කැනඩාවේ වත්මන් සංක්‍රමණික තත්වය

මගේ අවසාන ලිපියෙන් මම කැනේඩියානු පුරවැසිභාවය ලබාගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කලා.

අද ලිපියෙන් මම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ කැනඩාවේ වත්මන් සංක්‍රමණික තත්වය පිලිබදවයි. 

ඊට පෙර, අපි කැනඩාවේ වත්මන් ආගමන යාවත්කාලීන බලමු. 

  • 2025 දී, කැනඩාව ශ්‍රම හිඟය විසඳීම සහ රට පුරා ආර්ථික වර්ධනයට සහාය වීම ඉලක්ක කරගත් නව සංක්‍රමණ මාර්ග 4ක් දියත් කිරීමට බලාපොරොත්තු වනවා(4 New Permanent Residency Pathways in 2025)
  1. වැඩිදියුණු කළ රැකවරණ නියමු වැඩසටහන-ගෘහස්ථ ළමා සුරැකුම් සපයන්නන් සහ නිවාස ආධාරක සේවකයින් වැනි ගෘහ රැකවරණ සේවකයින්-Enhanced caregiver pilot program
  2. ග්‍රාමීය ප්‍රජා ආගමන නියමු-කැනඩාවේ තෝරාගත් කුඩා ග්‍රාමීය ප්‍රජාවන්හි ශ්‍රම හිඟය සපුරාලන සේවකයින්-Rural community immigration pilot program
  3. Francophone ප්‍රජා ආගමන නියමුවා-Quebec නගරයෙන් පිටත තෝරාගත් කුඩා ප්‍රජාවන්හි ශ්‍රම හිඟය සපුරාලන ප්‍රංශ කතා කරන්නන්-Francophone community immigration pilot program
  4. මැනිටෝබාහි බටහිර මධ්‍යම ආගමන මුලපිරීමේ නියමුවා-මැනිටෝබාහි ග්‍රාමීය බටහිර-මධ්‍යම කලාපයේ ප්‍රජාවන්හි ජීවත් වීමට කැමති කම්කරුවන්-Manitoba west central immigration initiative program

https://www.canada.ca/en/immigration-refugees-citizenship/news/notices/supplementary-immigration-levels-2025-2027.html

  • 2024 සැප්තැම්බර් සහ 2025 දෙසැම්බර් අතර කාලය තුල කල් ඉකුත් වන වීසා සහිත මිලියන 4.9ක් ‘ස්වේච්ඡාවෙන්’ කැනඩාවෙන් පිටවෙතැයි කැනේඩියානු ෆෙඩරල් රජය අපේක්ෂා කරනවා. ඒත් එක්කම,  මේ පිටව යන විදේශිකයින් හේතුවෙන් කැනඩාවට අහිමි වන සේවා දායකයින් ගැන සේවායෝජකයන් අතර විශාල කතිකාවක් පවතිනවා. බොහෝ සේවා ස්ථානයන්හි ශ්‍රමික හිඟයක් ඇතිවීමට ඉඩ කඩ ඇත.

https://torontosun.com/news/national/feds-expect-4-9-million-with-expiring-visas-to-voluntarily-leave-canada-in-next-year

  • කැනඩාවේ සිටින ලේඛනගත නොකළ විදේශිකයන් මිලියන භාගයක් තරම් ඉහළයි. IRCC(Immigration, Refugees and Citizenship Canada) විසින් කැනේඩියානු ප්‍රජාවන්ට සමාජීය සහ ආර්ථිකමය වශයෙන් දායක වූ මේ  පුද්ගලයන් විධිමත් කිරීමට විකල්ප ගවේෂණය කරයි.

https://www.cbc.ca/news/politics/miller-undocumented-regularization-no-consensus-1.7235469

දැන් අපි බලමු කැනඩාවේ වත්මන් සංක්‍රමණික තත්ත්වය පිලිබදව.

වත්මන් සංක්‍රමණ තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට පෙර, කැනඩාවට සංක්‍රමණිකයන් අවශ්‍ය වන්නේ මන්දැයි සලකා බැලීමට වටිනවා නේද?

