පසුගියදා අවසන් වූ මහ මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකාවේ දහවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය චාම් සහ සරල අයුරින් පසුගිය විසි එක් වෙනිදා ආරම්භ කෙරුණා.පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය සභාව සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය අභිනව කථානායකවරයා තෝරා පත් කර ගැනීම සිදු වුණා.එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හා අමාත්‍ය විජිත හේරත් විසින් යෝජනා ස්ථිරත්වයෙන් අශෝක රන්වල මහතා කතානායකවරයා ලෙස තෝරා පත්කර ගැනුණා.
නව කතානායකවරයා සිය ප්‍රතිඥාව ලබාදීමෙන් අනතුරුව නියෝජ්‍ය කථානායකවරයෙකු සහ නියෝජ්‍ය කාරක සභා සභාපති සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීම සිදුවුණා. එහිදී නියෝජ්‍ය කථානායකවරයා ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කරන වෛද්‍ය මොහොමඩ් රිස්වි මහතාත් නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ලෙස හේමාලි වීරසේකර මන්ත්‍රිවරියත් තේරී පත්වුණා.
කතානායකවරයා සභාවට දැනුම් දුන්නේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස පිළිගන්නා බවයි.තවද පාර්ලිමේන්තුවේ අභිනව සභානායකවරයා ලෙස බිමල් රත්නායක මහතාත් ආණ්ඩු පක්ෂය ප්‍රධාන සංවිධායකවරයා ලෙස වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතාත් කටයුතු කරන බව කතානායකවරයා සභාවට දැනුම් දුන්නා.මේ අතර මෙවර පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් එකසිය හැටකට ආසන්න පිරිසක් ඇතුළත් වන අතර ඉන් සාතිශය බහුතරයක් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වනවා.සම්ප්‍ර දායක් ලෙස පළමු දින අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන් කැමති අසුනක අසුන් ගැනීමට අවස්ථාව පවතිනවා. ඒහෙත් සම්ප්‍රධායානුකූලව ජනාධිපතිවරයා, අගමැතිවරයා, සභානායකවරයා හා ආණ්ඩු පක්ෂයේ ප්‍ර ධාන සංවිධායකවරයා හා විපක්ෂ නායකවරයාට වෙන් කර ඇති අසුනේ වෙනත් මන්ත්‍රීවරුන් අසුන් ගැනීම සිදුවන්නේ නැහැ.එහෙත් මෙවර පාර්ලිමේන්තුවට උතුරු පළාත නියෝජනය කරමින් පළමු වරට ස්වාධීන කණ්ඩායම් අංක දාහතෙන් තරඟ වැද පාර්ලිමේන්තුවට තේරීපත් වූ රාමනාදන් අර්ජුන් මන්ත්‍රිවරයා විපක්ෂ නායකවරයාට හිමි අසුනේ අසුන් ගෙන තිබුණා.පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය එම මන්ත්‍රිවරයාට වෙනත් අසුනක අසුන් ගන්නා ලෙස ඉල්ලා සිටියද එම මන්ත්‍රීවරයා එය ප්‍ර තික්ෂේප කළා.ඊට අදාළ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.මේ අනුව විපක්ෂ නායකවරයාට ඉදිරිපෙළ වෙනත් අසුනක අසුන් ගැනීම ගැනීමට සිදු වුණා.පසුව සභාවේ කටයුතු පෙරවරු 11. 30 දක්වා අත්හිටවූ අතර පෙරවරු 11.30 ජනාධිපතිවරයාගේ ප්‍ර ධානත්වයෙන් යළි යළි සභාව රැස් වුණා.
ජනාධිපතිවරයෙකු නව සැසිවාරයක් විවෘත කරන අවස්ථාව ඉතා උත්සවශ්‍රීයෙන් සිදු වුවත් මෙවර ආචාර වෙඩිමුර, අශ්වාරෝහකයන් පෙරටු කරගත් රථ පෙළපාලි හා ජයමංගල ගාථා වැනි කටයුතු සිදු වූයේ නැහැ.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණීමෙන් පසු පාර්ලිමේන්තු මහලේකම්වරිය හා කථානායකවරයා ඔහු පිළිගැනීමෙන් අනතුරුව සභාව වෙත කැඳවා ගෙන පැමිණියා.එහිදී ජනාධිපතිවරයා කතානායක අසුනේ සිට තම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබුවා.
මේ අතර සියලු ජනතාව තමා ඇතුළු ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබා ලබාදුන් විශ්වාසයට ස්තූතිවන්ත වන බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් පැවසුවා.ප්රජාතන්ත්රවාදී රට ලෙස ශ්‍රී ලංකාව තුළ තනි පක්ෂයක් රට පාලනය කිසිවිටෙකත් අපේක්ෂා නොකරන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.එනිසා සියලු පුරවැසියන්ගේ උවමනාවන් ඉටුකිරීමට බැඳී සිටින බවත් ඒ සඳහා වග වෙන බවත් ජනාධිපතිවරයා පැවසුවා.
ජනතාවගේ වගකීම මේ වනවිට ඉටුකර අවසන් බවත් මේ මොහොතේ සිට ජනාධිපතිවරයා වශයෙන් තමා ජනතාවගේ වගකීම සම්පූර්ණයෙන් භාරගන්නා බවත් මැතිවරණ ව්‍යාපාරයෙන් එක් අරමුණක් වෙනුවෙන් අපි ගොඩනැගුණු බව පසක් කර අවසන් බව ද පැවසු ජනාධිපතිවරයා යළි අපේ රටේ ජාතිවාදී දේශපාලනයට ඉඩක් නොමැති බව ද පැවසුවා.
එමෙන්ම කවර ආකාරයේ හෝ ආගමික අන්තවාදයකට හිස එසවීමට ඉඩක් නොමැති බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.
“හැබැයි කිසිවෙකුට අපේ රටේ යළි දේශපාලන බලය අත්පත් කරගැනීම වෙනුවෙන් ජාතීවාදී, ආගම්වාදී, සටන්පාඨ ගොඩනැගීමට ඉඩ නොදෙන බව මම ඔබට සහතික කරනවා…”සියලුදෙනාම මහජන නියෝජිතයින් නම් පාර්ලිමේන්තුව තුළ අදහස් දක්වන සියල්ල ජනතාව දැනගත යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.
ශක්තිමත් රාජ්‍ය සේවයකින් තොරව කිසිවිටෙකත් රටට ඉදිරියට යා නොහැකි බව ද ජනාධිපතිවරයා කියා සිටියා.”අපි විශ්වාස කරනවා කාර්යක්ෂම රාජ්‍ය සේවයක්, මහජනයාගේ හිත සුව පිණිස වැඩ කරන රාජ්‍ය සේවයක් මේ රටේ යළි ස්ථාපිත කළ යුතුයි. ඒ සඳහා මා හිතනවා රාජ්‍ය සේවයකයින් තුළින්ම ප්‍රබල ජනවරමක් අපිට ලබාදී තිබෙනවා. ඒ පිළිබඳ අපි අවධානය යොමු කර තිබෙනවා.”
සෑම පුරවැසියෙක්ම තමන්ගේ ආගම, සංස්කෘතිය හා භාෂාව අනුව හුදකලා විය යුතු නැති බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.”දේශපාලනික වෙනස්කම් විය හැකියි. නිදහස කියන එක හැමකෙනාටම පොදු දෙයක්. ඒ නිසා හැමකෙනාටම බියෙන් සැකෙන් තොර ප්රජාතන්ත්රවාදී නිදහස් රාජ්‍යයක් ගොඩනැගීම අපගේ වගකීමක්. එය අපි ඉටුකරන බව අපි සහතික කරනවා. “
එමෙන්ම නීතියේ විධානය ආධිපත්‍ය රැකිය යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.”ජනතාවට නීතිය ක්‍රියාත්මක වෙන බවට හැඟීමක් ඇති විය යුතුයි. පසුගිය කාලයේ පුරා රටේ සිදුව ඇත්තේ නීතිය ගැන ජනතා විශ්වාසය බිඳ වැටිලා. පොදු ජනතාව තුළ නීතිය හා විධානයේ ආධිපත්‍ය ගැන තිබෙන විශ්වාසය බිඳ වැටිලා තියෙනවා. නීතිය හා විධාන ආධිපත්‍ය ශක්තිමත් කිරීමකින් තොරව යහපත් රාජ්‍යයක් ගොඩනැගීමට අපිට කිසිසේත්ම හැකියාවක් ලැබෙන්නේ නෑ. කිසි කෙනෙක් මින් පසුව නීතියට උඩින් නෑ. හැමදෙනාම නීතියට යටත්විය යුතුයි. නීතිය ගැන ජනතාවගේ බිඳ වැටුණ විශ්වාසය යළි ඇති විය යුතුයි.”
මේ අතර IMF කාර්ය මණ්ඩල ගිවිසුම ලබන 23 වන දා අත්සන් කළ හැකි බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියට යන ගමනේ ඉතාමත් තීරණාත්මක පියවරක් බව ද ජනාධිපතියා පැවසුවා.”ආර්ථිකය ඉතා සියුම්ව බිඳ වැටීමට ඉඩනොදී සෑම පැත්තකින් කල්පනා කරලා ගත යුතු අවස්ථාවකට අපි ඇවිත් තියෙනවා. අපිට වැරදි කරන්න අවස්ථාවක් මේ ආර්ථිකයෙන් අපිට උරුම කරලා දීලා නෑ. අත්වැරදීමක් හෝ කරන්න අවස්ථාවක් මේ ආර්ථිකයෙන් අපිට උරුම කර දී නෑ. ඒ නිසා සියුම් සෑම තැනක්ම අපි සලකා බැලිය යුතුයි.” යනුවෙන් කියා සිටියා.