Prince Rupert ප්‍රින්ස් රූපට් හි නත්තල් දින ගින්නකින්  100 කට ආසන්න පිරිසක් අවතැන්.

නත්තල් දින අලුයම ඇති වූ ගින්නක් හේතුවෙන් ප්‍රින්ස් රූපට් හි මහල් නිවාසයක පදිංචි 100කට ආසන්න පිරිසකට ඔවුන්ගේ නිවෙස්වලින් පිටතට යාමට සිදු වූ බව ගිණි නිවීම් ඒ්කකය   පවසයි.

උතුරු BC (British Columbia) නගරයේ Sherbrooke Avenue හි Sherbrooke Apartments හි අලුයම 3 ට පමණ මෙම ගින්න ඇති වූ අතර ඒ්  හේතුවෙන් ඒකක 36 ක ජීවත් වූ නිවැසියන් 99 දෙනෙකු අවතැන් වූ බව නගර බලධාරීන්  නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.නිවැසියන් අවට හෝටල් වෙත ගෙන ගොස් ඇති අතර හදිසි ආධාර සේවා ලබා ගනිමින් සිටින බව නගරය වැඩිදුරටත් පැවසීය.

“අපගේ සිතුවිලි ගින්නෙන් විපතට පත් සියලුම පවුල් සමඟයි,” එම ප්‍රකාශයේ සඳහන් වේ.

නගර බලධාරීන් පැවසුවේ ගැලවීමේ හමුදාව ගිනි නිවන අයට දිවා ආහාරය ලබා දෙන බවයි. අවතැන්වූවන්  සදහා  අවශ්‍ය ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නගරයේ පුණ්‍යායතනයට පරිත්‍යාග කරන ලෙස නගර බලධාරීන්  නගර වැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

ගින්නට හේතුව විමර්ශනය කරමින් පවතින අතර අලාභය කොපමණද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත .ප්‍රින්ස් රුපර්ට් යනු Prince George හට කිලෝමීටර් 500ක් බටහිර දෙසින් පිහිටි, ආසන්න වශයෙන් 12,000ක ජනතාවගෙන් යුත් වරාය නගරයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *