ලෝක කුස­ලා­න­යට වස­රක් තිබි­යදී ටික­ට් ඉල්ලා මිලි­යන 15ක අය­දු­ම්පත්යොමුකරයි.

ක්‍රිකට් එක්දින ලෝක කුස­ලා­න­යට තවත් වස­ර­කට ආසන්න කාල­යක් තිබි­යදී ලෝක කුස­ලාන ටික­ට්පත් සඳහා ලියා­ප­දිංචි කිරීමේ ක්‍රියා­ව­ලිය ආර­ම්භ වූ අතර, දින 12ක් ඇතු­ළත ටික­ට්පත් අය­දු­ම්පත් මිලි­යන 15කට වඩා ලැබී තිබේ. ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය නිවේ­ද­න­යක් නිකුත් කර­මින් කියා සිටියේ ලොව පුරා රට­වල් 142කින් ටික­ට්පත් අය­දු­ම්පත් මිලි­යන 15යි 83,752ක් ලැබී ඇති බවයි. මේ ටික­ට්පත් සඳහා පුද්ග­ල­යන් 44,23,417ක් ලියා­ප­දිංචි වී ඇත.

ක්‍රිකට් ක්‍රීඩාවේ විශා­ල­තම ඉසව්ව වන එක්දින ලෝක කුස­ලාන තරග නැර­ඹී­මට රසි­ක­යන් උන­න්දු­වෙන් සිටින බව ටික­ට්පත් සඳහා ලැබෙන අය­දු­ම්පත් ගණන දෙස බැලී­මෙන් තේරුම් ගත හැකි වේ.

14 වැනි එක්දින ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය ලබන වසරේ ඔක්තෝ­බර් 2 වැනි දින ආරම්භ වන අතර, එය නොවැ­ම්බර් 21 දක්වා පැවැත්වේ. තර­ගා­ව­ලි­යට දකුණු අප්‍රි­කාව, සිම්බාබ්වේ සහ නැමී­බි­යාව සත්කා­ර­ක­ත්වය දරනු ඇත. පසු­ගිය 1දා අයි­සීසී ලෝක කුස­ලාන ක්‍රිකට් කාල­ස­ට­හන ප්‍රකා­ශ­යට පත් කිරී­මෙන් පසු ටික­ට්පත් අලෙ­විය ද ආරම්භ කෙරිණි.

අයි­සී­සීයට අනුව, එංග­ලන්ත ක්‍රිකට් ලෝලීන් ටික­ට්පත් ඉල්ලීම් අතින් ඉදි­රි­යෙන් සිටින අතර, දකුණු අප්‍රි­කාව, ඉන්දි­යාව, අමෙ­රි­කාව සහ ඔස්ට්‍රේ­ලි­යාව ද වැඩි ඉල්ලු­මක් කර ඇත. ටිකට් පත් අලෙ­වි­යෙන් ක්‍රිකට් ලෝක කුස­ලා­නයේ ආක­ර්ෂ­ණය කොත­රම් පුළුල්ද යන්න පෙන්නුම් කරන බවත්, සංචා­රක ගම­නා­න්ත­යක් ලෙස අප්‍රි­කාවේ ආක­ර්ෂ­ණීය බව විද්‍ය­මාන වන බවත් අයි­සීසී සන්නි­වේ­දන අධ්‍යක්ෂ සංජේ ගුප්තා පැව­සීය.

ලෝක කුස­ලාන ටික­ට්පත් සඳහා අයි­සීසී වෙබ් අඩ­වියේ ලියා­ප­දිංචි කිරීම එළැ‍ඹෙන නොවැ­ම්බර් 21 වැනි දින දකුණු අප්‍රිකා වේලා­වෙන් රාත්‍රී 11:59 දක්වා විවෘ­තව පවතී. ටික­ට්පත් සඳහා ලියා­ප­දිංචි වීමට කිසිදු ගාස්තු­වක් අය නොක­රන අතර, නර­ඹ­න්න­කුට තර­ග­යක් සඳහා එක් වරක් පම­ණක් අය­දුම් කළ හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …