බල පෙරලියත් සමග ඊශ්‍රායලයෙන් සහ අමෙරිකාවෙන් සිරියාවට ගුවන් ප්‍රහාර.

ඊශ්‍රායල යුධ ගුවන් යානා පසුගිය (10)  වැනිදා සිරියාවේ ඩැමස්කස් Damascus අගනුවර ඇතුළු ඉලක්ක ගණනාවක් වෙත ප්‍රහාර එල්ල කර තිබේ.සිරියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ,  දින දෙකක් තුළදී ප්‍රහාර 100ක් පමණ එල්ල වී ඇති බවයි.රසායනික අවි නිෂ්පාදනයට සම්බන්ධ පර්යේෂණ මධ්‍යස්ථානයක් ද ප්‍රහාර එල්ල වූ ඉලක්ක අතරට ඇතුළත් වේ.

සිරියාවේ සිදුවන බල පෙරලිය අතරතුරදී සිරියානු හමුදාවේ යුධ අවි, ආගමික අන්තවාදී කණ්ඩායම් අතට පත්වීම වැළැක්වීම ප්‍රහාරවල අරමුණ බව ඊශ්‍රායලය පවසයි.මේ අතර අමෙරිකාව ද සිරියාවේ (IS) ත්‍රස්ත සංවිධානයේ කඳවුරු කිහිපයක් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කළේ ය.ඔවුන් සඳහන් කළේ සිරියාවේ බල පෙරළියත් සමග පාලන තන්ත්‍රයේ ඇතිවිය හැකි හිඩැසකින් ප්‍රයෝජන ගැනිමට (IS) ත්‍රස්ත සංවිධානය උත්සහ දරනු ඇති බවයි.ඊට එරෙහිව ඔවුන්ට ද අනතුරු අඟවමින් ගුවන් ප්‍රහාර 75ක් පමණ එල්ල කළ බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

මේ අතර සිරියානු සන්නද්ධ විපක්ෂයට සහාය දක්වන කැරැලිකරුවෝ එරට ඩමැස්කස් අගනුවර අල්ලා ගැනීමත් සමඟ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ Bashar al-Assad[ රජය බි‍ඳ වැටුණි.ජනපති අසාද්, ඔහුගේ බිරිඳ සහ පවුලේ අයත්, අසාද්ට හිතවාදී රජයේ සියලු දෙනාත් මේ වනවිට රටින් පලා ගොස් ඇත.ජනපති අසාද් ඇතුළු පිරිස පලා ගියේ සිරියාවේ සන්නද්ධ විපක්ෂයට සහාය දක්වන කැරැලිකරුවන් ඩමැස්කස් ගුවන්තොටුපොළ අත්පත් කර ගැනීමට සුළු වේලාවකට පෙර යැයි ද පැවැසෙයි.සිරියාවෙන් පළාගිය හිටපු ජනාධිපති බෂාර් අල්-අසාඩ් රුසියාවේ මොස්කව් නගරයට ගොස් ඇති බව රුසියානු මාධ්‍ය සඳහන් කරයිරුසියානු බලධාරීන් පවසන්නේ අසාඩ් ට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ට රුසියාවේ සරණාගතභාවය ලබාදෙන බවයි.

Hayat Tahrir al-Sham නම් සංවිධානයට අයත් කැරලිකරුවන් පසුගිය  නොවැම්බර් 27 වනදා අසාඩ් පාලනයට එරෙහිව ප්‍රහාර දියත් කළේය.ඉන්පසු දින කිහිපයක් තුළදී එරට ප්‍රධාන නගර සිය ග්‍රහණයට ගැනීමට කැරලිකරුවන් සමත්විය.ඔවුන් පසුගිය (08) වැනිදා ඩැමස්කස් නගරය ට ඇතුළු විය.


මේ අතර සිරියාවේ අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ් අල්-බෂීර් ව පත්කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.ඔහුගේ පත්වීම 2025 මාර්තු 01 වනදා තෙක් ක්‍රියාත්මක ය.කැරලිකරුවන් විසින් පාලනය කළ රජයේ ප්‍රධානියා ලෙසද ඔහු ඊට පෙර කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *