විවාහ වන වයස ගැන අලුත් යෝජනාවක්.

ශ්‍රී ලංකාවේ විවාහවන වයස් සීමාව පොදු වසය් සීමාවකට ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනාවක් ඉදිරිපත්කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ මූලිකත්වයෙන් පසුගිය 21වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡා පවත්වා තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් ලංකාවේ විවාහවන වයස් සීමාව සංශෝධනය කිරීම පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනුව, ලංකාවේ දැනට පවතින විවිධ විවාහ නීති අනුව පවතින විවාහවන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට අවශ්‍ය සංශෝධන සකස් කිරීම සඳහා සිවිල් සංවිධාන සහ අදාළ පාර්ශ්වයන්ගේ යෝජනා ලබාගැනීමටත්, ඒ ඔස්සේ අවසන් නිර්දේශ සංසදය මගින් සකස් කිරීමත් යෝජනා වී තිබුණා.

මේ අතර, ‘ළමයා’ යන්නට නිවැරදි ලෙස අර්ථකථනයක් ලබාදීමට අවශ්‍ය සංශෝධන සිදුකිරීමටද මෙහිදී මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමු වී තිබෙනවා.

මෙම අවස්ථාවට සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන නීතීඥ චමින්ද්‍රානි කිරිඇල්ල, සමන්මලී ගුණසිංහ යන අය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සහභාගි වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *