යාපනය හිටපු නගරාධිපති දොරේඅප්පාගේ මිණිබිරියක මරුට.

කැනඩාවේ මාර්කම් Markham ප්‍රදේශයේ නිවසක සිදු වූ වෙඩිතැබීමකින් එම නිවසේ සිටි යාපනයේ පදිංචි 20 හැවිරිදි තරුණියක පසුගිය 9 දා මියගොස් තිබුණා. මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ යාපනයේ හිටපු නගරාධිපතිවරයකු වූ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පාගේ Alfred Duraiappah  මිණිබිරියක වන Ragudas Nilakshi රගුදාස් නිලක්ෂි නමැත්තිය බවට හඳුනාගෙන ඇතැයි මාධ්‍ය  වාර්තා කරයි.

වෙඩිතැබීම සිදු වූ මෙම නිවස කැනඩාවේ මාර්කම් නගරයේ Castlemore Road, Markham කාසල්මෝර් මාවතේ පිහිටා ඇති අතර යාපනයේ කොණ්ඩාවිල් ප්‍රදේශයේ සිට කැනඩාවට ගිය තරුණිය වසර දෙකක්ම ජීවත් වී ඇත්තේ එම නිවසේය.එම නිවසට මීට පෙර අවස්ථා දෙකකදීම වෙඩිතැබීම් සිදුව ඇති අතර, මෙවර වෙඩිතැබීමෙන් යාපනයේ පදිංචි තරුණිය සමග තවත් අයකු මියගොස් තවත් අයකුට තුවාල සිදුව තිබේ.

තුවක්කුකරුවන් විසින් නිවසේ ආරක්ෂාවට සිටි සුනඛයකු ද වෙඩිතබා මරාදමා තිබවෙඩිතැබීමෙන් පසුව ඊට සම්බන්ධ හතරදෙනකු නවීන පන්නයේ කැබ් රථයකින් පළායන අයුරු සී.සී.ටී.වී කැමරා පද්ධතියක සටහන් වී ඇති බව කැනේඩියානු පොලිසිය සඳහන් කර තිබේ.මේ දක්වා කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර කැනඩාවේ පොලිසිය පරීක්ෂණ පවත්වයි

මේ අතර කැනඩාවේ, නැගෙනහිර Toronto Scarborough ටොරොන්ටෝ හි ස්කාර්බරෝ නගර මධ්‍යය අසල පිහිටි සාමාජශාලාවක පසුගියදා වෙඩිතැබීමක් සිදුවුණා.එම සිද්ධියෙන් අදාළ සමාජ ශාලාව තුළ සිටි පුද්ගලයින් 12 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඉන් 6 දෙනෙකුටම වෙඩි වැදී තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

 වෙඩි වැදුණු පුද්ගලයින්ගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන්ය.එලෙස තුවාල ලබා ඇත්තේ, වයස අවුරුදු 20 සිට 50 මැද භාගය දක්වා වයස්වල පසුවන්නන් බව කැනේඩියානු පොලිසිය වාර්තා කර තිබුණි.මෙම වෙඩිතැබීම පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකර ඇති අතර අදාළ සැකකරුවන් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *