ලොව බලවත්ම රාජ්‍යය වන අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රප්ම් Donald Trump පසුගියදා දිවුරුම් දෙනු ලැබුවා.ඒ අනුව ඔහු ඉතිහාසගත වන්නේ අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙසයි.එමෙන්ම ට්‍රප්ම් අමෙරිකාවේ ජනාධිපති ධූරයේ දිවුරුම්දුන් දෙවැනි අවස්ථාව ද එයයි.
වොෂිංටනයට බලපා ඇති දැඩි ශීත කාලගුණය හේතුවෙන් කැපිටල් ගොඩනැගිල්ලේ Arena පරිශ්‍රය තුළ දිවුරුම්දීමේ උත්සවය පැවැත්වුණු අතර, අමෙරිකානු ජනාධිපතිවරයකු ගෘහස්ථ ස්ථානයක එවැනි පදවි ප්‍රාප්තියක් පැවැත්වූයේ වසර 40 කින් අනතුරුව පළමුවරට වීම විශේෂත්වයකි.
මෙම අවස්ථාව සඳහා ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලේනියා ට්‍රප්ම් Melania Trump ඇතුළු පවුලේ සාමාජිකයන් මෙන්ම ලොව ධනවත්ම පුද්ගලයගේ ලැයිස්තුවේ පෙරමුණේ පසුවන එලෝන් මස්ක් Elon Musk, ජෙෆ් බේසොස් Jeff Bezos මෙන්ම මාර්ක් සකර්බර්ග් Mark Zuckerberg ඇතුළු තවත් ව්‍යාපාරිකයන් රැසක් මෙන්ම රාජ්‍යතාන්ත්‍රිකයන් රැසක් ද සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.එහිදී අමෙරිකාවේ නව රජයේ උප ජනාධිපතිවරයා ලෙස ජේ. සී. වෑන්ස් දිවුරුම් දුන්නේය.
පදවි ප්රාප්තියෙන් පසුව ඩොනල්ඩ් ට්‍රප්ම් එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීමට, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ත්රස්තවාදීන් ලෙස ප්‍රකාශ කිරීමට සහ තවත් ප්‍රධාන පෙළේ විධායක නියෝග කිහිපයකට අත්සන් තබා තිබුණා.
මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු විධායක නියෝග අතරට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එක්සත් ජනපදය ඉවත්කර ගැනීම සඳහා අත්සන් කර තිබේ.කෙසේවෙතත් අමෙරිකාවේ මහජන සෞඛ්‍ය විශේෂඥයන් මේ සම්බන්ධයෙන් අනතුරු අඟවා සිටින්නේ, ට්‍රම්ප්ගේ තීරණය හේතුවෙන් ලොව ඊළඟ වසංගතයට එරෙහිව සටන් කිරීම දුෂ්කර කරනු ඇති බවයි.
ජනධිපාති ධූරයේ දිවුරුම් දී පැය අටකට පමණ පසු නිකුත් කළ විධායක නියෝගයක ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගැනීමට හේතු පෙළක් සඳහන් කර තිබේ.ඔහු චෝදනා කරන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ්-19 වසංගතය වැරදි ලෙස හැසිරවීම සහ කඩිනමින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීමට අපොහොසත් වීම් ඊට හේතුවූ බවයි.
එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය අමෙරිකාවෙන් අසාධාරණ ගෙවීම් ඉල්ලා සිටින බව පැවසූ ට්‍රප්ම්, වැඩිදුරටත් පවසන්නේ චීනය ගෙවීම් සිදු කරන්නේ සාපේක්ෂ වශයෙන් අඩුවෙන් බවයි.
ට්‍රප්ම් 2020 සිට කොරොන වයිරස් වසංගතයට එහි ප්‍රවේශය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට වාග් ප්‍රහාර එල්ල කළ අතර, එම සංවිධානයට අමෙරිකාව ලබාදෙන අරමුදල් අත්හිටුවන බවට ද තර්ජනය කළේය.2020 ජූලි මාසයේදී ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට විධිමත් පියවර ගත් නමුත් ඔහු මැතිවරණයෙන් පරාජය වීම හමුවේ එය ක්‍රියාත්මක නොවීණි.අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීම හේතුවෙන් එම සංවිධානය සපයන ගෝලීය දත්ත වෙත අමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානවලට ප්‍රවේශයක් නොලැබී යනු ඇත.
එමෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් විධායක නියෝගයකට අත්සන් තබා ඇති අතර ඒ අනුව අමෙරිකාව දෙවන වරටත් පැරිස් දේශගුණික ගිවිසුමෙන් ඉවත්ව තිබේ.අමෙරිකාව ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් එක්සත් ජාතීන්ට දැනුම් දීමට පියවර ගත් බව ද සඳහන් වේ.
මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය සිය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව කණගාටුවට පත්වන බවත් ඒ පිළිබඳව නැවත ඇමෙරිකාව සිතා බලනු ඇතැයි අපේක්ෂා කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ, හදිසි සෞඛ්‍ය අවස්ථා හඳුනාගැනීම, වැළැක්වීම සහ ප්‍රතිචාර දැක්වීම මෙන්ම අනෙක් අයට ළඟාවීමට නොහැකි ස්ථානවලට ගොස් රෝග සඳහා මුල්වන හේතුවලට විසඳුම් සෙවීම, ශක්තිමත් සෞඛ්‍ය පද්ධති ගොඩනැගීම තුළින් ඇමරිකානුවන් ඇතුළු ලෝක ජනතාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන බවයි.
ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආරම්භ සාමාජිකයකු බවත් දශක හතක කාලය තුළදී ඇමෙරිකාව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව ජීවිත විශාල සංඛ්‍යාවක් බේරාගෙන ඇති බවත් එම නිවේදනයේ සඳහන් වනවා..
කොවිඩ් වසංගතය ඇතුළු ගෝලීය සෞඛ්‍ය අර්බුද ලෝක සෞඛ්‍ය සංවිධානය නිවැරදිව කළමනාකරණ නොකළ බව චෝදනා කරමිනුයි ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම තීරණය දැනුම් දුන්නේ.දේශපාලන බලපෑම්වලින් මිදී කටයුතු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අපොහොසත් වූ බවට ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කළ අතර අනෙක් සාමාජික රටවලට සාපේක්ෂව ලෝක සෞඛ්‍ය සංවිධානය අසාධාරණ අයුරින් විශාල ගෙවීම් ඇමෙරිකාවෙන් බලාපොරොත්තුවන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.