
කොවිඩ් වයිරසයට සමානව සත්ත්වයන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමේ අවදානමක් සහිත නව කොරෝනා වයිරසයක් චීනයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයා ගනු ලැබූ බව South China Morning Post සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය. වවුලන්ගෙන් සම්ප්‍රේෂණය වන බව කියන එම නව වයිරසය සොයාගෙන ඇත්තේ වයිරස් පිළිබඳ පර්යේෂණ සිදු කරන Chinese virologist Shi Zhengli ෂී ෂෙංග්ලි නමැති විද්‍යාඥවරියගේ ප්‍රධානත්වයෙන් යුතු වයිරස් පර්යේෂණ කණ්ඩායමක් බව ද සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
ගුවැංෂූ විද්‍යා ඇකඩමියේ සේවයේ නිරත එම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානි ෂී ෂෙංග්ලි පසුගිය කොවිඩ් වසංගතයේ මූලාරම්භය සිදුවූ බව කියන වූහාන් නුවර කේන්ද්‍ර කරමින් පර්යේෂණ කටයුතුවල නිරතව සිටින ප්‍රකට විද්‍යාඥවරියක බවත්, කොවිඩ් වයිරසය පිළිබඳ ඇය විසින් සිදු කළ පර්යේෂණ හේතුවෙන් Batwoman ‘බැට් වුමන්‘ අනවර්ථ නාමයෙන් හඳුන්වනු ලබන බවත් එම පුවත් සේවය සඳහන් කළේය.
නව වයිරසය HKU5-CoV-2 නමින් හඳුන්වා දී ඇති අතර, මේ පිළිබඳ වැඩිදුරටත් අධීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතින බව ද සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය.
අලුතින් සොයාගත් වෛරසය එය සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීමේ හැකියාව පවතී.මෙම වෛරසය, මර්ස් වෛරසය ඇතුළත් මර්බෙකො වයිරස් උප කුලයට අයත් වේ.කෙසේ නමුත් මෙතෙක් මිනිසුන් තුළ කිසිදු ආසාදනයක් මෙම වෛරසය සම්බන්ධයෙන් වාර්තා වී නොමැත.
මෙම අලුතින් හුදකලා වූ වෛරසය මිනිස් සෛලවල ACE2 ප්‍රතිග්‍රාහකයට බන්ධනය විය හැකි අතර, එය කොවිඩ්-19 වෛරසය භාවිත කරන මාර්ගයම බව රොයිටර් පුවත් ඒජන්සිය උපුටා දක්වන ලද අධ්‍යයනයට අනුව අනාවරණය වේ.
සෙල් සඟරාවේ ප්‍රකාශයට පත්කරන ලද අධ්‍යයනයකින් පෙන්වාදී ඇත්තේ, HKU5-CoV-2 රසායනාගාර පර්යේෂණ ඔස්සේ මිනිස් සෛල ආසාදනය කරන බව සොයාගෙන ඇති බවයි. එසේම එහි විශේෂ වේගවත් පැතිරීමේ හැකියාව පිළිබඳ කනස්සල්ලක් පවතින බවද පුවත් වාර්තා සඳහන් කරයි.කෙසේ වෙතත්, පර්යේෂකයන් සඳහන් කර ඇත්තේ මෙම වෛරසය මිනිසුන්ට පැතිර යාමේ හැකියාව තවදුරටත් “පරීක්ෂා කළ යුතු” බවයි.
මේ අතර නිව් යෝර්ක් පෝස්ට් පුවත්පත වාර්තා කර ඇත්තේ මෙම අ ධ්යයනයෙන් හෙළි වූයේ වෛරසය, 2020 වසරේ ව්‍යප්ත වූ කොවිඩ් -19 වසංගතයේ ක්‍රියාවලියට සමීප බවයි.