
නව අවුරුදු උදාවත් සමග අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර New York City , ලුසියානා Louisiana ප්‍රාන්තයේ හා නෙවාඩා Novada හි, සිදුවූ ප්‍රහාර තුනකින් පුද්ගලයන් 16 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද, තවත් පුද්ගලයන් පනහකට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
ලුසියානා ප්‍රාන්තයේ නිව් ඕලන්ස් නුවර New Orleans වීදියක නව වසර සමරමින් සිටි ජනතාව අතරට ඩබල් කැබ් රථයක් කඩා වැදීමෙන් පුද්ගලයන් 15 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, පුද්ගලයන් 35 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. එදිනම රාත්‍රී නිව්යෝර්ක් නුවර රාත්‍රී සමාජ ශාලාවක් අසලදී සිව්දෙනකුගෙන් යුතු කණ්ඩායමක් විසින් එල්ල කරනු ලැබු වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් 10 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ලුසියානා ප්‍රාන්තයේ රිය අනතුර සිදු කර ඇත්තේ අයිඑස් (IS)ත්‍රස්ත ක්‍රියාකාරකම්වලින් උත්තේජනය ලැබු පුද්ගලයකු වන අතර, එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සලකන බව නිව් ඕලන්ස් නගරාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. නිව්යෝර්ක් නුවර වෙඩි ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් බවට මෙතෙක් අනාවරණය වී නැති බවද වාර්තා වේ.
ලුසියානා ප්‍රාන්තයේ නව වසර සමරමින් සිටි ජනතාව අතරට සිය ඩබල් කැබ් රථය අධික වේගයෙන් පදවා එම අනතුර සිදු කළ පුද්ගලයා පසුව ආයුධ අතැතිව රථයෙන් බැස ජනතාවට වෙඩි තබා ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඔහුගේ වෙඩි ප්‍රහාරයෙන් පොලිස් නිලධාරින් දෙදෙනකු ඇතුළු 35 දෙනකු තුවාල ලබා ඇති අතර, පසුව පොලීසිය සමඟ වෙඩි හුවමාරුවකදී සැකකරු ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ. ඔහු පැදවූ ඩබල් කැබ් රථයේ පසුපස කොටසේ තිබී අයිඑස් ත්‍රස්ත සංවිධානයේ ධජයක් පොලීසිය විසින් සොයා ගනු ලැබූ බවත්, සැකකරු අමෙරිකාවේ පුරවැසිභාවය හිමි ටෙක්සාස් Texas ප්‍රාන්තයේ පදිංචිකරුවකු වන බවත් වාර්තා වේ. 42 හැවිරිදි සම්සුඩීන් ජබ්බාර් Shamsud-Din Jabbar,නමැති එම පුද්ගලයා ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම් සඳහා සහභාගි වූ අමෙරිකානු හමුදාවේ හිටපු නිලධාරියකු බවද වාර්තා වේ.
මේ අතර නෙවාඩා හි, ලාස් වේගාස් Las Vegas ප්‍රදේශයේ පිහිටි ට්‍රම්ප් හෝටලය පිටත ආසන්නයේ ඉන්ධන කැනිස්ටර් සහ ගිනිකෙළි ද්‍රව්‍ය පිරවූ ටෙස්ලා සයිබර් ට්‍රක් රථයක් පුපුරා ගොස් තිබෙනවා.එම අනතුරින් රියදුරා මියගිය බවත්, පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.ට්‍රක් රථය කොලරාඩෝ Colorado හිදී කුලියට ගෙන ඇති අතර, පිපිරීමට පැය දෙකකටත් අඩු කාලයකට පෙර එම ස්ථානයට පැමිණ තිබෙනවා.