ලංකාවේ පළමුවැනි තරු 7 හෝටලය 2025 එයි.

නකල්ස් කඳුවැටිය මධ්‍යයේ පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ සුඛෝපභෝගී හෝටලය ලබන වසරේ විවෘත කිරීමට සූදානම් බව Aviyana හෝටල් ප්‍රධානී ආචාර්ය තිසර හේවාවසම් පවසයි.

වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට අදහස් කරන ලද Aviyana Private Chalets ව්‍යාපෘතිය දළ වශයෙන් සියයට 70ක් දේශීය වශයෙන් රැස් කර ඇති අරමුදල්වලින් නිමකර තිබේ.ශ්‍රී ලාංකිකයන් 200කට ආසන්න සංඛ්‍යාවක් මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් ලබා දුන් බව හේවාවසම් පවසයි.

ආචාර්ය හේවාසවම් මේ බව පැවසුවේ සති අන්තයේ සිනමන් ලයිෆ් හි පැවති මාධ්‍ය හමුවකදීය.ඔහු පවසන පරිදි ව්‍යාපෘතිය සඳහා තවත් දේශීය ආයෝජකයන්ට දායක වීමට අවස්ථාව තිබේ.

“විවිධ මෝස්තර සහිත තරු පන්තියේ කුටි 60ක් තිබෙන විශාලතම ආයෝජන උත්පාදනය කරන ලද හෝටලය අපියි ” යනුවෙන් ආචාර්ය හේවාවසම් අදහස් දක්වමින් පැවසීය.ගැටලුකාරී ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට සහ පුළුල් කිරීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන් සඳහා සංචාරක ව්‍යාපාරය ප්‍රධාන වනු ඇති බව ද ඔහු පැවසීය.

අක්කර 27ක් පුරා පැතිරී ඇති මෙම ව්‍යාපෘතිය කොවිඩ් වසංගතයට පෙර 2019 දී දියත් කර ඇත.මෙම ව්‍යාපෘතිය සඳහා බැංකු ණය හෝ විදේශ අරමුදල් වෙත යොමු නොවී පෞද්ගලික ආයෝජකයන්, බොහෝ විට වෘත්තිකයන් හරහා රුපියල් බිලියන 10ක් පමණ උපයා ගැනීමට තමාට හැකි වූ බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *