ඇමෙරිකාවේ Los Angeles ලොස් ඇන්ජලීස් නුවර පැතිර යන ළැව් ගිනි හේතුවෙන් එරට ආර්ථිකයට සිදුව ඇති පාඩුව පසුගිය (12) වැනිදා වනවිට ඩොලර් බිලියන 150 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පැවසෙනවා.
ළැව් ගිනි හේතුවෙන් පසුගිය 10 වැනිදා වනවිට ඇමෙරිකානු ආර්ථිකය සිදුවූ ඇති පාඩුව ඩොලර් බිලියන 52ත් 57ත් අතර වන බවට ඇස්තමේන්තු කර තිබූ නමුත් එය දිනක් තුළ බිලියන 135ත් 150ත් අතර දක්වා ඉහළ යෑමෙන් ළැව් ගිනි ඇමෙරිකාවට කර ඇති විනාශයේ බරපතළකම පෙන්නුම් කරන බවයි ඇමෙරිකානු බලධාරීන් පවසන්නේ .
මේ වනවිට ළැව් ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් ඇති බවත්, පැලිසේඩ්ස් Palisades සහ ඊට්න් Ethan ළැව් ගිනි එම මරණවලට හේතුවී ඇති බවත් තවත් 13 දෙනකු අතුරුදන් වී ඇති බවත් ඇමෙරිකානු බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කලා.
මේ අතර කලාපය පුරා සුළං වර්ධනය වෙමින් පවතින අතර එය ඉදිරි දිනවලදීද වඩාත් ශක්තිමක් විය හැකි බවයි වාර්ථා වන්නේ.ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත ගිනි නිවන ප්‍රධානී ඇන්තනී මැරොන් Anthony Maron පවසා ඇත්තේ එම සුළං එළැඹෙන බදාදා දින දක්වා පැවැතිය හැකි බැවින් තීරණාත්මක කාලගුණික තත්ත්වයක් ඇති කරනු ඇති බවයි.
ලොස් ඇන්ජලීස් හී බලධාරීන් මේ වන විට නගරය වඩා ඇති ප්‍රධාන ගිනිදැල් හතරක් කළමනාකරණය කරමින් සිටින අතර එහි විශාලතම ගින්න වනුයේ පැලිසේඩ්ස් Palisades ගින්නයි.
එය මේ වන විට නැගෙනහිර ප්‍රදේශය පුරා පැතිර යමින් පවතින බවද සඳහන් වේ.
පැලිසේඩ්ස් ගින්නෙන් මේ වන විට 11%ක් පාලනය කර තිබේ.
එමෙන්ම පැලිසේඩ්ස් ගින්න මැඩපැවැත්වීම සඳහා දැනටමත් 14,000ක් වන සිටින කාර්ය මණ්ඩලයට එක්වීමට මෙක්සිකෝවේ සහ කැනඩාවේ ගිනි නිවන භටයින් ද ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.
දෙවන විශාලතම ගින්න බවට පත්ව ඇත්තේ පසඩෙනා Pasadena අවට නගරයේ උතුරේ ඊටන් ගින්න වන අතර එයින් අක්කර 14,118ක් ආවරණය වන අතර එයින් මේ වන විට 15%ක් පාලනය කර ඇතැයිද සඳහන්.
කෙනෙත් ගින්න අක්කර 1,052ක් වන අතර එය 90%න් පාලනය කර ඇති බවත් හර්ට්ස් ගින්න අක්කර 799ක් සහ 76%ක් පාලනය කර ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
හටගත් ළැව්ගිනි මැඩපැවැත්වීම සඳහා ගුවන් යානා 100කට වැඩි ප්‍රමාණයක් සහ ගිනි නිවන රථ 2500කට වැඩි ප්‍රමාණයක් ද යොදාගෙන ඇතැයිද අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් Los Angeles අවට ඇති වූ ළැව් ගින්න මේ වනවිට හොලිවුඩ් Hollywood කඳුකර ප්‍රදේශය දක්වා පැතිරී තිබෙනවා.හොලිවුඩ් කඳුකරයේ ගින්න වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, එය පාලනය කිරීමට ඇති හැකියාව ‘ශුන්‍ය’ බවයි වාර්තා වන්නේ.ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ වඩාත් විනාශකාරී ළැව් ගින්න ලෙසින් මෙය සැලකෙන අතර, මේ හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බවට මේ වනවිට තහවුරු වී තිබෙනවා.
මෙම තත්ත්වය ලොස් ඇන්ජලීස්වලට අමතරව අසල්වැසි ප්‍රාන්තවලටද බලපා ඇති අතර, අවම වශයෙන් ළැව් ගිනි පහක් පැතිර යමින් පවතින බව වාර්තා වනවා.කෙසේ නමුත් ඉන් ළැව් ගිනි තුනක් සම්පූර්ණයෙන්ම පාලනය කර නොමැති අතර, මේ හේතුවෙන් 200,000කට වැඩි පිරිසක් ඉවත් කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා.
පසුගිය අඟහරුවාදා ඇරඹුණු ළැව් ගින්න මේ වනතුරුම ඇවිලෙන්නේ නොනවතින සුළං ප්‍රවාහයත් සමගින්.ගිනි කුණාටුවක් ලෙසින් ලොස් ඇන්ජලීස් නගරාධිපතිනි කරෙන් බාස් Karen Bass මෙම ළැව් ගින්න හඳුන්වා තිබෙනවා.බලන බලන සෑම තැනකම ගින්න වන අතර, ඒ හේතුවෙන් නගරයට බියජනක ආලෝකයක් එක්කර තිබෙනවා.සීඝ්රයෙන් පැතිරෙන මෙම ළැව් ගින්න පාලනය කිරීමට හෙලිකොප්ටර් මගින් ජලය හෙලීම සිදුවුවත්, දැඩි සුළං නිසා එය මුළුමනින්ම නිවා දැමීමට හැකියාවක් ලැබී නැහැ.
හොලිවුඩ් පුරවරයේ සුප්‍රකට නළු නිළියන් ඇතුළු සිනමා ශිල්පීන්ගේ නිවහන් පිහිටි ප්‍රදේශවලින්ද ඔවුන්ට ඉවත්වන ලෙස ලොස් ඇන්ජලීස්හි ගිනි නිවන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.සුප්‍රකට ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වෙන ඩොල්බි තියටර් Dolby Theatre නැත්නම් ඩොල්බි රඟහල පිහිටා තිබෙන්නේ මෙම ප්‍රදේශයේයි.
මෙම වසරේ ඔස්කාර් සම්මාන උලෙළේ නාමයෝජනා ඉදිරි සතියේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති වුවත්, ළැව් ගින්න හේතුවෙන් එය දැනටමත් දින දෙකකින් කල්දමා තිබෙනවා.ලොස් ඇන්ජලීස් පුරවරයට බටහිර දෙසින් පිහිටි ධනකුවේරයන්ගේ පාරාදීසයක් වූ පැලිසේඩ්ස් Palisades ප්‍රදේශයේ නිවාස සියල්ල පාහේ මේ වනවිට ළැව් ගින්නෙන් විනාශයට පත්ව තිබෙන බවට වාර්ථා වනවා.
සුප්‍රකට සැන්ටා මොනිකා Santa Monica සහ මලිබු Malibu අතර පැතිරුනු පැලිසේඩ්ස් ළැව් ගින්න නතරවී ඇත්තේ පැසිෆික් සාගර වෙරලාසන්නයට පැමිණීමෙන් අනතුරුවයි.මේ හේතුවෙන් පැසිෆික් සාගර වෙරලාසන්නයේ පිහිටි නිවාසද ළැව් ගින්නෙන් වීනාශ වී තිබෙනවා.
මෙම ළැව් ගිනි නිසා ඇති වූ මූලික හානිවල ආර්ථික පාඩුව අමෙරිකානු ඩොලර් බිලියන 50ක ඉක්මවන බවට වාර්තා වනවා.ගිනි නිවන භටයින් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් මෙම ලැව් ගිනි නිවීම සඳහා යෙදවුවත් එම සංඛ්‍යාවද ප්‍රමාණවත් නොවන බවයි පැවසෙන්නේ.මේ හේතුවෙන් අවට ප්‍රාන්ත 06කින් කැලිෆෝනියා California ප්‍රාන්තය වෙත අතිරේක ගිනි නිවන රථ 250ක් සහ ගිනිනිවන භටයින් දහසක් පමණ රැගෙනවිත් තිබුණා.
කැලිෆෝනියා ළැව්ගින්නෙන් නිවාස අහිමිවූ පිරිස් අතර හොලිවුඩ් පුරයේ ප්‍රකට සිනමා ශිල්පීන් සහ ප්‍රකට පුද්ගලයින් රැසක් සිටිනවා.බිලී ක්‍රිස්ටල් Bill Kristol, පැරිස් සිල්ටන් Paris Hilton, ජේම්ස් වුඩ් James Woods, ජෙනිෆර් ඇනිස්ටන් Jennifer Aniston, බ්රැඩ්ලි කූපර් Bradley Cooper, ටොම් හෑන්ක්ස් Tom Hanks, රීස් විදර්ස්පූන් Reese Witherspoon, ඇඩම් සැන්ට්ලර් Adam Sandler සහ මයිකල් කීටන් Michael Keaton ද ඒ අතර වනවා.
මේ අතර පවතින අධික හිමපතනය හේතුවෙන් එංගලන්තයේ ගුවන්තොටුපොළ රැසක් තාවකාලිකව වසාදමා තිබේ.මෙලෙස තාවකාලිකව වසා දැමූ ගුවන්තොටුපොළ අතරට මැන්චෙස්ටර් Manchesterලිවර්පූල් Liverpool සහ බර්මින්හැම් Birmingham ගුවන්තොටුපොළ අයත්ය.
එරට පළාත් රැසකට මේ දිනවල අධික හිමපතනය සම්බන්ධ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, රටපුරා ස්ථාන රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 11ක මට්ටමේ පවතින බව වාර්තා වෙයි.
මේ අතර එක්සත් රාජධානියට අයත් එංගලන්තය, වේල්සය සහ ස්කොට්ලන්තය යන රටවලට ඇම්බර් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, ගමනාගමන සීමා සහ විදුලිය බිඳවැටීම් ද බලපවත්වා තිබේ.