තානාපතිවරුන්ගේ හිඟයක්!

එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ධුරය මහා බ්‍රිතාන්‍ය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව යන රටවල මහ කොමසාරිස් ධුර රුසියාව, ජපානය, ඉන්දුනීසියාව, මැලේසියාව, නේපාලය, බ්‍රසීලය ඇතුළු රටවල් 20 ක තානාපතිවරුන් ආපසු මෙරටට කැඳවා ඇතත් එම රටවල් සඳහා තානාපතිවරුන් හෝ මහ කොමසාරිස්වරුන් මෙතෙක් පත් කර නැතැයි වාර්තා වේ. විදේශ සේවය කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් බවට පත්කිරීමේ නව රජයේ දැක්ම අනුව ඔවුන් කැඳවූ බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර සඳහන් කරයි.ෙකෙසේවෙතත් අමෙරිකාවේ ශ්‍රී ලංකා තනාපතිවරයා ලෙස කටයුතු කරන මහින්ද සමරසිංහ තවදුරටත් එම තනතුරේ කටයුතු කරන බවද ඔහු පවසයි‍ෙදේශපාලන බලපෑම්වලින් තොර රාජ්‍ය සේවාවක් ඇති කිරීමට වත්මන් රජය කැපවන බව නියෝජ්‍ය අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය මහා බ්‍රිතාන්‍ය, ඉන්දියාව, රුසියාව හා ඔස්ට්‍රේලියාව, ජපානය වැනි ප්‍රබල රටවල් සඳහා ද මෙලෙස තානාපතිවරුන් පත් කිරීම පමාවෙන් වැඩ බලන තානාපතිවරුන්ට රාජකාරි ආවරණය කිරීමට සිදුව ඇතැයි පැවසේදැනට ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ රටවල තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල හා කොන්සල් ජනරාල් කාර්යාල 60 ක් පමණ ස්ථාපිත කර තිබේ. එයින් තුනෙන් එකකට ප්‍රධානීන් නොමැතිවීම බරපතළ ගැටලුවක් බවට පත්ව ඇතැයි ද පැවසේ.

මේ අතර විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහා තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පසුගියදා ප්‍රතිචාර දක්වා තිබිණි.

තානාපති කාර්යාල කිහිපයක සිදු කර තිබූ දේශපාලන පත්වීම් නව රජය පත්වීමෙන් අනතුරුව අවසන් කිරීම නිසා කාර්යාල කිහිපයක ම පුරප්පාඩු පැවතුණි.

එම පුරප්පාඩු පිරවීමේ ක්‍රියාවලිය අවසන් වීමට සාධාරණ කාල අවකාශයක් ගත වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ක්‍රියාවලිය

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර විදෙස් රටවල සිටින ශ්‍රී ලංකා තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.

ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපතිවරයකු හෝ මහකොමසාරිස්වරයකු කිසියම් විදේශ රටකට පත් කළ විට, එම පත්වීම සඳහා එකී විදේශ රාජ්‍යයෙන් එකඟතාව ලබා ගත යුතුය. රාජ්‍ය තාන්ත්‍රික පරිචයේදී එම එකඟතාව අග්‍රෙමොං යන ප්‍රංශ වදනෙන් හඳුන්වනු ලැබේ.

එම එකඟතාව ලබා ගැනීම සඳහා වන ඉල්ලීම, විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එකී විදේශ රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලය හරහා මෙන්ම එම විදේශ රාජ්‍යය සතුව ශ්‍රී ලංකාවේ දූත මණ්ඩලයක් වෙතොත් එය හරහා ද එම රාජ්‍යයේ රජයට ඉදිරිපත් කරනු ලැබේ.

එම එකඟතාව ලබාදීම සඳහා විවිධ රටවල් ලබා ගන්නා කාලය එකිනෙකට වෙනස් ය. සමහර රටවල් ඔවුන්ගේ අභ්‍යන්තර ක්‍රියා පරිපාටි ප්‍රකාර එම එකඟතාව ලබා දීමට මාස තුන හතරක් වැනි දීර්ඝ කාලයක් ගන්නා අතර තවත් රටවල් එතරම් දීර්ඝ කාලයක් නොගෙන එම එකඟතාව ලබා දෙයි. කෙසේවුවද, සාමාන්‍යයෙන් එම කාලය මසක් හෝ දෙකක් විය හැකි ය.

එකී එකඟතාව ලැබීමෙන් අනතුරුව පත්වීම ලද තානාපතිවරයා හෝ මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව ඉදිරියේ පෙනී සිටිය යුතු ය. එසේ ඔහු හෝ ඇය එම කාරක සභාව ඉදිරියේ පෙනී සිටීමට පෙර, එම පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පළ කරන අතර, එම පත්වීමට විරෝධතා ඇතොත් ඒවා ගොනු කිරීමට සති දෙකක කාලයක් මහජනතාවට ලබා දෙයි. තානාපතිවරයා හෝ මහකොමසාරිස්වරයා උසස් නිලතල පිළිබඳ කාරක සභාව ඉදිරියේ පෙනී සිටිනුයේ එම සති දෙකක කාලය ඉක්ම යෑමෙන් අනතුරුව ය.

උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලැබුණු පසු එම තානාපතිවරයාට හෝ මහකොමසාරිස්වරයාට සිය ධුරයෙහි වැඩ භාරගැනීමේ මූලික නෛතික පසුබිම සකස් වෙයි.

ඉන් අනතුරුව අලුතින් පත් කරන ලද තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සති දෙකක පමණ නම්නීකරණ වැඩසටහනක් සංවිධානය කරයි. එම නම්නීකරණ වැඩසටහනට සහභාගී වීමෙන් අනතුරුව, පත් කරන ලද තානාපතිවරයාට හෝ මහකොමසාරිස්වරයාට සිය ධුරයෙහි වැඩ භාරගැනීම පිණිස අදාල විදේශ රාජ්‍යය වෙත පිටත්ව යෑමට හැකි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *