හෂීස් කිලෝ 36ක් සමග කැනේඩියානු කාන්තාවක් අත්අඩංගුවට

රුපියල් කෝටි 36ක් පමණ වටිනා “හෂීස් ” මත්ද්‍රව්‍ය තොගයක් සමග කැනේඩියානු කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේ දී පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ කාන්තාව කැනඩාවේ ටොරෙන්න්ටෝ නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර වෙත පැමිණ මෙරටට පැමිණි අවස්ථාවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසීය.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත ජාත්‍යන්තර වශයෙන් ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

සැකකාරිය 36 හැවිරිදි කැනඩා ජාතික කාන්තාවක් වන අතර ඇය ද දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටි කාන්තාවක් බව වාර්තා වෙයි.

ඇය විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ ඇඳ ඇතිරිළි කීපයක් තුළ ඔතා සඟවා ගෙන තිබී කිලෝ ග්‍රෑම් 36 යි ග්‍රෑම් 500ක “හෂීස් ” මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

මෙම ” හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගය වෙනත් රටකට ප්‍රතිඅපනයනය කිරීම සඳහා මෙරටට රැගෙන එන්නට ඇති බවට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සැකපළකරයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම මත්ද්‍රව්‍ය තොගය සමග කැනඩා ජාතික කාන්තාව කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගන්නා බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *