හිටපු ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි.

හිටපු ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං (Manmohan Singh) අභාවප්‍රාප්ත විය.1932 වසරේ සැප්තැම්බර් 26 වැනිදා උපත ලැබූ ආචාර්ය මන්මෝහන් සිං මියයන විට 92 වැනි වියේ පසුවිණි.ඉන්දියාවේ නවදිල්ලි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඹහු පසුගිය (26) වැනිදා පස්වරුවේ අභාවප්ප්‍රාප්ත වු බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රකට ආර්ථික විශේෂඥයෙක් වන මන්මෝහන් සිං, ඉන්දීය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රමුඛයෙක් ලෙස ද සැලකේ.ෙපන්ජාබ් විශ්වවිද්‍යාලයෙන් සිය මූලික උපාධිය ලබාගත් මන්මෝහන් අනතුරුව එංගලන්තයේ කේම්බ්‍රිජ් Cambridge University    සහ Oxford University  ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබා තිබුණා.සිය අධ්‍යාපන කටයුතුවලින් අනතුරුව ඔහු ඉන්දීය සිවිල් සේවයට එක්වී තිබු අතර ඔහු එරට මහබැංකු අධිපති ලෙසද කටයුතු කලා. 1991 වසරේදී ඉන්දීය ආර්ථිකය කඩා වැටුණු අතර එය ගොඩනැගීමේ වගකීම පැවරුණේ මන්මෝහන් හටයි.ඒ අනුව එරට මුදල් අමාත්‍යවරයා ලෙස පත්වූ ඔහු ඉන්දීය ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරණු ලැබුවා.අද ලෝක ආර්ථිකයේ දැවැන්තයෙක්වන ඉන්දියාව ට ඒ සඳහා මග පෙන්වූවේ ඔහු බව බොහෝ දෙනාගේ අදහසයි.තවද සෝනියා ගාන්ධි අගමැති තනතුර භාරගැනීම ප්‍රතික්ෂේප කළ බැවින් ඔහු 2004 වසරේදී ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් වීය.මේ අනුව මන්මෝහන් සිං මහතා, 2004 වසරේ සිට 2014 දක්වා ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

මේ අතර ආචාර්ය මන්මෝහන් සිංගේ අභාවය හේතුවෙන් ඉන්දියාව සතියක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පසුගිය 26 වැනි දිනට නියමිත සියලු රාජ්‍ය වැඩසටහන් අවලංගු කිරීමටද ඉන්දීය බලධාරීන් කටයුතු කල බවයි.ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිත බවයි.

මේ අතර ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං ගේ නිහතමානී බව, බුද්ධිය සහ රාජ්‍ය සේවය සඳහා කැපවීම අනාගත පරපුරට ද ආදර්ශයක් හා දිරිගැන්වීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.මන්මෝහන් සිංගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරමින් ජනාධිපතිවරයා විශේෂ ‘X’ පණිවුඩයක් යොමු කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

එම පණිවුඩය

“මම, මා වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන්, ඉන්දීය ජනරජයට, ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ පවුලේ අයට සහ ලොව පුරා ඔහු පිළිබඳ භක්ත්‍යාදරයක් දක්වන අසංඛ්‍යාත සහෘද ජනතාවට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි. දුරදර්ශී නායකයෙකු වූ ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ මඟපෙන්වීම ඉන්දියාවට පමණක් සීමා නොවීය. 2004 සිට 2014 දක්වා ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රියාත්මක කළ අධ්‍යාපන අයිතිය පිළිබඳ පනත සහ මහත්මා ගාන්ධි ජාතික ග්‍රාමීය රැකියා වැඩසටහන වැනි පරිවර්තනීය ප්‍රතිපත්ති තුළින් සමානාත්මතාව සහ මැදිහත්වීම සඳහා වන ඔහුගේ නොසැලෙන කැපවීම පිළිබිඹු වේ.

ජාත්‍යන්තර සහයෝගීතාව වෙනුවෙන් කැප වී කටයුතු කළ ආචාර්ය මන්මෝහන් සිං මහතා, දිගු කාලීන සහයෝගිතා සංධාන ආරම්භ කිරීමට සිය සහයෝගය දැක් වු අතර, BRICS වැනි සංවිධානයන් සඳහා ද සිය දායකත්වය සැපයීය. ඉන්දීය සහ එක්සත් ජනපද න්‍යෂ්ටික ගිවිසුම වැනි ගිවිසුම් හරහා ඔහුගේ කැපී පෙනෙන රාජ්‍ය තාන්ත්‍රිකභාවය විද්‍යාමාන වේ. ඔහුගේ නිහතමානී බව, බුද්ධිය සහ රාජ්‍ය සේවය සඳහා කැපවීම අනාගත පරපුරට ද නිරන්තරයෙන් ආදර්ශයක් හා දිරිගැන්වීමක් වනු නිසැකය. එතුමාගේ ආත්මයට මෝක්ෂය අත් වේවා! ”

මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතාගේ දේහයට පසුගිය (27) වැනිදා නව දිල්ලි අගනුවරදී අවසන් ගෞරව දැක්වීය.හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී මන්මෝහන් සිං ගේ බිරිය වන ගුර්ශරන් කෞර් කෝලි  Gursharan Kaur  මහත්මියට  සිය ශෝකය පළකර ඇත.අඑම අවස්ථාවේ නව දිල්ලියේ මන්මෝහන් සිං ගේ නිවසට පැමිණ සිටි ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි මහතා සමඟ ද රනිල් වික්‍රමසිංහ කෙටි සාකච්ඡාවකට එක්විය.

රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය සංචාරයක නිරතව සිටින අතර ඒ අතරතුර ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මෙලෙස එක්ව තිබුණි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *