කවිකතාව – සඳලතා – 2

පසුගිය කොටසින් …

ගෙවනා කලට දිවි සිරවී තුළ                 නිවස

ලැබුනේ කුඩා රැකියාවකි නිවි                පවස

යනෙනා අතර සේවෙට උදයෙද              සවස

දුටුවේ කදිම කොලු ගැටයෙකි හැම         දවස

2 කොටස

හිසකෙය බොකුටු උඩු රැවුලද ඇති        මුහුණ

උස සහ මහත ඊටම ගැලපෙන             ලෙසින

හිනහෙන විටදි ආඩම්බර කම             පෙරෙන

හමුවන සැමගෙ සිත යයි ඔහු වෙත        නිතින

දෙදෙනම  නෙත ගැටුණි යනඑන මඟ     දෙපස

දෙනුවන රැඳුනු බැල්මෙන්  අයදියි           පහස

වටපිට බලා ලංවී දවසක                      සවස

මුමුණන ලදිය ඔහු සිත තෙරපෙන           රහස

විහිදයි මුදු සුවඳ විකසිත වුනු                කුසුම

එදෙසට ඇදෙයි බඹරුන් නොමවෙනු         පුදුම

ඔවුනට දැනුනි ළය සිරකල එම                රිදුම

සෙනෙහස මුසුව උපදින සුසිනිදු              සුසුම

ගිරවුනි ලිහිණියනි ගගනේ සරන              රුවේ

පැහැබර ඵල වැලින් හෙබි පෙම් සිහින   ලොවේ

දැනුනිද තුරුණු හදවත විඳි නිමල            සුවේ

තුරුළක පහස දැනි සිතිවිලි මිලින         නොවේ

ආලෙට බැඳුනු සිව් මසකුදු             එළබෙන්නා

සාලිය අශෝකා මාලා මෙනි                 දෙන්නා

සාගර පරදනා ලෙස සෙනෙහස            පෙන්නා

ආදර සොඳුරිගෙන් මෙලෙසට           විමසන්නා

මතු සම්බන්ධයි………

ලියෝනි අමරතුංග – හැමිල්ටන් 

https://sithiwilimanpetha.blogspot.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …