“එක්සත් රාජධානියේ ආර්ථිකය ඹසවා තැබීමට” උපකාර කිරීම සඳහා කැනඩාවේ ආකෘතියෙන් “පාඩම් ඉගෙන ගැනීමට” ඇයට අවශ්‍ය බව එක්සත් රාජධානියේ මහා භාණ්ඩාගාරයේ අධිපති Chancellor of the Excheque රේචල් රීව්ස් Rachel Reeves මහත්මිය පැවසුවාය. ඒ ඇය විසින් පසුගිය මාසයේ විශ්‍රාම වැටුප් අංශය පිළිබඳ සමාලෝචනයක් දියත් කිරීමෙන් පසුවයි.
පළාත් පාලන විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම ඒකාබද්ධ කිරීමටත් ඔවුන්ගේ පවුම් බිලියන 360 ක සම්පත්වලින් කොටසක් ආර්ථිකයේ ආයෝජනය කිරීමටත් තමන් සැලසුම් කරමින් සිටින බව චාන්සලර්වරිය තහවුරු කර ඇත.
රේචල් රීව්ස් පැවසුවේ කැනඩාවේ ආදර්ශය අනුගමනය කිරීමට තමන් උනන්දු වන බවත්, එහි වර්ධනයට උපකාර කිරීම සඳහා යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා විශාල වශයෙන් ආයෝජනය කිරීමට විශ්‍රාම වැටුප් අරමුදල් භාවිතා කරන බවත්ය
මෙම සතියේ උතුරු ඇමරිකාවට දින තුනක සංචාරයක් අතරතුර චාන්සලර් කැනේඩියානු විශ්‍රාම අරමුදල් කණ්ඩායමක් ටොරොන්ටෝහිදී හමුවීමට නියමිත බව වාර්ථා වනවා.දැනට, එංගලන්තයේ සහ වේල්සයේ පළාත් පාලන විශ්‍රාම වැටුප් සාමාජිකයින් මිලියන හයක් පමණ වන අතර එම තනි අරමුදල කොටස් 86 කට ඛණ්ඩනය කර ඇත.
“කැනේඩියානු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමවල ප්‍රමාණයෙන් අදහස් වන්නේ ඔවුන්ට අපට වඩා අත්‍යවශ්‍ය යටිතල පහසුකම් වැනි ඵලදායී වත්කම් සඳහා ආයෝජනය කළ හැකි බවයි යනුවෙන් රීව්ස් මහත්මිය ප්‍රකාශ කර ඇත.