එංගලන්ත සංචාරයක මතකය

ග්රිනිච් මධ්ය රේඛාව මත සිට අවට බැලුවෙමි.
අපි සමාජ අධ්යනය පොතේ ඉගෙනගත්ත දේශාංශ රටින් රටට වෙලාව තීරණය කරන්න ඉතාමත්ම වැදගත් වන දෙයක්. ඒ අනුව ග්රිනිච් මධ්ය රේඛාවෙන් පටන් අරගෙන බටහිරටත්, නැගෙනහිරටත් අංශක 180 බැගින් ඇදි මනකල්පිත රේඛා භාවිතයෙන් රටින් රටට වෙලාව තීරණය වෙනවා. අපි දැන් ඉන්නෙ ඒ ග්රිනිච් මධ්ය රේඛාව උඩ හිටගෙන. ග්රිනිච් මධ්ය රේඛාව පිහිටා තිබෙන්නෙ එංගලන්තයේ තේම්ස් නදිය අසබඩ තියෙන මනරම් උද්යානයක කෙලවර තියෙන කදු ගැටයේ. හරියටම 1676 දෙවන චාල්ස් රජතුමා විසින් පිහිටුවන ලද රාජකීය ආකාශ වස්තු නිරීක්ෂණාගාරයේ.

Royal Observatory
රාජකීය තාරකා විද්යාඥයාගේ පර්යේෂණාගාරය ලෙස 1876 දී මුලින්ම භාවිතා කල John Flamsteed ගේ නිවහන ලෙසින් පහත මාලයක්, කාර්යාලය ලෙස අටපට්ටම් හැඩයේ ඉහල මාලයත් භාවිතා වුණා. ඔහුගෙන් පසු ඒ තනතුර දැරුවේ හැලීගේ ධූමකේතුවට නම් ලද Edmond Hailey. මේ පරිශ්රයේ තිබෙන ග්රිනිච් මධ්ය රේඛාව තඹ පතුරකින් රේඛාවක් ලෙසින් මැනැවින් සකස් කොට දෙපසින් Stainless Steel පතුරු දෙකක් තබා තිබෙනවා.ඔබටත් ඒ සමරුව ඉදිරියේ ඉදගෙන සිහිවටන සේයාරුවක් ගන්න පුළුවන්.
රාත්රී කාලයට ඒ රේඛාව ලේසර් ආලෝක ධාරාවකින් එළිය කර තිබෙනු අපට බලන්නට පුළුවන් වුනේ අපි නවාතැන් ගත් හෝටලය ඒ අද්දරම තිබුනු නිසා. විශාල ඩොල්පින් මාළුවන් දෙදෙනෙකුගේ වලිග වලින් වැටෙන ඡეයාවෙන් වෙලාව කියැවිය හැකි අපූරු සැමරුමක් එළිමහනේ තිබෙනවා. අතීතයේ භාවිතා කල අඩි 40 ක තරමේ දුරේක්ෂයකුත් , තවත් කෞතුක භාණ්ඩ රැසකුත් මේ වනවිට කෞතුකාගාරයක් ලෙසින් පවත්වා ගෙන යනවා. වරායේ තිබෙන නැව් වලට වෙලාව සකස් කරගැනීම සදහා වහලයේ සකස් කර තිබෙන සුවිසල් රතු බෝලය දවල් 12 ට පහලට වැටෙනවා. පැයක කාලයකට පස්සෙ ආයෙමත් දවල් 1 ට එය නියමිත තැනට එසවෙනවා.

Greenwich Area
ග්රිනිච් ලන්ඩන් ප්රදේශයේ තිබෙන වැදගත් සංධිස්ථානය ඔබට තේම්ස් ගග යටින් තිබෙන බිම්ගෙයින් ගගේ අනිත් පැත්තට යන්න පුළුවන්. තේම්ස් නදියේ අසිරිය බලන්න සංචාරක බෝට්ටුවක් ගන්නත් මෙතැනදීම ඔබට පුළුවන්. ගගට ඉහලින් යන ගොන්ඩෝලාවකින් අවට සිරි බලන්නත් පුළුවන්. Blackwall බිම්ගෙය හරහා වාහනයකින් අනික් පැත්තට යන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ලන්ඩන් Tube දුම්රියෙන් ලන්ඩන් නගරයේ ගමනාන්තවලට යන්නත් පුළුවන්.මේ ප්රදේශයේ තිබෙන සුවිසල් උද්යානය විවේක සුවය සදහා සියළු පහසුකම් දනවන කදිම පරිසරයක් හින්ද ඇවිදින්න , බයිසිකල් පදින්න, තණ නිල්ලේ වැතිර ඉන්න වගේම ගහක් යට බංකුවකට වෙලා පොතක් කියවන්න වුණත් නියමයි.
