ජපානය අභිබවමින් ඉන්දියාව ආර්ථිකයෙන් ලොව සිව්වැනි තැනට.

ජපානය අභිබවමින් ඉන්දියාව ලොව සිව්වැනියට විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්ව තිබෙනවා.

ඒ, මේ වසරේදී අමෙරිකා ඩොලර් ට්‍රිලියන 4.187ක ආදායමක් උපයමින්.ජපානය අභිබවමින් ඉන්දියාව ලොව සිව්වැනියට විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්ව ඇති බව, ඉන්දියාව පරිවර්තනය කිරීම සඳහා වූ ජාතික ආයතනය පවසනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්වූ ''2047 වසරේදී විකසිත භාරතයක් - විකසිත රාජ්‍යයක්'' මැයෙන් පැවැති උත්සවයට සමගාමී ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ඉන්දීය රජයේ නියෝජිතයින් අනාවරණ කළා.

"ඉන්දියාව දැන් සිටින්නේ හැරවුම් ලක්ෂයක. මම මේ කතා කරන අවස්ථාව වනවිටත් අපි ලොව සිවු වැනියට විශාලතම ආර්ථිකයට හිමිකම් කියනවා. අපිට අමෙරිකා ඩොලර් ට්‍රිලියන 4ක ආර්ථිකයක් තිබෙනවා. මේ මාගේ දත්ත නොවෙයි. මුල්‍ය අරමුදල ලබාදුන් දත්තයි. අද ඉන්දියාවේ ආර්ථිකය ජපානයට වඩා විශාලයි. ඊට මුලින් සිටින්නේ අමෙරිකාව, චීනය සහ ජර්මනියයි. ඒ වගේම අපේ සැලසුම් අපි ක්‍රියාත්මක කළහොත් තව අවුරුදු දෙක හමාරක්, තුනක් වගේ ගත වනවිට අපිට ලොව තුන්වැනියට විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්විය හැකියි."ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්ත අනුව දළ දේශීය නිෂ්පාදනය අනුව ලොව විශාලතම ආර්ථිකය හිමි සටහනේ මුල්තැන අමෙරිකාවට හිමිව ඇති අතර, එය දැක්වෙන්නේ අමෙරිකා ඩොලර් ට්‍රිලියන 30.51ක් ලෙසින්.

එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 19.23ක ආර්ථිකයක් චීනය අත්කරගෙන ඇති අතර, ජර්මනිය තෙවැනි ස්ථානයේ පසුවනවා.ජර්මනියේ ආර්ථිකය දැක්වෙන්නේ අමෙරිකා ඩොලර් ට්‍රිලියන 4.74ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *