මීට සති කිපයකට පෙර කැනඩාව ඇමරිකාවේ 51 වැනි ප්‍රාන්තය බවට පත් කල යුතුයි යයි කියූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයට හා අනාගතයේ දී එරට ආනයනයන් සඳහා පැනවීමට නියමිත 28%ක බදුවලට එරෙහිව කැනඩාවේ ජස්ටින් ටෘඩෝ Justin Trudeau විකල්ප විසඳුමක් ලබා නොදීම හේතුවෙන් ඔහුගේ ආණ්ඩුව පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බව වාර්තා වේ. ඩොනල්ඩ් ට්‍රම්ප් අර්ධ වශයෙන් වග කිවයුතුව ඇති මේ අර්බුධය හේතුවෙන් වසර 9ක සිට කැනඩාවේ පාලනය හොබවන ජස්ටින් ටෲඩෝ හට ඔහුගේ කැබිනෙට්ටුවේ සාමාජිකයින් සංශෝධනය කිරීමකට ලක් කිරීමට සිදු වුයේ ඔහුගේ උප අගමැති වරයා මෙන්ම මුදල් ඇමති ඉල්ලා අස්වීම හා ආණ්ඩුවේ ලිබරල් මන්ත්‍රී වරුන් 50-75 අතර ප්‍රමාණයක් රජයට සහය දීම ප්‍රතික්ෂේප කිරීම නිසාවෙනි. මෙම තත්වය මත කැනඩාව හදිසි මැතිවරණයක් කැඳවීමට සුදානම් වන බව වාර්ථා වේ. .
කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ තම දේශපාලන ජිවිතයේ වඩාත් අභියෝගාත්මක අර්බුධයකට මුහුණ දෙමින් සිටින බව පවසන්නේ ලොව පුරා දේශපාලන විචාරකයින් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වාචික ප්‍රහාරයක් නිසා අසල් වැසි විදේශීය නායකයෙකු එසේ පහතට ඇද දැමිය හැකිද යන ප්රශ්නය ද අසමිනි. තේරී පත් වූ ඇමරිකානු ජනාධිපතිවරයා තම අසල්වැසියන්ගෙන් ආනයනය කරන නිෂ්පාදන සඳහා රේගු ගාස්තු වැඩි කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කර ඇති අතර, කැනඩාව 51 වන ඇමරිකානු රාජ්‍යය බවට පත් කිරීමට තමාට අවශ්‍ය බව පුන පුනා කියා සිටීමෙන් අගමැති ජස්ටින් ටෘඩෝ අර්බුදයට ඇද වැටිණි. දෙසැම්බර් 20, සිකුරාදා, මුදල් භාරව සිටි නියෝජ්‍ය අගමැති ක්‍රිස්ටියා ෆ්රීලන්ඩ්ගේ Chrystia Freeland හදිසි ඉල්ලා අස්වීමෙන් පසු කැනේඩියානු රජයේ ප්‍රධානියා ඔහුගේ කණ්ඩායමේ තුනෙන් එකක් නැවත සකස් කළේ අර්බුධය සමනය කර තත්වය පාලනය කිරීමටය.
දෙසැම්බර් 16, සඳුදා, උප අගමැති ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ්, එක්සත් ජනපදය සමඟ ආර්ථික ආතතීන් කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ජස්ටින් ටෘඩෝ සමඟ ඇගේ එකඟ නොවීම මගින් ආණ්ඩුවේ අර්බුධය එලියට පැමිණියේය. ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පදවි ප්රාප්තියෙන් පසු කැනඩාවේ සහ මෙක්සිකෝවේ 25% ක තීරු බදු පන වන බව යලි යලිත් ප්‍රකාශ කරනුයේ රටවල් දෙකට එයින් ගැලවීමට අවශ්‍ය නම්, ඇමරිකාවට එන නීතිවිරෝධී සංක්‍රමණ අවම කරන ලෙස ඔවුන්ට බල කරමිනි.
එක්සත් ජනපදය කැනඩාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා වන අතර එරට අපනයනවලින් 75% ක අවසාන ගමනාන්තය ඇමරිකාව වේ. මිලියන 41 ක ජනගහනයෙන් මිලියන දෙකකට ආසන්න කැනේඩියානුවන්ගේ ආර්ථිකය මෙම අපනයන මත රඳා පවතී. කැනඩාව යනු විශාල භුමි භාගයක් ඇති රටට සාපේක්ෂව කුඩා ජනගහණයක් ජිවත්වන රටක් වුවත් තෙල් හා කෘෂි බිම් වලින් ගහන රටක් ලෙස සැලකේ. කැනඩාව ලෝකයේ 4 වැනි ඛනිජ තෙල් නිෂ්පාදකයා වන අතර ලෝකයේ 5 වැනි ගෑස් නිෂ්පාදක රට ලෙස ද සැලකේ. දිනකට තෙල් බැරල් මිලියන 1.9ක් ලෝක වෙළඳ පලට නිකුත් කරයි. එසේම ගල් අඟරු මිලියන 47ක් නිෂ්පාදනය කරනු ලබන අතර මෙම ගල් අඟුරු වානේ නිෂ්පාදනය සඳහා යොදා ගනී.
කෙසේ වෙතත් අගමැති වරයා පවසන්නේ ඔහුගේ නව කණ්ඩායම පත් කිරීම තුලින් කැනේඩියානුවන්ට වඩා හොඳ ජීවිතයක්, ආර්ථිකය වර්ධනය කිරීම සහ මධ්‍යම පන්තිය සඳහා හොඳ රැකියා උත්පාදනය කිරීම” තම අරමුණ බවයි. එහෙත් එරට මාධ්‍ය වාර්තා කරන්නේ අගමැතිගේ ලිබරල් කඳවුර තුළම ඇතැම් මන්ත්‍රීවරු තම ධූරයෙන් ඉවත්ව යන ලෙස ඔහුගෙන් එළිපිටම ඉල්ලා සිටින බවයි. ප්‍රාදේශීය පුවත්පතක් වන ලා ප්‍රෙස් La Presse විසින් ප්‍රකාශ කරන ලද පරිදි, ඔහු විසින් පත් කරන ලද ආන්ඩුවේ නව සාමාජිකයින් පවා ජස්ටින් ටෲඩෝට අවංකව සහාය දෙන්නේ නැත.
මේ වන විටත් පාර්ලිමේන්තුවේ සුළුතරය වී සිටින අගමැතිවරයා ද ඔහුගේ වාමාංශික සගයා වන නව ප්රජාතන්ත්රවාදී පක්ෂය(NDP) ද ඔහුට සහාය දීම ප්‍රතික්ෂේප කර ඇත.
“මේ ආණ්ඩුවේ කාලය ඉවරයි. පොදු මන්ත්‍රී මණ්ඩලයේ මීළඟ රැස්වීමේදී අපි පැහැදිලි වාරණයක් ඉදිරිපත් කරන්නෙමු, ”යයි NDP නායක ජග්මීත් සිං Jagmeet Singh නිවේදනය කළේය.
ට්‍රම්ප්ට එරෙහිව නැගී සිටිය හැකි සහ රාජ්‍ය වියදම් කළමනාකරණය කල හැකි, සංක්‍රමණ අර්බුධය සහ කැනේඩියානු දේශසීමා පාලනය නැවත ලබා ගත හැකි ශක්තිමත් කෙනෙකු අපට අවශ්‍ය වේ,” යයි ටෘඩෝගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන කොන්සර්වේටිව් නායක අන්ත දක්ෂිණාංශික පියරේ පොයිලිවර් Pierre Poilievre වාර්තාකරුවන්ට මේ අතර පවසා සිටි. ඒ අනුව එරට මැතිවරණ සමීක්ෂණ පෙන්වා දෙන්නේ කැනඩාවේ අනාගත අගමැති කොන්සර්ටෙව් පක්ෂයෙන් පත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ පැත්තෙන්, තම අසල්වැසියා තුළ වර්ධනය වෙමින් පවතින දේශපාලන අර්බුදය ගැන සතුටු වන බව පෙනේ.
“අපි කැනඩාවට වසරකට ඩොලර් 100,000,000 කට වඩා සහනාධාර(ආනයන වියදම) ලබා දෙන්නේ මන්දැයි කිසිවෙකුට පැහැදිලි කළ නොහැක. මේක තේරුමක් නෑ! කැනඩාව 51 වන ඇමරිකානු රාජ්‍යය බවට පත් කිරීමට නැවත වරක් ඉල්ලා සිටිනවා. බොහෝ කැනේඩියානුවන්ට එය අවශ්‍යයි”.යයි ට්‍රම්ප් පවසා සිටියේ ජස්ටින් ටෘඩෝට තවත් අවමානයට පත් කරමින් හා ඇමරිකාවට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගත යතු යයි කියා සිටින උප අගමැතිණියට ද අනතුරු හඟවමිනි.
කැනඩාවේ පවතින නිවාස අර්බුදය හේතුවෙන් එරට ජනගහනයෙන් කොටසකට රටට සංක්‍රමණය වන විදේශිකයින් අඩු කිරීමට අවශ්‍ය වන අතර නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නික්ම යාමෙන් පසු සිදු කරන ලද Abacus දත්ත සමීක්ෂණයකට අනුව, ජස්ටින් ටෘඩෝ රජයේ ප්‍රධානියා ලෙස සිටිය යුතු බවට තවමත් කියන්නේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 19% ක් පමණි.
“ඉදිරි දිනවලදී, ඔහුට නිසැකවම හිම වල ඇවිදීමට යා හැකිය,” යයි සාමාන්‍ය ජනතාව පවසන්නේ ජස්ටින් ටෘඩෝගේ පියා කැනඩාවේ හිටපු අගමැති පියරේ එලියට් ටෘඩෝ Pierre Elliott Trudeau ගැන සඳහන් කරමින් 1984 දී ශීත ඍතුවේ පා ගමනකින් පසු ඉල්ලා අස්වූ බවට කල නිවේදනය ද මතක් කරමිනි.
කෙසේවෙතත් බලයට පත්වීමට පෙරම ට්‍රම්ප් ගේ මෙම ප්‍රකාශයන් පිළිබඳව දේශපාලනය විශේලේෂකයින් පෙන්වා දෙන්නේ ඒවා සරල වාක්‍යයන් ලෙස නොසැලකිය යුතු බවයි. ඔහු දෙසැම්බර් 20 වැනිදා යුරෝපා සංගමය ට දන්වා සිටියේ ඔවුන් ඇමරිකාවේ තෙල් හා ගෑස් මිලදී නොගතහොත් ඔවුන්ටද ඉහල බදු අගයක් පනවනු ලබන බවයි. ඉන් පසුව දෙසැම්බර් 23 දා ට්‍රම්ප් 1997 දී පැනමාවට පවරා දුන් ඩොලර් බිලියන 6ක වාර්ෂික ආදායමක් ලබා දෙන පැනමා ඇල යලි පවරා ගනු ලබන බව කියයි. ඉන් පසුව ට්‍රම්ප් ඩෙන්මාර්ක් රාජ්‍යයට අයත් ගෑස්, තෙල්, රත්‍රං, දියමන්ති යුරානියම් හා ඊයම් වලින් ගහන ග්‍රීන්ලන්ත දූපත අත්පත් කර ගත යුතු බව පවසයි. මෙම ආර්ථික දත්ත සලකා බලද්දී ට්‍රම්ප් ගේ මෙම ප්‍රකාශයන් තුල තිබෙන ලෝකයේ ආර්ථික හා මිලිටරිමය වශයෙන් වැදගත් රටවල් සම්බන්ධයෙන් ඔහුගේ ආක්රමණික ස්වරූපය පැහැදිලි වන බව ඔවුන් තව දුරටත් පෙන්වා දේ.