සටන් විරාමයට රුසියානු කැමැත්ත ට්‍රම්ප් සමග සාකච්ඡාවෙන් පසුව.

යුක්‍රේන සටන් විරාමය සම්බන්ධයෙන් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග තවදුරටත් සාකච්ඡා කළ යුතු බව රුසියානු ජනපති ව්ලැඩිමියර් පුටින් පවසයි.

රුසියානු ජනපතිවරයා පැවසුවේ, සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් තමන් ධනාත්මක අදහසක සිටින නමුත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ගැටලු කිහිපයක් ඇති බවයි.

පුටින් මෙම අදහස් පළ කළේ, අමෙරිකානු බලධාරීන් පිරිස මොස්කව් අගනුවරදී හමු වූ අවස්ථාවේදීය.

රුසියාව මෙම සටන් විරාම ගිවිසුම ප්‍රතික්ෂේප කළහොත් එය ලෝකයේම බලාපොරොත්තු කඩ වන අවස්ථාවක් වනු ඇති බව අමෙරිකානු විශේෂ නියෝජිත ස්ටීව් විට්කෝෆ්, පැවසීය.

අමෙරිකාව දින 30ක සටන් විරාම ගිවිසුමක් ඉදිරිපත් කර තිබු අතර අමෙරිකානු බලධාරීන් සෞදි අරාබියේදී පැවැත්වූ සාකච්ඡා අතරතුරදී, යුක්‍රේනය අදාළ සටන් විරාම ගිවිසුමට සිය එකඟත්වය පළ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *