හිටපු කැනඩා මහබැංකුව සහ එංගලන්ත මහබැංකුවේ අධිපතිවරයෙකු වූ මාර්ක් කාර්නි Mark Carney පසුගියදා Edmonton එඩ්මන්ටන් හිදී තම ලිබරල් පක්ෂ නායකත්ව සටන දියත් කරනු ලැබුවා.ඒ ඔහුගේ දේශපාලන අභිලාෂයන් පිළිබඳව මාස ගණනාවක් තිස්සේ කල ඇගයීමෙන් පසුවයි.
කාර්නිට සහාය දක්වන ඇල්බර්ටා පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝර්ජ් චාහල් Alberta MP George Chahal නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලේ”ගෝලීය අභියෝග පවතින යුගයක, ආර්ථික අවස්ථාවන් පවතින අවස්ථාවක, එම අභියෝගවලට මුහුණ දීමට සහ අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය අත්දැකීම් සහ නායකත්ව කුසලතා මාර්ක් කාර්නි සතුව ඇති ,” බවයි.
මාර්ක් කාර්නි හැදී වැඩුණේ එඩ්මන්ටන් හි වන අතර ඔහුගේ පියා වන Bob Carney බොබ් කාර්නි, 1980 දී ලිබරල් පක්ෂයට තරඟ කළ අතර ඹහු ප්රගතිශීලී කොන්සර්වේටිව්වරයෙකු විය.
මාස ගණනාවක් පසුගාමී තත්වයක් තුල ඔහුගේ ම මන්ත්‍රී මණ්ඩලය තුළ දේශපාලන බලපෑම්වලින් පසුව, අගමැති ජස්ටින් ටෘඩෝ Justin Trudeau ජනවාරි 6 දා නිවේදනය කළේ, ආදේශකයක් සොයාගත් පසු ලිබරල් පක්ෂ නායක හා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.
මේ අතර පසුගිය සඳුදා රාත්‍රියේ ‘ද ඩේලි ෂෝ’ හි සම්මුඛ සාකච්ඡාවකදී මාර්ක් කාර්නි සිය ප්‍රචාරණ ව්‍යාපාරය මෘදු ලෙස දියත් කල අතර , ටෘඩෝගේ ආන්ඩුවට සම්බන්ධකම් තිබියදීත් කාර්නි තමාව “පිටස්තරයෙකු” ලෙස විස්තර කරනු ලැබුවා.
පසුගිය ගිම්හානයේදී, ටෲඩෝ වාර්තාකරුවන්ට පැවසුවේ ඔහු ෆෙඩරල් දේශපාලනයට සම්බන්ධ වීම ගැන කාර්නි සමඟ කතා කළ බවත් පසුව සැප්තැම්බර් මාසයේදී ඔහු ලිබරල් පක්ෂයේ විශේෂ ආර්ථික උපදේශකයෙකු ලෙස පත් කළ බවයි.
මේ අතර පසුගිය මාසයේ, ලිබරල් මූලාශ්‍රයක් මාධ්‍ය වෙත පැවසුවේ, ටෘඩෝ හිටපු මුදල් ඇමති ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් Chrystia Freeland වෙනුවට කාර්නි ආදේශ කිරීමට අදහස් කරන බවයි. ෆ්‍රීලන්ඩ් මූල්‍ය කටයුතු වලින් ඉවත් කිරීමට ගත් එම තීරණයත් සමග ඇය දෙසැම්බර් 16 වැනි දින හදිසියේ සිය තනතුරින් ඉල්ලා අස්වීමට හේතු විය. මේ වන විට, පසුපෙළ ලිබරල් මන්ත්‍රීවරුන් වන චන්ද්‍ර ආර්යා Chandra Arya සහ ජේමි බට්ටිස් Jaime Battise සහ හිටපු ලිබරල් මන්ත්‍රී ෆ්රෑන්ක් බේලිස් Frank Baylis ද ලිබරල් පක්ෂයේ නායකත්වයට තරඟ කිරීමට අදහස් කරන බව පවසා ඇත.
මේ අතර ක්‍රිස්ටියා ෆ්රීලන්ඩ්ට සමීප ආරංචි මාර්ග ප්‍රකාශ කලේ එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තියට පෙර,ඇයගේ නායකත්වය ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බවයි.
ලිබරල් පක්ෂය සිය මීළඟ නායකයා එලබෙන මාර්තු 9 වැනිදා තෝරා ගැනීමට සූදානම් වන අතර අපේක්ෂකයින් ජනවාරි 23 වන දිනට ඉදිරිපත් වීමට කැමැත්ත පළ කිරීමට බැඳී සිටී.