ප්‍රීති වෙසක් ……..

බට පතුරුත් , සව් කරදහි අරගෙන අපි එදා
සොයුරු සොයුරියන් එකතුව කූඩු හැදුව එදා
කාර් එකෙන් සුපිරි වෙළද හලට ගිහින් මෙදා
උජාරුවෙන් වෙන අය හැදූ කූඩු අරන් මෙදා
ගඩොල් වලින් බැම්ම තනා මැටි පහනේ එදා
තෙල් පුරවා එළි මැව්වේ සුදු තිරවැටි යොදා
හනි හනිකට කඩේට ගොස් බකට් අරං මෙදා
අඩුවට ගත් බල්බ් වැලෙන් එළිය ගත්තෙ මෙදා
සුදු සරමින් , ළමා සාරියෙන් හැඩවී එදා
අත්තම්මා එක්ක ගිහින් සිල් ගත්තනේ එදා
කෑම කකා එල බයිටක් හපන ගමන් මෙදා
ටීවී එකෙ රියැලිටි ෂෝ බණ මොනවද සුදා
ලෑන්ඩ් මාස්ටරේ නැගිලා තොරන් බැලුව එදා
වෙසක් මතක දුරයි තාම සතුටු මතක එදා
දන්සැල් , ඔළු බක්කො ඩිස්කෝ නැති කෝලම් මෙදා
ටික් ටොක් කර ගේම් ගහමු ළමයි කියයි මෙදා
රුවන් හරිස්චන්ද්‍ර
Toronto - Canada
ප්‍රේමයේ සඳ..

මතකයද මා නිතර හඩවා..
නුඹේ සියුමැළි රුවට බොදවුනු..
සිහින් කදුලැලි රුරා ඇවිදින්..
තරුත් නැති සද කතා දොඩවන..
අමාවක නැති අඩුව පිරුවට..
නුඹව අමතක..
එත් අදටත් ඵදා මෙන් මා..
බෙහෙත් ඔරුවක දමා සැතපෙන..
නුඹේ රුවට මා වසග වි..
පෙරු පිරුමන්..
ජිවිතේ අනියතද නොදැන.. තතු
සසර දුක ගැන මෙනෙහි කල සිත..
අසා තැන්පත් නිසල දේහය..
සුමුදු වළාවක මල් පෙති..
අතරින්..
නිතර බැලුවේ..
ප්‍රේමයේ සද..
ශ්‍යාමලී ගමගේ
Brampton _ canada
මා හද දිනු ළන්දු

සුන්දර සිනහව තවරා පියවර නැගු පටු දෙවට
සිත්ලන නෙක විසිතුරු කුසුමන් දිළුණයි පෙර පිනට
වත්සුනු තවරා නොතිබුන පියකරු සඳ වැනි වතට
පෙම් බැඳි දින තාමත් මතකයි අද ඊයෙක ලෙසට
ලතැවුණි සිත රිසි ලෙස පෙම පවසනු බැරි වුනු පවට
නොලැබුණි පින ලන් වන්නට සුසුමන් පිටවුණි පෙළට
වියැලුණි සිනහව ගුලිවුණි සෝ ලතැවුල් හද කොනට
බොඳවුණි දෙනයන සිහිවී ඔබ ගිය බව දුරු රටට
ගනිනෙමි අතැගිළි හමුවෙන තුරු සෙනෙහස බර සිරිකත
රැකගෙන යළි පැමිණෙන දින යුවතියකට හිමි පතිවත
විසිතුරු නගරය මැද නාඳුනනා මොනරුද ගැවසෙත
සඟවනු මැන බොළඳියෙ නොතලා නිකැළැල් ඔය හදවත
දර්ශනි රූපසිංහ
Hamilton - Canada
අප්පච්චි

අද තෙක් ආවා මේ ගමන
ඔබ දුන් හයියෙන්…….
මට හැකිවෙයිද බැරිවෙයිද නොදනිමි
යන්නට ඉදිරියට නොදුන්නොත් ඔබ සුරත
කදු වැටි සමතලා කොට
තනා දුන් නිවස
දොර ඇර තිබූ
සිංහ ගල්ලෙන
හිරු ඔබ විය සැරට පායන
එහෙයින් පිබිදුනි අප
කොද කැකුළුවක සිට සුපිපි වන මල් සේ
රෑට ඔබ සදු විය
මහ සැඩ රශ්මිය පළවා හරින
ඝන සීතල වුව මුන නොගස්වන
රෝ දුකින් සිරුර පෙලනා නමුත්
සිහ රදෙකු සේ හැසිරිණි
මිනිස් වග වෙත වග ඵල නොකියන
මිනිස් වග වලසුන් අතර
හීන්දෑරී උස මිනිසෙකු වූ ඔබ
සිහින් බද සහිත පහන් කනුවක් සේ
පාර පෙන්වීය
අප හැමෝටම
චන්ද්‍රරත්න බණ්ඩාර
Toronto - Canada