කැනඩාවේ ආර්ථිකයේ ශක්තිය අර්ධ වශයෙන් මනිනු ලබන්නේ සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, ප්‍රවාහනය වැනි අපගේ පොදු සේවාවන් සඳහා අරමුදල් සැපයීම සඳහා වැඩ කරන සහ බදු ගෙවන රැකියා කරන පුද්ගලයින් සංඛ්‍යාව මගින්. මෙවැනි සේවාවන් සැපයීම සඳහා රජයට බදු මුදල් අවශ්‍ය වෙනවා. ඒ බදු මුදල ලබාගැනීමට නම් පවතින රැකියා පිරවීම සඳහා සුදුසුකම් ලත් සේවකයින් සිටීම අතිශයින් වැදගත් බව අප කවුරුත් දන්නා දෙයක්. කෙසේ වෙතත්, දිගු කාලයක් ජීවත්වන කැනේඩියානුවන්ට දරුවන් අඩුයි, එමනිසා, පාසැල්වල සිටින්නේ අඩු දරුවන් සංඛ්‍යාවක්. ඒ වගේම වැඩි පිරිසක් විශ්‍රාම යනවිට ඒ පුරප්පාඩු පිරවීමට කැනේඩියානු උපත ලැබූ රැකියා කල හැකි සේවකයින් සංඛ්‍යාව සීමිතයි. මෙය සංක්‍රමණිකයින්ගේ අවශ්‍යතාවය පෙන්වන ප්‍රබල සාධකයක්.

කැනඩාවට ඇතුළුවන සංක්‍රමණිකයන් අතින් සිදුවන්නේ  කැනේඩියානු ශ්‍රම බලකාය වැඩිදියුණු කිරීම සහ බදු ගෙවීම පමණක් නොවෙයි. ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ, නිවාස, ප්‍රවාහනය සඳහා මුදල් වියදම් කිරීම හේතුවෙන් කැනේඩියානු ආර්ථික වර්ධනයට එම වියදම් කරන මුදල සෑහෙන උපකාරී වෙනවා. අද සහ 2100 අතර ගෝලීය ජනගහනය සහ ආර්ථික ප්‍රවණතා ප්‍රක්ෂේපණය කරන නව අධ්‍යයනයකට අනුව, රටේ ඉතිරි ශතවර්ෂයේ ලෝකයේ විශාලතම ආර්ථිකයක් පවත්වා ගැනීමට අවශ්‍ය නම්, සංක්‍රමණයිකයින් සඳහා කැනඩාවේ වත්මන් විවෘතභාවය දිගටම පැවතිය යුතුය.

කැනඩාව විශාල රටක්. උපත් අනුපාතිකය ක්‍රමයෙන් අඩුවෙමින් පැවතුනද වාර්ෂිකව නව කම්කරුවන් අවශ්‍ය වන විශාල, කාර්මික සහ තාක්ෂණික අංශයන් පවතිනවා. එහෙත්, කැනේඩියානු ඉතිහාසයේ පළමු වතාවට, වයස අවුරුදු 15 ට අඩු දරුවන්ට වඩා වයස අවුරුදු 65 ට වැඩි කැනේඩියානුවන් වැඩි සංඛ්‍යාවක් සිටිනවා. එයට හේතුව වසර 50 කට ආසන්න කාලයක් තිස්සේ කාන්තාවන්ට දරුවන් දෙදෙනෙකුට වඩා අඩුවෙනුයි සිටියේ. ප්‍රශ්නය තවත් බරපතල කරමින්, කැනේඩියානුවන්ගේ ආයු අපේක්ෂාව ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින අතර 2001 වසරේ සිට වයස අවුරුදු 85 සහ ඊට වැඩි පුද්ගලයින් සංඛ්‍යාව දෙගුණ වී තිබෙනවා. ජනගහන ප්‍රක්ෂේපනවලට අනුව, 2046 වන විට මෙම සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි විය හැකි බවයි පෙන්නුම් කරන්නේ.

වැඩි පිරිසක් වයසට ගොස් ශ්‍රම බලකායෙන් ඉවත් වන විට, එය රටේ ශ්‍රම බලකායට දැඩි පීඩනයක් ඇති කරනවා මෙන්ම එය ආර්ථික වර්ධනයට අහිතකර ලෙස බලපෑමක් සිදු කරනවා.

සංක්‍රමනිකයන් පැමිණීම හේතුවෙන්, කැනඩාවේ ශ්‍රම බලකාය සෑම වසරකම අඛණ්ඩව වර්ධනයවීමක් සිදුව පවතිනවා.  මෑත වසරවල කැනඩාවට ඇතුළත් වූ සංක්‍රමණිකයන්ගෙන් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 45 ට අඩුවීම කැනඩාවට ඉතාමත්ම වාසිදායක කරුණක්. එයින් අදහස් කරන්නේ ඔවුන්ට කැනඩාවේ වැඩ කිරීමට සෑහෙන වසර ගණනාවක් ඇති බව.

කැනඩාවට සංක්‍රමනිකයන් අවශ්‍ය වුවද, ඔවුන්ගේ පැමිණීම හේතුවෙන් නිවාස, ශ්‍රම වෙළඳපොළ සහ වීසා සහ සංක්‍රමණ ක්‍රියාවලීන් කෙරෙහි අනපේක්ෂිත ඍණාත්මක බලපෑම් ඇති කර තිබෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර සිසුන් හේතුවෙන් නිවාස වෙළද පොලට දැඩි පීඩනයක් එල්ලවී තිබෙනවා.  එමෙන්ම ප්‍රධාන නගරවල ඔවුන්ට  නවාතැන් පහසුකම් සොයා ගැනීම් අපහසුවීම ඉතාම ප්‍රබල ප්‍රශ්නයක්ව තිබෙන බව අපට දිනපතා ප්‍රවෘත්තිවලින් පෙනී යනවා. ඒත් එක්කම ආහාර බැංකු නව සංක්‍රමණිකයන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබෙනවා.  බොහෝ මහජන සමීක්ෂණවලින් පෙන්නුම් කරන්නේ කැනඩාවේ සංක්‍රමණිකයන් ඕනෑවට වඩා ඇතැයි සිතන ජනමතය  එන්න එන්නම වැඩිවන බවක්. මෙයට හේතුව සංක්‍රමණිකයින්ගේ පැමිණීමේ වැදගත්කම කැනේඩියානු ආර්ථිකයට බලපාන අයුරු පොදු ජනතාව ගැඹුරින් තේරුම් නොගැනීම යැයි අපට උපකල්පනය කරන්නත් පුළුවන්. 

එබැවින්, කැනේඩියානු රජය කැනඩාවේ සංක්‍රමණ ඉලක්ක කෙරෙහි සැලකිය යුතු වෙනසක් නිවේදනය කර ඇති අතර, ඉදිරි වසර තුන තුළ සංක්‍රමණිකයන් බඳවා ගැනීම දළ වශයෙන් 20% කින් අඩු කිරීමට තීරණයක් ගෙන තිබෙනවා. මෙයට, 2026 වන විට විදේශීය සිසුන් සහ තාවකාලික විදේශ ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව කැනඩාවේ ජනගහනයෙන් 5%කට වැඩි විය නොහැකි ලෙස අඩු කිරීම ඇතුළත් වෙනවා.

මාස කිහිපයකට පෙර, ආගමන අමාත්‍ය මිලර් සහ අගමැති ජස්ටින් ටෘඩෝ ප්‍රකාශ කළේ ආන්ඩුව 2025 දී 485,000 සිට 395,000 දක්වා ප්‍රක්ෂේපිත නව ස්ථිර පදිංචිකරුවන් සංඛ්‍යාව කප්පාදු කරන බවත්, 2026 දී 380,000 සහ 2027 දී 365,000 දක්වා තවදුරටත් කප්පාදු කරන බවත්. ඇත්තම කියනවා නම් මේ සංක්‍රමණික ප්‍රශ්නය හේතුවෙන්  ලිබරල් රජයට විශාල ලෙස දේශපාලනික අර්බුදයන්ට මුහුණ දීමට තුඩු දුන් බරපතල ප්‍රශ්නයක් බව අපට නිතර මාධ්‍යයෙන් දැක ගන්නට ලැබෙනවා.

රජය තාවකාලික සේවක(temporary workers) සහ ශිෂ්‍ය බලපත්‍ර(International student permits) මෙම වසර කිහිපය තුළ මිලියනයකින් පමණ සැලකිය යුතු ලෙස අඩු කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම සංක්‍රාන්ති වෙනස්කම් මට්ටම් සැලැස්ම මගින් නිවාස, යටිතල පහසුකම් සහ සමාජ සේවා මත ඇති පීඩනය සමනය කරනු ඇති නමුත්  දිගු කාලීනව කැනඩාව සංක්‍රමණ හරහා ආර්ථික හා සමාජයීය සමෘද්ධිය වර්ධනය කිරීම කල යුතු බවයි බොහෝ දෙනෙකුගේ මතය.

2025 හි සමස්ත ස්ථිර පදිංචිකරුවන්ගෙන් 40% කට වඩා වැඩි ප්‍රමාණයක් දැනටමත් කැනඩාවේ සිටින සිසුන් හෝ කම්කරුවන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

                අපි සංක්‍රමණිකයින්ගේ ආගමනය සංසන්දනාත්මකව බැලුවොත් 

වාසි අවාසි 
කැනේඩියානු ආර්ථික වර්ධනය වැඩිවීම සැබෑ වැටුප්වල විභව පහත වැටීම, විශේෂයෙන්ම අඩු නිපුණතා සහිත ස්වදේශික සේවකයින්ට බලපෑමක් ඇතිවීම 
වඩාත් නම්‍යශීලී ශ්‍රම වෙලඳපොලවල්සෞඛ්‍ය/අධ්‍යාපනය/මාර්ග තදබදය වැනි පොදු සේවාවන්හි පීඩනය වැඩිවීම 
ජනප්‍රිය නොවන රැකියා ඇබෑර්තු පුරවීම. උදා: කෘෂිකර්ම අධික ජනගහනය නිවාස/කුලියට ගැනීමේ පිරිවැය වැඩිවිම
හෙදියන්, වෛද්‍යවරුන්, ගුරුවරුන් වැනි පුහුණු සේවකයන් සැපයීම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ බලපෑම සෘණාත්මක විය හැකිවීම 
විභව ව්‍යවසායකයින් (potential entrepreneurs)වේගවත් සංක්‍රමණ වලින් සමාජ අසමගිය ඇතිවීමට ඉඩකඩක් ඇතිවීම 
වයස්ගත ජනගහනයකට විසඳුමක්රැකියා විරහිත අනුපාතයට බලපෑමක් ඇති විය හැකිවීම 
සංස්කෘතික විවිධත්වය මගින් රටට ලැබෙන ආලෝකය 
වැඩ කරන වයසේ සංක්‍රමණිකයන් රජයේ අයවැයට ශුද්ධ ප්‍රතිලාභ ලබාදීම 

මේ ලිපිය හා බැදුණු මාගේ යූ ටියුබ් වැඩසටහන සදහා පහත දිගුවෙන් ඔබට පිවිසෙන්නට පුළුවන්

Current Immigration situation in Canada🍁🌐🌎❤️

කරුණාකර සබැඳි සහ විස්තර සඳහා වීඩියෝවේ විස්තරය පරීක්ෂා කරන්න.

මගේ මීළඟ ලිපියෙන් මම කැනේඩියානු අධ්‍යාපන ක්‍රමය ගැන සාකච්ඡා කරන්නෙමි. 

මෙම විද්‍යුත් පුවත්පත් කිසිදු කැනඩා රජයේ නියෝජිත ආයතනයකට හෝ ආගමන නීතිවේදීන්ට සම්බන්ධයක් නැත. මෙම ලිපියේ තොරතුරුවලට පදනම් වී ඇත්තේ විවිධ Online වෙබ් අඩවිවලින් ලබාගත් තොරතුරුයි. එබැවින් ඔබේ විශේෂිත සංචාරක අවශ්‍යතා සඳහා විශේෂඥ ආගමන  නීතීඥවරයෙකු හෝ උපදේශකවරයෙකු මුණ ගැසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *