ටොරොන්ටෝ පාපැදි ප්‍රජාවේ සාමාජිකයෙකු සිහි කිරීමට සිය ගණනක් පාපැදිකරුවන් එක්වෙයි

ටොරොන්ටෝ හි පාපැදි ප්‍රජාවේ සුප්‍රසිද්ධ සහ දිගුකාලීන සාමාජිකයෙකු සිහිපත් කිරීම සඳහා පාපැදිකරුවන් සිය ගණනක් පසුගියදා එක්විය. මෝනිං ග්ලෝරි පාපැදි සමාජයට (එම්ජීසීසී) අයත් වූ ව්ලැඩිමාර් (ව්ලැඩ්) සෝටෝව් නැමැති පාපැදිකරු පසුගිය අප්‍රේල් 8 වන දින අනතුරකට ලක්ව මිය ගියේය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 59 ක විය.

පාපැදිකරුවන්ට ගරු කිරීම සඳහා වූ උපදේශනය විසින් මෙම පාපැදි සවාරිය සංවිධානය කරන තිබිණි. එම පාපැදි සවාරිය හා රැස්වීම Bloor Street West සහ Spadina Avenue සිට Don Valley Brickworks ප්‍රදේශය දක්වා ගමන් කිරිණි. එහිදී ව්ලැඩිමාර් අනතුරට ලක් ව මියගිය ස්ථානයේ පාපැදි ස්මාරයක් ස්ථාපිත කිරීමට කටයුතු කෙරෙණි. එහිදී පැමිණ සිටි පිරිස හිස්වැසුම් ගලවා මොහොතක් නිශ්ශබ්දව සිටිමින් ගරු කිරීමටද කටයුතු කෙරෙණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *