වාහන නැවැත්වීම් වැරදි සීය ඉක්මවා යාමේදී දඩ මුදල් ඉහල දැමීමට අදාළව ටොරොන්ටෝ කවුසිල මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇත. පසුගියදා පැවති රැස්වීමක් අතරතුරු වාහන නැවැත්වීම සම්බන්ධයෙන් වැරදි එකසිය විසි පහක් සඳහා දඩ මුදල් වැඩි කිරීමට යෝජනා කළ අතර ඊට අදාළ විවාදයද පැවැත්විණි.කවුන්සිලයේ යටිතල පහසුකම් සහ පරිසර කමිටුවේ සභාපති ජෙණිෆර් මැකෙල්වී අදාළ දඩ මුදල වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කෙරිණි. යෝජනාව විස්සට එකක් ලෙස අනුමත විය. මේ අනුව පාපැදි මං තීරුවලින් වාහන නැවැත්වීමේ දඩය ඩොලර් එකසිය පනහේ සිට දෙසීයය දක්වා ඉහල දමා ඇති අතර වාහන නැවැත්වීමේ යන්ත්‍ර සඳහා ගාස්තු නොගෙවීම ඩොලර් තිහේ සිටියේ ඩොලර් පනහ දක්වාෙ ඉහළ යනු ඇත. අනුමත කිරීමේ ගාස්තු අගෝස්තු පලවෙනි දා සිට ක්‍රියාත්මක වේ.
Related Posts
අනීටා ආනන්ද් අගමැති මෝදි හමුවෙයි; කැනඩාව සහ ඉන්දියාව සඳහා වන වෙළඳ මාර්ග සිතියමට එකඟ වේ
වසර දෙකක රාජ්‍ය තාන්ත්‍රික ආතතියකින් පසු දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු කරන අතරතුර, විදේශ කටයුතු අමාත්‍ය අනිතා ආනන්ද් පසුගියදා…
කැනඩාව-ඇමරිකාව අතර සංචාරකයන් අඛණ්ඩව 5 වන මාසයටත් පහත වැටේ.
කැනඩාවේ සංඛ්‍යාලේඛන ආයතනය විසින් නිකුත් කරන ලද නව දත්ත වලට අනුව, ගොඩබිම් සහ ගුවන් මගින් ඇමරිකා එක්සත් ජනපදයට සංචාරය කර…
2026 දී දහස් ගණනක් සේවකයින්ට දුරස්ථ රැකියා විකල්පය අවසන් වේ.
නව වසර රට පුරා බොහෝ සේවකයින් සඳහා කාර්යාල තුළ වැඩ කිරීමේ නීතිරීතිවලට යටත්ව විශාල වෙනස්කම් වලට මුහුණදීමට සිදුව තිබේ.ඒ අනුව…


