාසිකාගාරයේ ජනෙල් සියල්ලම නඩත්තු කිරීම, පරිගණක කාමරයක් සැපයීම, වැසිකිලි නැවත ප්‍රතිසංස්කරණය ආදියටද ඔවුන් දායක වී ඇත.
විශාකා විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය ඔන්ටාරියෝ විසාකාවන් අතර සම්බන්ධතා පවත්වාගෙන යාමට ඉතා වැදගත් තැනක් ගනී. නිතර හමුවීම්, සමාජික සහ සංස්කෘතික වැඩසටහන් ඔස්සේ මෙම සංගමය සාමූහිකත්වය සහ එකිනෙකාට සහාය දීම අඛණ්ඩව පවත්වාගෙන යයි.
ඔන්ටාරියෝ විශාකාවන් වේගයෙන් වර්ධනය වීමත් සමඟ, ඔවුන්ගේ සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීමත්, පුන්‍ය කටයුතු වලට දායකවීමත්,විශාඛාවන්ගේ සාමුහිකත්ව කැනඩාව තුල ශක්තිමත් කිරීමත් අඛණ්ඩව පවත්වාගෙන යයි.
මෙම සටහන සැකසීමේදී සහයෝගය දැක්වූ ඛේමා කිරිඇල්ල මහත්මිය සහ හසිනි සිල්වා මෙනෙවියට අපගේ ස්තූතිය පිරිනැමේ.




