ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමු දෙයි.

ආර්ජන්ටිනා පාපන්දු ඉතිහාසයේ බිහි වූ අසහාය ක්‍රීඩකයෙකු වන ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර ඇත.

ආර්ජන්ටිනාව සහ බෙනින් අතර පැවැති තරගයේදී විශිෂ්ට ගෝලයක් වාර්තා කිරීමෙන් අනතුරුව ඔහු මෙම තීරණය හෙළි කළේය. සිය ජාත්‍යන්තර ක්‍රීඩා දිවියේ 126 වැනි ගෝලය වාර්තා කරමින් මෙම සමුගැනීම සනිටුහන් කළේය.

මෙහිදී බෙනින් ජනරජයට එරෙහිව ගෝල 3ට බිංදුවක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ආර්ජන්ටිනා කණ්ඩායම සමත්වීමද විශේෂත්වයකි.

‘මොනුමෙන්ටල්’ ක්‍රීඩාංගණයේ රැස්ව සිටි ක්‍රීඩාලෝලීන් 85,000ක් ඉදිරිපිට තරගය අවසානයේදී හැඟීම්බර කතාවක් සිදු කළ 39 හැවිරිදි මෙසී, ආර්ජන්ටිනාවේ අනාගත ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩා ලෝලීන්ට විශේෂ පණිවුඩයක් ලබාදී තිබේ.

මෙසි පෙන්වා දී ඇත්තේ ආර්ජන්ටිනා ජාතික කණ්ඩායම ජයග්‍රහණය කරනු දැකීමට අකමැති පිරිසක් සිටින බවත්, එවැනි අභියෝග ජයගැනීමට කණ්ඩායමක් ලෙස එක්ව සිටීම අත්‍යවශ්‍ය බවත්ය. “අපි එකට සිටින විට ඕනෑම කෙනෙකුට වඩා අපි ශක්තිමත්. ඕනෑම දෙයක් ජයගන්න අපට හැකියි.

ඉහළම ඉලක්ක සපුරා ගැනීමට නම් අපි එකට සිටිය යුතුයි. මේ ජාතික කණ්ඩායම ජයග්‍රහණය කරනවා දැකීමට අකමැති අය සිටිනවා.

ඒ නිසා ඔවුන්ට එරෙහිව අපි එක්විය යුතුයි,” යනුවෙන් මෙසී පවසා තිබේ. ඔහු සඳහන් කර ඇත්තේ ජාතික කණ්ඩායමක් ලෙස ශක්තිමත් කණ්ඩායම් හැඟීමක් නොමැති නම් විශාල ජයග්‍රහණ ලබාගැනීම ඉතා අපහසු බවයි.

මේසි සිය සමුගැනීමේ කතාවේදී ආර්ජන්ටිනා ක්‍රීඩා ලෝලීන්ට ස්තූතිය පළ කරමින් පවසා ඇත්තේ “මම මෙතැනින් යන්න කැමති නැහැ. ඔබ සියලුදෙනාවම මට මතක් වේවි. මම ආර්ජන්ටිනා ජාතිකයෙකු වීම ගැන දෙවියන්ට ස්තූතිවන්ත වෙනවා. ඔබ සියලුදෙනා සමඟ මගේ සිහිනය සැබෑ කරගැනීමට හැකිවීම ගැන මම ආඩම්බර වෙනවා,” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …