පවතින අධික හිමපතනය හේතුවෙන් එංගලන්තයේ ගුවන්තොටුපොළ රැසක් පසුගියදා තාවකාලිකව වසාදමා තිබුණා.මෙලෙස තාවකාලිකව වසා දැමූ ගුවන්තොටුපොළ අතරට මැන්චෙස්ටර් Manchester, ලිවර්පූල් liverpool සහ බර්මින්හැම් Birmingham ගුවන්තොටුපොළ අයත්ය.
එරට පළාත් රැසකට පසුගිය දිනවල අධික හිමපතනය සම්බන්ධ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, රටපුරා ස්ථාන රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 11ක මට්ටමේ පැවති බව වාර්තා වුණා.
මේ අතර එක්සත් රාජධානියට අයත් එංගලන්තය England, වේල්සය Wales සහ ස්කොට්ලන්තය Scotland යන රටවලට ඇම්බර් අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණු අතර, ගමනාගමන සීමා සහ විදුලිය බිඳවැටීම් ද වාර්ථා වුණා.
මේ අතර දැඩි වසර 10කට පමණ පසු බලපෑ දරුණුතම හිමපතනය සහ හිම කුණාටු හේතුවෙන් අමෙරිකාවේ ප්‍රාන්ත රැසකට පසුගියදා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණා. වොෂින්ටන් ඩීසී Washington,D.C.සහ බැල්ටිමෝර් Baltimoreපළාත්වල දැඩි හිමපතනයක් වාර්තා වී ඇතැයි ද, ඇතැම් ප්‍රදේශවලට අඟල් 5ක සිට අඟල් 10 දක්වා හිම වැටී තිබූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. කැන්සාස් පළාතේ අඟල් 12.5ක හිමපතනයක් වාර්තා වී ඇති අතර, හිමපතනය සමඟ දරුණු ටොනේඩෝ තත්ත්වයක් ද උද්ගත වී ඇති ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඇතැම් ප්‍රදේශවල හිමපතනය අඟල් 16 දක්වා ඉහළ යනු ඇතැයි අමෙරිකාවේ කාලගුණ විද්‍යා ඒකකය අනතුරු අඟවා තිබේ.
වොෂින්ටන් නුවර සියලු පාසල් වසා දැමීමට නගරාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවත්, එරට බොහෝ ප්‍රාන්තවල උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 8ක් තරම් පහළ වැටී ඇති බවත් වාර්තා වේ. අධික ශීතල හේතුවෙන් ශරීර උෂ්ණත්වය පහළ වැටීමේ අවදානමක් මතුවී ඇති බැවින් නිවාසවලින් පිටතට නොයන ලෙසත්, හැකි තරම් උණුසුම් හා ආරක්ෂාකාරී ඇඳුමින් සැරසී සිටින ලෙසත් එරට සෞඛ්‍ය බලධාරීන් ජනතාවට උපදෙස් ලබා දී තිබුණා.