

එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් යානයේ ගමන් ගත් එක් අයෙකු දිවි ගලවා ගත් බව පොලිසිය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය පවසනවා.
මීට පෙර එම යානයේ ගමන් ගත් කාර්යමණ්ඩලය ඇතුලු මගීන් 242දෙනාම ජීවිතක්ෂයට පත්වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාකර සිටියේ. මින් 169 දෙනෙකු ඉන්දියානු ජාතිකයන් වන අතර, 53 දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන්, එක් කැනේඩියානු ජාතිකයෙක් සහ 7 දෙනෙකු පෘතුගීසි ජාතිකයන් වන බවයි එයාර් ඉන්දියා නිල ප්‍රකාශයේ සඳහන්.
නමුත් එම යානයේ 11 A ආසනයේ ගමන්ගත් මගියෙකු දිවි බේරාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය පසුව පවසා සිටියා. මෙසේ දිවි බේරාගෙන ඇත්තේ විශ්වාස් කුමාර් රමේෂ් නම් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්
මෙලෙස අනතුරට ලක්වුණේ අහමදාබාද්හි සර්දාර් පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපළ දක්වා පියාසර කරමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් බොයිං 787-8 ඩි්‍රම්ලයිනර් වර්ගයේ ගුවන් යානයක්.
එය ගුවන් තොටුපළෙන් ගුවන් ගතවී අඩි 800කට ආසන්න උසකට පැමිණිමෙන් පසුව එකවර පහළට වැටී ඇති බවයි වාර්තාවන්නේ. යානයේ ඇතිවූ කාර්මික දෝෂයක් අනතුරට හේතු වන්නට ඇති බවට ඉන්දීය ආරක්ෂක අංශ සැක පළ කරනවා.
අනතුරට පත්වීමට පෙර ගුවන් යානයෙන් හදිසි අනතුරු ඇඟවීමේ පණිවුඩයක්ද නිකුත් කර ඇති බව අහමාදබාද් ගුවන් පාලක මැදිරිය සදහන් කළා.කෙසේවෙතත් ඉන් අනතුරුව ගුවන් යානයෙන් කිසිදු තොරතුරක් වාර්තාවී නැහැ.
ඒ අනුව මෙම ගුවන් යානය අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල මේගානිගර් ප්‍රදේශයේ පිහිටි බී.ජේ. වෛද්‍ය විද්‍යාලයේ නේවාසිකාරගාර ගොඩනැගිල්ලක් මතට කඩා වැටුණා. එහි සිටි සිසුන් 04 දෙනෙකු ද මිය ගොස් 40කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවටයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.
ලන්ඩන් දක්වා පැය 10ක ආසන්න සෘජු ගුවන් වාරයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ගුවන් යානය තුළ අධික ඉන්ධන ප්‍රමාණයක් අන්තර්ගතවූ බැවින් විශාල ගිනිබෝලයක් ආකාරයෙන් අනතුරට පත්විමේදී දිස්වූ බවද වාර්තාවනවා.
යානය අනතුරට පත්වීමත් සමඟ ඇතිවූ විශාල ගින්නෙන් ප්‍රදේශය පුරා විශාල කලු පැහැති දුමාරයක් විසිරී තිබු අතර අනතුරට පත්වීමෙන් පසුව යානයේ බොහෝ කොටස් කැබිලි දැකගන්නට හැකිවුණා.