වසර 73ක දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන විශ්ව රූ රැජන තරගයේ පළමු වරට කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්කයේ තරුණියක් සමත්වූණා. ඩෙන්මාර්කය නියෝජනය කරමින් මෙවර තරගයට එක්වූ 21 හැවිරිදි නර්තන ශිල්පිනියක වන වික්ටෝරියා කේජයිර් මේ ඓතිහාසික වාර්තාවට හිමිකම් කීමට සමත්වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. පසුගියදා මෙක්සිකෝවේ පැවති විශ්ව රූ රැජන තරගයට රටවල් 120කට අධික සංඛ්‍යාවකින් තරගකාරිනියන් ඉදිරිපත් වූ අතර, පළමු අනුශූරිය ලෙස නයිජීරියාවේ නීති ශිෂ්‍යාවක වන චිඩිම්මා අඩෙස්ෂිනා ද, දෙවැනි අනුශූරිය ලෙස මෙක්සිකෝවේ මරියා ෆර්නැන්ඩා ද ජයග්‍රහණ අත්කරගත්තා. මෙවර තරගයේ අවසන් වටයට මෝල්ටාවේ 40 හැවිරිදි බියට්‍රිස් එන්ජොයා ද එක්වූ අතර, ඇය විශ්ව රූ රැජන තරග ඉතිහාසයේ අවසන් වටයට පිවිසි වයස්ගතම තරුණිය ලෙස වාර්තාපොතට එක්වනු ලැබුවා
Related Posts
එලෝන් මස්ක් ලෝක ඉතිහායේ ලොකුම ධනවතා වෙයි – දෙවැනියාට වඩා ඩොලර් බිලියන 80ක් ඉදිරියෙන්.
ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම අමෙරිකානු ව්‍යාපාරිකයකු සහ ලොව අංක එකේ ධනවතා වන එලොන් මස්ක් මෙතෙක් ලොව සිටි ධනවත්ම…
සුප්‍රසිද්ධ නොත්‍රදාමය(Notre-Dame) යළි විවෘත කෙරේ.
ගින්නකින් දැඩි ලෙස හානි වී තිබූ ප්‍රංශයේ නොට්රෙ-ඩේම් ආසන දෙව්මැදුර(නොත්‍රදාමය) පසුගියදා යළි විවෘත කරනු ලැබීය.ඒ සඳහා ලෝක නායකයන් රැසක් ප්‍රංශයේ…
ෂේක් හසීනා නැවත ඩකා එවන්න’: බංග්ලාදේශයෙන් ඉන්දියාවට ලිපියක්
බංග්ලාදේශයේ අන්තර්වාර රජය පසුගිය සඳුදා ප්‍රකාශ කළේ බලයෙන් පහකළ හිටපු අගමැතිනි ෂේක් හසීනා Sheikh Hasina නැවත ඩකා වෙත එවීය සඳහා…