National Maritime Museum
1937 දී ආරම්භ කල මේ කෞතුකාගාරය 6 වන ජෝර්ජ් රජතුමා විසින් විවෘත කල බ්රිතාන්ය නාවික ඉතිහාසය පෙන්වන සුවිශේෂ තැනක්. ලෝකයේ නාවික ඉතිහාසයේ ඉතා සුවිසල් තැනක් හිමිකරගෙන සිටි බ්රිතාන්ය නාවික අංශ භාවිතා කල විවිධ උපකරණ, චිත්ර සහ නොයෙකුත් දෑ ඔබට මෙහිදී බලන්නට පුළුවන්. මේ පරිශ්රය නොමිලයේ බලන්න පුළුවන්. ඔබට කැමති නම් වෙබ් අඩවියට ගිහින් මේ සදහා ප්රවේශ පත්ර වෙන්කරවා ගන්න පුළුවන්. ඒ ගමනටම ලගම තියෙන බ්රිතාන්ය රජ පවුල පාවිච්චි කල Queens House එකතු කරගන්න පුළුවන්.
ගමන් වෙහෙස නිසා ළගම තියෙන ග්රිනිච් නගරයේ ස්ථාන කිහිපයක් බැලූ හින්ද හවස් වරුවේ දුම්රියෙන් අපි ගියේ කථා හතක් තිබෙන Harry Potter ප්රබන්ධ කථා මාලාවේ මතක රැසක් එකතුකර තිබෙන තැනක් බලන්න. මතක් කරගන්න Harry Potter කථා මාලාවේ රසිකයෙක් නම් ලන්ඩනය ආශ්රිත බොහෝ ස්ථාන නාම ඔබට සිහියට නැගේවි.
The Warner Bros. Harry potter Studio Tour
මුලින්ම Harry Potter කථා මාලාව චිත්රපටයට නැගුනේ 2000 වසරේදී. එතැන් පටන් විවිධ පසුතල වල රූපගත කෙරුණු කථාමාලාව 2010 දී කල මේ වනවිට අවසන් Harry potter and deathly hallows Part 2 චිත්රපටය දක්වා දිගටම ඇදුනා. චිත්රපටය සදහා භාවිතා වූ සියළු දේ එක්තැන් කරමින් වෙනමම පරිශ්රයක් තැනීමේ අදහස වෝනර් සමාගමට ඇතිවී තිබුනේ ඒ කාලයේදී. ඒ අනුව Leavesden ප්රදේශයේදී මේ මධ්යස්ථානය සකස් වුනේ 2012 වසරේදී. ඔබ පොදු ප්රවාහන මාධ්යයක් පාවිච්චි කරන්නේ නම් Watford Junction දුම්රිය ස්ථානය අසලට ගිහින් එතැන ඉදන් ක්රියාත්මක වන විශේෂ බස් සේවාවෙන් මෙතැනට එන්න පුළුවන්.
Hogwarts Express දුම්රිය , Platform 9 ¾ මගේ මතකය අළුත් කලා. පටු Diagon alley වීදිය ආයෙමත් මාව කථාවට ගෙනගියා. Great Hall, Forbidden forest අතරින් අප ඇවිද ගියේ කථාවට යොදාගත් ඇදුම් ආයිත්තම්, උපකරණ ජීවමාන අයුරින් දකිමින්. මේ පරිශ්රයේදී චිත්රපටවලට මැවූ පසුතල හා කථාව ඔබට ජීවිතයේ එක් වරක් පමණක් ලබන්නට හැකි අත්දැකීමක් එකතු කරනවාට කිසිම සැකයක් නැහැ. කලින්ම මේ සදහා වෙලාව වෙන්කරවා ගැනීම හොද වෙන්නෙ මෙය ඉතාමත්ම ප්රකට සංචාරක ආකර්ශනයක් හින්ද. ආයෙමත් දුම්රිය ස්ථානයට ආව අපි රෑ වෙනකොට නවාතැනට ආවා.
අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ ගොන්නක් සහ සිතියම් එක්ක මේ විස්තරය බලන්න මේ දිගුවෙන් මගේ බ්ලොග් අඩවියට යන්න
https://ahasgawwenehalokaya.blogspot.com/2023/03/blog-post_11.html
කැනේඩියානු සංචාරයක මතක

දුක, ආර්ථිකය, බලශක්තිය එකට මුසුකළ ස්ප්රින්හිල් ගල් අඟුරු පතලේ සවාරියක්
ලෝකයේ ගල් අඟුරු බලශක්ති ප්රභවයක් ලෙස භාවිතා කළ කාලයේදී පතල් කර්මාන්තය ප්රමුඛ ව්යාපාරයක් වූ බව ඉතිහාසයේ සඳහන්. නෝවා ස්කොෂියා පළාත කැනඩාවේ ගල් අඟුරු බහුල කලාපයක්. එහි වසා දැමුණු ගල් අඟුරු පතල් රැසක් තිබෙනවා. ඒවා අතුරින් ස්ප්රින්හිල් සුවිශේෂයි.
නිව් බ්රුන්ස්වික් පලාතට නුදුරින් පිහිටා තිබෙන මේ පතල් මේ වන විට වසා දමා තිබුණත් සංචාරක වශයෙන් වැදගත් වන කෞතුකාගාරයක් සහ පතල් චාරිකාවක් ගිම්හාන කාලයේදී මෙහි යන අයට ලබාගන්න පුළුවන්.
18 වන සියවසේ දුම්රිය සහ කර්මාන්තවලට බල ශක්තිය සැපයූ ගල් අඟුරු පතල් සංකීර්ණයක් ස්ප්රින්හිල් වල තිබුනා. ඩොමීනියන් ගල් අඟුරු සමාගම වාණිජමය වශයෙන් No.1, No. 2, and No. 4 ලෙස පතල් 3 ක් සංවර්ධනය කර තිබුණු නිසා ස්ප්රින්හිල් ප්රදේශයේ සම්පුර්න ආර්ථිකයම රැදී තිබුනේ ගල් අඟුරු කර්මාන්තය මතයි. ඒ අතුරින් අඩි 14,300 ක් ගැඹුරු අංක දෙක දරන පතල ලෝකයෙක් ගැඹුරුම පතල් අතර තිබුනු එකක් . බම්ප් ( ) කියා හැඳින්වෙන පතල් කඩා වැටීමෙන් වන අනතුරු රැසක් 1891, 1956 සහ 1958 වසර වලදී මෙහි සිදුවී තිබෙනවා.ඒවායින් දළ වශයෙන් 250 කගේ ජීවිත හානි සිදුව තිබෙනවා. ගල් අඟුරු වලට තිබුනු ඉල්ලුම අඩුවීම නිසා ව්යාපාරික වශයෙන් පාඩු ලැබූ මේ පතල් සංකීරණය 1970 දී වසා දැමුණා. අතහැර තිබෙන අංක දෙක (2) පතල භාවිතයෙන් නගරයේ ව්යාපාර උද්යානයට අවශ්ය බල ශක්තිය Geothermal Heating ලෙස සැපයෙනවා.
1998 දී National historic site එකක් ලෙස ප්රකාශයට පත් කළ ස්ප්රින්හිල් පතලේ කොටසක් මේ වන විට කෞතුකාගාරයක් ලෙස ක්රියාත්මක වෙනවා. ගල් අඟුරු පතල් කර්මාන්තය ගැන හොඳ අවබෝධයක් ලබාගන්නටත් 19 වන සියවසේ සහ විසිවන සියවසේ පතල්කරුවන් භාවිතා කළ උපකරණ සහ සේයාරූ මතක රැසක් ඔබට මෙහිදී දකින්නට පුළුවන්.

වඩාත් විශේෂිත කාරණය වන්නේ මේ පතලේ සංරක්ෂිත කොටසක් පතල් චාරිකාවක් සඳහා සකස් කර තිබීමයි. විශ්රාමික පතල් සේවකයින් හෝ ඔවුන්ගෙන් පැවත එන්නන් මේ චාරිකාවලදී නියාමකවරුන් ලෙස කටයුතු කරන නිසා බොහෝ ප්රායෝගික තොරතුරු ඔබට දැනගන්නට පුළුවන්.
මේ මීට පෙර ඔන්ටාරියෝ පළාතේ නිකල් පතලකට ගිය ගමනේ මතකයේ දිගුව
අපි බිග් නිකල් කාසිය බලා පතලකට ගියෙමු
https://ahasgawwenehalokaya.blogspot.com/2024/08/blog-post.html
ආරක්ෂිත කබායක්, ආරක්ෂිත හිස්වැසුමක් ලාගෙන අංක දෙක පතලේ පිවිසුම් දොරටුවෙන් ඇතුළුවෙලා පහළට යද්දී ඔබට දැනෙන හැඟීම නම් වෙනස්ම එකක්. පොළොව මතුපිට කබා , හිස්වැසුම් තිබූ මඩුව, ඒ වගේම අදාල පතල් සමාගම භාවිතා කළ උපකරණ, පතල් කම්කරුවන් පතලට බසින විට ලැබුණු බඩු භාණ්ඩ, ගල්අඟුරු හාරන්නට දුන් උපාංග ඔබට මෙහිදී දකින්නට පුළුවන්.
පතල් කම්කරුවන් විසින් හාරා ගත් ගල් අඟුරු පුරවන කුඩා දුම්රිය ගැල් වැනි Mine Cars වලට පිරවීම සිදු කෙරුනා. ඒවා පොළොව මතුපිට පිහිටුවා තිබුනු ගල් අඟුරු දහනයෙන්ම බලය උපදවා ගත් ( Steam driven Hoist ) වාෂ්ප බලෙන් ක්රියාත්මක වන උපාංගය මඟින් කේබල් ආධාරයෙන් ඉහළට ඇද ගැනීම සිදුකර තිබුණා . ඉන් පසුව පොළොව මතුපිට පිහිටුවා තිබුණු පරිශ්රයකදී ඒ ගල් අඟුරු පිරිසිදු කර දුම්රිය ගැල්වලට පටවා තිබෙනවා. ගල් අඟුරු මගින් ක්රියාත්මක වූ වාෂ්ප දුම්රිය මගින් ඒවා කැනඩාවේ කුවිබෙක් පළාත,නෝවා ස්කොෂියා පළාත, නිව් බ්රුන්ස්වික් පළාත සහ එඩ්වඩ් කුමාර දිවයින පළාත තුල ක්රියාත්මක වූ විවිධ කර්මාන්ත ශාලාවල බලය සැපයීම වෙනුවෙන් බෙදා හැර තිබෙනවා. ඒ වගේම ඒ පළාත්වල විදුලි නිෂ්පාදනය සඳහාත් බහුල වශයෙන් ගල් අඟුරු භාවිතා වී ඇති බව සදහන්. අදත් නෝවා ස්කොෂියා පළාතේ විදුලි බලයෙන් කොටසක් නිෂ්පාදනය වන්නේ ගල් අඟුරු වලින්. 2030 දී ඒ පරිශ්ර වසා දැමීමට නියමිතයි.
අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ ගොන්නක් සහ සිතියම් එක්ක මේ විස්තරය බලන්න මේ දිගුවෙන් මගේ බ්ලොග් අඩවියට යන්න
https://ahasgawwenehalokaya.blogspot.com/2026/01/blog-post_10.html

ගමනක මතකය වැඩසටහන් පෙල ඔස්සේ අපි රූපණ කණ්ඩායම ඔබව කැනඩාවේ විවිධ ඉසව් කරා ගෙන යනවා. 2023,2024 වසර වලදී අපි පංච මහා විල් ආශ්රිත ප්රදේශ වගේම කැනඩාවේ රොකී කදු කලාපයේ ජාතික උද්යාන වල ගමන් මතක ඔබ වෙත ගෙන ආවා. 2025 පටන් අපි ඔබව පළාත් මට්ටමින් විවිධ ඉසව් වලට එක්කගෙන යනවා. මීට පෙර අපි නිව් බ්රුන්ස්වික් සහ එඩ්වඩ් කුමාර දිවයින පළාත් වලට ගියා ඔබට මතක ඇති. රූපණ වෙබ් අඩවියට ගිහින් ඔබට ඒ වැඩසටහන් බලන්න පුළුවන්.
අඩු මුදලකින් , අඩු මහන්සියකින් ඔබට මේ අවුරුද්දෙ විවේකී දවස්වලට ඒ තැන් වලට යන්න මේ වැඩසටහනත් උදව්වක් වේවි
මේ දිගුවෙන් ඔබට වැඩසටහන බලන්න පුළුවන්


