
Germany, Karlsruhe, ජර්මනියේ කාල්ස්රුහි පැවති ලෝක මලල ක්රීඩා ගෘහස්ථ තරගාවලියේදී නව ඡාතික වාර්ථාවක් පිහිටුවමින් රන් පදක්කමක් දිනාගැනීමට කැනඩාවේ සාරා මිටන්Sarah Mitton සමත්වුණා. ඒ යගුලිය විසිකිරීමේ ඉසව්වෙන්. පසුගිය සිකුරාදා පැවති තරගයේදී ඇයගේ හොදම දක්ෂතාවයද වාර්ථා කලේ යගුලිය මීටර් 20.68 ක දුරක් විසි කරමින්. ඇය මෙම දක්ෂතාවය වාර්ථාකලේ සිය ඉසව්වේ පස්වන සහ අවසාන අවස්ථාවේදීයි. සාරා මිටන්ගේ මෙම ජයග්රහණය යගුලිය විසිකිරීමේ ඉසව්වේ නව කැනේඩියානු ගෘහස්ථ වාර්තාවක්ද වනවා.