
නාන කාමරයට යන ඇමෙරිකානුවන්ට, පහසුවෙන් සහ නිදහසේ ස්නානය කළ හැකි ආකාරයේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.ට්‍රම්ප් මෙම විධායක නියෝගයට අත්සන් තැබුවේ, ඇමෙරිකාවේ නාන කාමරවල ‘ෂවර් හෙඩ්’ (shower head) සම්බන්ධයෙන් වූ ෆෙඩරල් නීතිවල වෙනසක් කරමින්, ‘ෂවර් හෙඩ්’ ජල පීඩනය වැඩි කරමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, “මම හරි ආසයි මගේ කාණ්ඩේ ලස්සනට තියා ගන්න. හොඳ වතුර පීඩනයක් නැතිව මට ස්නානය කිරීම ගැටලුවක්. මට පමණක් නොවෙයි, මං දන්නවා හැම ඇමෙරිකානුවන්ට ඒක ගැටලුවක්. ඉතිං නාන්න යද්දී හොඳ ජල පීඩනයක් අවශ්‍යයි. ඉක්මණින් ජලය ලැබීම අවශ්‍යයි.’ යනුවෙන්.
එලෙස පැහැදිලි කරමින් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම විධායක නියෝගයට අත්සන් තබා තිබෙනවා.ට්‍රම්ප්ට පෙර ජනාධිපතිවරුන් ලෙස කටයුතු කළ ඔබාමා සහ බයිඩන් පරිපාලන සමයේදීයි ජල සංරක්ෂණ නීති අනුව නාන කාමරවලට ලැබෙන ජල පීඩනය අවම කිරීමට නීති සකස් කර තිබෙන බවද සඳහන්.
කෙසේවෙතත් ට්‍රම්ප්ගේ විධායක නියෝගයට අනුව, මෙම ජල සංරක්ෂණ නීති වෙනස් වනු ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ නව තීරු බදු ඉවත් කිරීමට තීරණය කර ඇත.නිදහස් කරන ලද නිෂ්පාදන අතරට Smartphone, Computers, Monitors, Memory cards ඇතුළු විවිධ ඉලෙක්ට්‍රොනික් කොටස් ඇතුළත් වේ.
එම උපකරණ බොහොමයක් චීනයේ නිෂ්පාදිත කිරීම හේතුවෙන් ඒවායේ මිල අසීමිතව ඉහළ යා හැකි බවට ඇමරිකානු තාක්ෂණික සමාගම් විසින් ඇමරිකානු ජනාධිපතිවරයා වෙත මතු කරන ලද කරුණු දැක්වීම් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙයි .