
Toronto Regional Real Estate Board ටොරොන්ටෝ ප්‍රාදේශීය දේපළ වෙළඳාම් මණ්ඩලය පවසන්නේ 2025 වසර සඳහා නිවාස අලෙවියෙහි සියයට 12.4 ක වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.එහෙත් අඩු ණය ගැනීමේ පිරිවැය, වැඩිදියුණු කළ දැරිය හැකි මිලකට හේතු වන බැවින් කලාපය පුරා දේපළ 76,000 ක් අතින් අතට මාරු වන සම්භාවිතාවක් පවතින බවයි එම මණ්ඩලය පවසන්නේ.
තනි පවුල් නිවාස සඳහා ශක්තිමත් මිල වර්ධනයක් සමඟ, සාමාන්‍ය විකුණුම් මිල පසුගිය වසරට සාපේක්ෂව සියයට 2.6 කින් ඉහළ ගොස් ඩොලර් 1,147,000 දක්වා ළඟා වනු ඇතැයිද ප්‍රාදේශීය දේපළ වෙළඳාම් මණ්ඩලය අපේක්ෂා කරයි.
මේ අතර, පසුගිය වසරේ පළමු මාසයට සාපේක්ෂව ජනවාරි මාසයේදී නිවාස අලෙවිය සියයට 7.9 කින් පහත වැටී ඇති බවත්, ගනුදෙනු 3,847 ක් වාර්තා වී ඇති බවත් ඹවුන්ගේ වාර්ථාවල සඳහන් වේ.
වසරේ මේ වනවිට නිවසක සාමාන්‍ය විකුණුම් මිල ඩොලර් 1,040,994 ක් වන අතර එය 2024 ජනවාරි මාසයට සාපේක්ෂව සියයට 1.5 ක වැඩිවීමකි. සාමාන්‍ය නිවස නියෝජනය කිරීමට අදහස් කරන ලද සංයුක්ත මිණුම් ලකුණු මිල වසරින් වසර සියයට 0.44 කින් ඉහළ ගොස් තිබේ.
පසුගිය මාසයේ ටොරොන්ටෝ ප්‍රදේශයේ නව ලියාපදිංචි කිරීම් 12,392 ක් සිදු වූ අතර එය වසරින් වසර සියයට 48.6 ක වැඩිවීමකි.
මේ අතර ඔන්ටාරියෝ එන් ඩී පී නායිකා මාරිට් ස්ටයිල්ස් Ontario NDP Leader Marit Stiles පසුගිය බදාදා නිවාස නොමැති අයවලුන් සදහා වන තාවකාලික කඳවුරු අවසන් කරන බවට පොරොන්දු වූ අතර ඒවා ප්‍රගතිශීලී කොන්සර්වේටිව් නායක ඩග් ෆෝඩ්ගේ Conservative Leader Doug Ford’s “ලොකුම අසාර්ථකත්වය” ලෙස හැඳින්වීය.
එම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඇය ගන්නා පියවර කිහිපයක් ස්ටයිල්ස් ලැයිස්තුගත කළ නමුත් ඒවාට කොපමණ මුදලක් වැය වේදැයි ප්‍රකාශ නොකල අතර පසුව “ඒ සියල්ල සිදුවනු ඇත” යනුවෙන් පමණක් පැවසුවාය.
The Association of Municipalities of Ontarioඔන්ටාරියෝ මහ නගර සභා සංගමය ඇස්තමේන්තු කර ඇත්තේ පසුගිය වසරේ පළාතේ 80,000 කට වැඩි පිරිසක් නිවාස නොමැති අය වූ බවයි. දිගුකාලීන නිවාස නොමැතිකම අවසන් කිරීම සඳහා වසර 10 ක් තුළ ඩොලර් බිලියන 11 ක් අවශ්‍ය වනු ඇති බවත් එම සංගමය පෙන්වා දෙයි.
පෙබරවාරි 27 වන දිනට ෆෝඩ් හදිසි මැතිවරණයක් කැඳවීමට ටික දිනකට පෙර, ඔහුගේ රජය නිවේදනය කළේ හදිසි නවාතැන් අවකාශයන් සහ දැරිය හැකි මිලකට නිවාස ඒකක නිර්මාණය කිරීමෙන් කඳවුරු අවසන් කිරීම සඳහා නගර සභාවලට ඩොලර් මිලියන 75.5 ක් දක්වා ලබා දෙන බවයි.
මිනිසුන් හුදෙක් එක් කඳවුරකින් තවත් කඳවුරකට ගමන් කරමින් සිටින අතර, අවසාන මොහොතේ මුදල් සම්භාරයක් වියදම් කිරීමෙන් ගැටලුව විසඳෙන්නේ නැතැයි ස්ටයිල්ස් පැවසීය.
“ඩග් ෆෝඩ්ගේ වසර හතකට පසු, කඳවුරු බැඳීම නව සාමාන්‍යයයි,” ඇය පැවසුවාය. “උද්‍යානවල කූඩාරම් දැකීම ඩග් ෆෝඩ් කෙතරම් අසාර්ථක වී ඇත්ද යන්න පිළිබඳ තියුණු මතක් කිරීමකි. ඔහු නිවාස සම්බන්ධයෙන් අසාර්ථක වී ඇත, සෞඛ්‍ය සේවා සම්බන්ධයෙන් ඔහු අසමත් වී ඇත, හොඳ රැකියා නිර්මාණය කිරීමේදී ඔහු අසමත් වී ඇත, සහ ජීවිතය දැරිය හැකි මිලකට ලබා දීමට ඔහු අසමත් වී ඇත.” ස්ටයිල්ස් පැවසීය.
එන් ඩී පී රජයක් නව ආධාරක නිවාස ඒකක 60,000 ක් නිර්මාණය කරන බවත්, නගර සභා වෙනුවට නවාතැන් වියදම් පළාතෙන් ගෙවන බවත්, සමාජ ආධාර අනුපාත දෙගුණ කරන බවත් ස්ටයිල්ස් පැවසුවාය. පොරොන්දු සඳහා කොපමණ මුදලක් වැය වේදැයි ඇය සඳහන් කළේ නැත.
“පළමුව, ඒ සියල්ල සිදුවනු ඇත, නමුත් මම ඔබට මෙය කියමි, අපට මෙය නොකර සිටීමට හැකියාවක් නැත,” ඇය පැවසුවාය.